අප දිවි පුදා රට නිදහස් කළේ අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩයට හොරකම් කිරීමට හෝ කුඩු ජාවාරම් කිරීමට නොවේ.. අවසන් සටනට සූදානම්..

April 2, 2019 at 8:40 am | lanka C news
අප දිවි පුදා රට නිදහස් කළේ අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩයට හොරකම් කිරීමට හෝ කුඩු ජාවාරම් කිරීමට නොවේ.. අවසන් සටනට සූදානම්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිත්වය දරණ වියත්මග සංවිධානය විසින් පවත්වනු ලබන ‘රට සහ හෙට’ සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු වැන්න බියගම සනාරා පිළිගැනීම් ශාලාවේදී පවැත්විණි.

මෙම සම්මන්ත‍්‍රණයේදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පල කල අදහස් මෙසේය.

රට ගැන හැඟීමක් තිබෙන හමුදා නිලධාරීන්ට කකියන ලේ තිබෙනවා. අපි රටේ වසර තිහක් තිස්සේ පැවති යුද්ධය කෙටි කාලයකින් අවසන් කළා. වසර තුනකට අඩු කාලයකදී යුද්ධය අවසන් කරන්න හමුදා සාමාජිකයන් පන්දහසකට අධික පිරිසක් ජීවිතය පූජා කළා. තවත් විසිපන්දහසකට අධික පිරිසක් තුවාල ලැබුවා. එහෙම කළේ ඉදිරි පරම්පරාවට ගෞරවාන්විත ලෙස රටේ ජීවත් වීමට පරිසරය සකස් කිරීමටයි. ඒ සත්කාරය කිරීමට කැප කළ විශාල පිරිසක් තවමත් ඇඳන්, රෝද පුටු උඩ ඉන්නේ. අපි අපේ තරුණ ජීවිතයෙන් බහුතරයක්ම කැප කළේ ත‍්‍රස්තවාදීන් සමඟ සටන් කිරීමටයි. අපේ සෙබළුන් මුළු තරුණ ජීවිතය කැපකළේ එදා ප‍්‍රභාකරන්ට උණ්ඩයෙන් ලබා ගැනීමට නොහැකි වූ ඊළාම් රාජ්‍යය ඔබේ ඡුන්දයෙන් බලයට පැමිණි අයට ලබා දෙන්න නෙමෙයි.

සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් කියන ජාතීන් අපේ රටේ ජීවත් වෙනවා. නමුත් ඒ ජාතීන් පස්සට ගිහින් අද ඉන්නේ ජාතීන් දෙකයි. ඒ තමයි මවුබිමට ලැදි ජාතීන් හා මවුබිමට ද්‍රෝහීන් කියන ජාතියයි. එද මෙතැන ඉන්නේ මවුබිමට ලැදි ජාතියක්. මේ රජය සංහිඳියාවේ නාමයෙන් ඩයස්පෝරාව සමඟ එකතු වෙලා දෙමළ ජාතික සන්ධානයේ වුවමනාවට අනුව කටයුතු කරනවා. අපි එදා ලබාගත් නිදහස අහිමි කිරීමට කිසිවකුටත් ඉඩ දෙන්නේ නැහැ.  එක ජාතියකට වැඩි බලතල දුන්නාම අනිකුත් ජාතීන්ට කළකිරෙනවා. අද වාමාංශික යැයි කියන ජවිපෙ සමාජය කෙරෙහි වෛරය වපුරනවා. නමුත් ඔවුන්ට විරුද්ධව කිසිවෙක් පියවරක් ගන්නේ නැහැ.

උතුරු පළාත් සභා හිටපු මන්ත‍්‍රී ශිවාජිලිංගම් ජිනීවාවලදී අපේ නියෝජිත කණ්ඩායමකට තර්ජන එල්ල කළා. රට දෙකඩ කඩන්න ඔබට වඩා බොහොම බලගතු පුද්ගලයෙක් ආවා. අපි පාමංකඩ හරහා අලිමංකඩ, කිළිනොච්චිය හරහා නන්දිකඩාල්වලදී 2009 දී ප‍්‍රභාකරන්ව නැත්තටම නැති කළා. රටට ආදරය කරන අපේ හුස්ම තිබෙනකම් මේ රට දෙකඩ නෙවෙයි හතරකඩ කඩන්න හදන සිහිනය සැබෑ කරන්න ඉඩ දෙන්නේ නැහැ.

මවුබිම තස්ත‍්‍රවාදයෙන් බේරා ගැනීමට කටයුතු කිරීම වරදක් නම් වැලිකඩ නෙමෙයි  ඕනෑම හිරගෙදරක ගත කරන්න අපි ලෑස්තියි. රටට මෙතරම් සේවයක් කළ වරදට අන්තර්ජාතික සහ දේශීය වශයෙන් මෙවැනි රණවිරු දඩයමක් කිරීම සාධාරණද? පාවාදීම් ගැන අපි හොඳට දන්නවා. අතීතයේ වූ හොඳම පාවාදීම තමයි වත්මන් රජය ජිනීවාහිදී කළා. ජිනීවා යෝජනාවලට එදා අපි සමඅනුග‍්‍රහය දැක්වූවා. එදා කළ දුෂ්ඨ ක‍්‍රියාව මේ පාරත් කළා. විදේශ විනිසුරුවන් මෙරටට ගෙන ඒමට කටයුතු කිරීම වත්මන් රජය කළ විශාලතම පාවාදීමයි.

අපි මේ රට නිදහස් කළේ රට ස්වයංපෝෂිත කරන්නටයි. එහෙම නැතිව අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩයට හොරකම් කිරීමට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට නෙමෙයි. දැන් අපට එළැඹ තිබෙන්නේ අවසාන අවස්ථාවයි. ලබන දෙසැම්බර් වන විට පැවැත්වීමට ජනාධිපතිවරණයේදී රටට හොඳ නායකයෙක් අවශ්‍යයි. රටට ආදරය කරන, මනුස්සකම හඳුනන නායකයෙක් අපේ රටට අවශ්‍යයි. අපේ අනාගත පරපුර ගැන සිතා නිවැරදි තීන්දුවක් ගත යුතු කාලය එළැඹ තිබෙනවා.

– Viyathmaga Media

33,946 Viewers

12 Comments to “අප දිවි පුදා රට නිදහස් කළේ අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩයට හොරකම් කිරීමට හෝ කුඩු ජාවාරම් කිරීමට නොවේ.. අවසන් සටනට සූදානම්..”

  1. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    සියළු හමුදා නිළධාරීන්, මහජනතාව සහ දේශපාලනඥයින් මෙම යුද්ධය අවසන් කිරීමට විශාල කැපකිරීමක් කළා. එය අගය කළ යුතුයි.
    යුද්ධය අවසන් කළාට යුද්ධයට හේතුවූ ප්‍රශ්න තවම පවතිනවා.
    මෙය විසඳීමට⁣ දේශපාලන විසඳුමක් අවශ්‍යයි.
    යුද්ධය පැවැති සෑම රටකම එය විසඳුනේ එලෙසයි. කමල් ගුණරත්න මහතා තමුන්ගේ රහසිගත දේශපාලන අරමුණ පසෙකලා කටයුතු කළොත් හොඳයි. දේශපාලන වෙිදිකාවල කතා නොකළ බොහෝ යුධ වීරයින් ශ්‍රීලංකාවෙි සිටිනවා.

    • ජෙපි දර්ශණය says:

      රනිල් හාමුයි, ඇලෝසියස් හාමුයි කරපු බැංකු හොරකමේ පාඩුව පියවන්න වහල්ලුන්ගෙන් හැම දේටම බදු ගහනවා.
      මේ ගැන රතු සහෝදරයින්ගේ අදහස දැන ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයට ගොස් රතු සහෝදරයින් හමුවන්න.

      • හැකහැක says:

        මහින්දහාමුයි රනිල් හාමුයි හොඳ ගජ මිතුරෝ….

  2. Kandy says:

    ලංකාවේ හමුදාව යනු මෙරට ආක්‍රමණය කර ගේ-දොර කුඹුරැ ගිනි බත්කර ලක්ෂ ගනන් මිනිසුන් ඝාතනය කර යටත් කල බ්‍රිතාන්‍යය හමුදාවට වෙස් මුහුණක් පලදවා පිලියල කල හමුදාවකි.
    මේ හමුදවේ වීරයන් ආක්‍රමණික බ්‍රිතාන්‍ය හමුදාවේ වීරයන්මය.මේ හැම උසස් නිලධාරියෙක්ම එංගලන්තය හා අනෙකුත් බටහිර ඇකඩමිවලින් පිටවූ අයය.මේ හැම නිලධාරියෙක්ටම බටහිර සමග සෘජු සම්බන්ධතා ඇත.පුරවැසිකම ඇත.ඔවුන්ට අවසන් සටන ඇත්තේ එංගලන්තය සමග එකතුව මේ රටේ පොදු ජනතාවට එරෙහිවයි.ලංකාවේ ජනතාව මේ මොහොතේ එංගලන්තයේ නව යටත් විජිතභාවයෙන් මිදීමට ආසන්නය.අවසන් සටන කුමක්ද කා සමගද කියා බුද්ධිමත් ජනතාව වටහා ගත යුතුය.

  3. Kandy says:

    එංගලන්තය විසින් ශ්‍රී ලංකාව නම් වූ තම යටත් විජිතය තුල තමන්ගේම හමුදා දෙකක් යොදා ගෙන අවුරැදු 30ක් තිස්සේ මේ රට තුල ගෙන ගිය ජනසංහාර යුද්දය පිලිබඳ සත්‍යය දැන් එලිවෙමින් පවතී තම ඇකඩමි වල රජයේ හමුදා නිලධාරින් පුහුණු කල බටහිර රටවලම රහසිගත තැන් වල කොටි ත්‍රස්තවාදීන්ව පුහුණු කෙරිනි.පාර්ශව දෙකම නිශ්පාදනය එකම තැනකිනි.
    මේ අවුරැදු 30ක යුද්දය යොදාගෙන බටහිර විශාල වශයෙන් අවි ආයුද අලෙවි කල අතර එම හමුදා දෙකට බදවා මෙරට තරැණ තරැණියන් ලක්ෂ ගනනක් මරා සිවිල් ජනතා ජීවිතද විශාල ප්‍රමාණයක් නැති කර මහා දේපල හානියකද කලා.මෙය වෙල්ලස්ස 2 සංහාරය ලෙසද සැලකිය හැක.
    මෙවන් පසුබිමක අප මිත්‍රයන් වන රැසියාව චීනය සෘජුවම මැදිහත් වී මේ ජන සංහාර යුද්දය නවතා දැමූහ.මන්ද එම යුද්දය ලෝක ආරක්ෂාවටද තර්ජනයක් වූ හෙයිනි.යුද්දයේ අවසන් දින කීපයේදී ජයගුහණයට බදාවක් විය හැකි සියලුම පුද්ගලයන් රටින් ඉවත්කර තැබීමේ සැලසුමක්ද විය.ඒ අනුව ජනාධිපති,හමුදාපති,ආරක්ෂක ලේකම් යන කිසිවෙක් රටේ නැති මොහතක සියල්ල අවසන් විය.සත්‍යය එයයි.

    • True Patriot says:

      Kandy thank you very much for this valuable piece of analysis.It sheds light on something covered so far.

  4. Crazy says:

    True. Well said and well done

  5. Love nature says:

    සතන් සෙත් බිම මගේ ..
    මවුබිම ලොවේ, පින් බිම තුන් හෙළේ..

    වසර දශ ලක්ෂයක සිට එයි මහා ජාතිය සිංහලේ…
    ලොවට සෙත සැදු දුකට පිහිටයි අමා ධර්මය මේ හෙලේ

    ගතේ රුධිරය බලන් කකියයි
    මෙහෙය නැහැ අමතක කලේ
    ආ……………

    ලොවේ කොතැනක සිටි නම් නුබ අසාපන් සිංහල පුතේ
    පුරාණේ සිට දෙරණ රකිනට
    නුබේ පරපුර දිවිහලේ
    දකින සැම තැන වෙහෙර විය
    එය අපේකම රකිනා බලේ

    වරෙන් මිස දුටු බලය බිදලා රකින්නට තුන් සිංහලේ..

    ලොවේ මනුසත් උයනේ මහගෙය ඉන්දු සයුරේ මුතු ඇටේ
    සිංහ ධජයේ කගදී නරසිහ මාර සටනය බෝ මැඩේ

    එහෙව් දීපය මගේ ලංකා මව්නි දිව්රම් හද මෙසේ

    කෙළක් පරයන් මරා ගෙන හෝ දැයට පණ දෙමි සිංහලේ…

  6. sam says:

    ow ow..rajapaksala witharak horakam kalata kamak naha….ara private school eke thathata penna lamayawa harrase kare oba thumane…neda..thirisan gathi….

  7. Love nature says:

    ගිය ගිය තැනදි ජාතික හෙණ හඬම තලව්
    සිය ගත රුහිරු ලක්බිම තෙම තෙමා හෙළව්
    එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
    දිය දද දියත නංවනු බැරි මොකද බොලව්

    සහන ලැබෙන තුරු ලංකා දීපයට
    ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
    නහන රුපුන් නහමින් යමි ඉදිරියට
    මහණ කමත් බණ දහමත් එයයි මට
    මහින්ද හිමි

  8. Dp says:

    ලොවක් වටිනා රජවරු වැනි අපේ විරුවෝ

Main News