අප ඡන්දය දුන්නේ වෙන කිසිම අපේක්‍ෂකයෙකුට නොවේ.. ඔබටයි..- දහස් ගණන් ජනතාව ජනපතිගේ ෆේස්බුක් ගිණුමේ ලියති..

August 7, 2020 at 10:29 pm | lanka C news
අප ඡන්දය දුන්නේ වෙන කිසිම අපේක්‍ෂකයෙකුට නොවේ.. ඔබටයි..- දහස් ගණන් ජනතාව ජනපතිගේ ෆේස්බුක් ගිණුමේ ලියති..

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීම සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තුවක් පිහිටු වීමේ බලාපොරොත්තුව සාක්ෂාත් කරගත හැකි බව තමන් විශ්වාස කරන බව එහි දැක්වෙයි.

එම සටහනට ප්‍රතිචාර දක්වමින් සමාජ ජාල පරිශීලකයන් විශාල පිරිසක් සඳහන් කර ඇත්තේ මෙවර මැතිවරණයේදී ඡන්දය ලබා දුන්නේ වෙනත් කිසිදු අපේක්ෂකයකුට නොව ජනාධිපතිතුමනට බවයි.

ජනාධිපතිගේ වැඩපිළිවෙළ සහ ක්‍රියා කලාපය අනුමත කරමින් ඔහුට රට හැදීම සඳහා මෙම ඡන්දය ලබාදුන් බවද ඔවුන් සඳහන් කර තිබේ.

පැය කිහිපයක් ඇතුළත එම සටහනට ලැබී ඇති දහස් ගණනක ප්‍රතිචාරවල මෙය සදහන්ව තිබීම විශේෂත්වයකි.

436 views

25 Comments to “අප ඡන්දය දුන්නේ වෙන කිසිම අපේක්‍ෂකයෙකුට නොවේ.. ඔබටයි..- දහස් ගණන් ජනතාව ජනපතිගේ ෆේස්බුක් ගිණුමේ ලියති..”

  1. බුද්ධානුබාවෙන සිත් නෙත් පහන්වී
    මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
    නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
    හෙළ දෙරණ ජන ජයතු ! ජය මංගලානී !!!!!

    හෙළ දෙරණ ජනපතිඳු ……ජය මංගලානී !!!!!
    මැතිසබයට පත්වූ සියලු මැතිදුනි ! අශෝක රජුගේ උදාන පාඨය වන “සියලු රට වැසියෝ මාගේ දරුවෝය ” අනුව යමින්
    ජනතා සේවයේ යෙදෙනු මැනවි.

    ජය ධරණී!

  2. BANGOYYA says:

    හමුදාව් 3000ක් මැරුවා කියලා පුරසාරම් දොඩපු එකයි, ඌට ඒකට සහයෝගය දීපු එකයි, සහරාන්ලාට පඩි ගෙවපු එකයි, සහරාන්ල ගහන බව දැනගෙන මොකුත් නොකර රට්න් පැනල ගිය එකයි, මිනිහෙක් මරල එල්ලුම්ගස් ගිය එකයි, එතනෝල් මුදලාලිලයි, කුඩු ජාවාරම් කාරයොයොයි පාර්ලිමෙන්තු යැව්වෙ අන්තවාදීන්ගෙන් රට බේරගන්න කියලා බයියො කියනව. රට බේරෙයිද?

    • PANGOKAYA says:

      Oya Issella Minissunta Katha karanna igena ganna.oya kohomada porak wenne anith minissu pahath karala.oya porakda?api nam dan ne.oya chande dunne minissu 300 marapu ayatada nath nam 65000 marapu ayatada?

  3. MD says:

    සමාජ ජාල පරිශිලනය කරන්නේ රට වැසියාගෙන් අබ ඇටයකට සමාන පිරිසක්.ඵ්ක රටේ මතය නොවෙයි. ගෝඨාභය ජනපති කෙනෙක් කොහිද මහින්ද රාජපක්ෂ නැමැති සද්දන්ත මිනිසා නොමැතිව.ගුණමකු නොවෙමු මම.

  4. clement says:

    This Mandate given to Mahinda Rajapaksha..to be a Prime Minister. Don’t mixed up two mandate. Without parliament president cant run the country. President is responsible for Parliament.

  5. THILAK says:

    this mandate for president gotabaya mahathata

  6. Jagath Hettiarachchi says:

    අපි ඡන්දය දුන්නේ ගෝඨාභය නායකයා ටයි කියා කියන එක කවුරු හරි නාමල්ට පෙන්නපංකො.
    පොඩි මිස්සංඩෙස්ටෑංඩිං එකක ඉන්නෙ ඩෑල් එක.

Main News