අබාධිත රණවිරුවෝ විරෝධය දැඩි කරති.. කොළඹ පාරවල් වැහේ.. පෙන්ෂන් නැතොන් පිටකොටුවේ මියෑදෙන්න සූදානම්..
November 7, 2016 at 11:20 am | lanka C news
කොළඹ පිටකොටුව ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇති වී තිබේ.
මේ වන විටත් ගාලු මුවදොර පිවිසුම අසල ඇති ලෝටස් මාර්ගය වසා දමා ඇත.
අබාධිත රණවිරුවන් පිරිසක් විසින් විරෝධතාවයේ නිරත වන්නේ තම විශ්රාම වැටුප ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පල කරමිනි.
මේ වන විටත් ආබාධිත රණවිරුවන් පිරිසක් දින කිහිපයක් තිස්සේ මාරාන්තික උපවාසයක නිරත වන අතර ඊට සහය පල කරමින් මෙම විරෝධතාව පවත්වයි.
32 views