අබුඩාපි පිපිරීමකින් ලාංකිකයෙකු මිය යයි..

February 6, 2020 at 8:02 am | lanka C news
අබුඩාපි පිපිරීමකින් ලාංකිකයෙකු මිය යයි..

අබුඩාබි වලදී ගෑස් සිලින්ඩරයක් පුපුරා මිය ගිය අයගේ සිරුර ඉතා ඉක්මනින් ලංකාවට ගෙනැවිත් දෙන්නැයි මියගිය අයගේ මව සහ බිරිඳ ඉල්ලා සිටිති.

මෙසේ මිය ගොස් ඇත්තේ  කොස්ගොඩ හෑගල්ල අංක 169 හි පදිංචි නාමල්මුණි ජනිත මධුෂාන් ද සිල්වා (26) නමැති විවාහකයෙකි.

මේ ගැන වැලපෙන ඔහුගේ බිරිය වන දුලානි වාසනා මහත්මිය (24) මෙසේ කියා සිටියාය.

අපි දෙන්නා විවාහ වුණේ මීට මාස තුනකට ඉහත දී එනම් 2019 නොවැම්බර් හය (06) වැනිදා. බිස්නස් කර කරයි හිටියේ. මමත් ගාමන්ට් එකකට යනවා. ගෙයක් හදා ගන්න කියලයි, මහත්තය රට ගියේ. පසුගිය පළමුවැනිදා සවස එක හමාරට විතර වීඩියෝ කෝල් එකකින් මට කතා කළා. මම ඒ වෙලාවේ වැඩ කරමින් හිටියේ. ඒ වෙලාවේ හොඳට කතා කළා. රෑ වැඩ නිසා දවාලට නිදා ගන්නවා කියල කිව්වා.

මම වැඩ ඇරිල ඇවිත් සවස හය හමාරට විතර ජනිත්ගේ ෆෝන් එකට කතා කළත් කතා කළේ නැහැ. රෑ අටහමාරට විතර ජනිත්ගේ ෆෝන් එකෙන් යාඵවෙක් කතා කරල කිව්වා පිච්චිලා  ජනිත්ට පොඩ්ඩක් තුවාල වෙලා හොස්පිටල් එකේ කියලා. පසුව කතා කළත් කවුරුවත් ආන්සර් කළේ නැහැ. අපිට මුකුත් විස්තරයක් දැනගන්න බැරිවයි හිටියේ. එක්කෙනෙක් ජනිත්ගේ ෆෝන් එකෙන්ම කතා කරල කිව්වා  එයාට ටිකක් අමාරුයි, හොස්පිටල් එක මාරු කළා කියල.

ඊට පස්සේ අපිට කිසි තොරතුරක් දුන්නේ නැහැ. ජනිත් වැඩ කරපු කොම්පැනියේ ඉන්දියන් මැඩම් කෙනෙක් කතා කරල කිව්වා හොඳින් ඉන්නවා බය වෙන්න එපා කියල. අපි බලාගන්නවා  කියල කිව්වා. හරි තොරතුරක් නැති වුණාම ජනිත්ගේ මාමා කෙනෙකුගේ දුවක් අබුඩාබි වල ඉන්නවා. එයාට කිව්වම එයා හොස්පිටල් එකට ගිහින් බලල ඇවිත් කිව්වා ජනිත්ට අමාරුයි කියල. අද (05)උදේ එකොළහමාරට විතර කතා කරල එයා කිව්වා ඊයේ (04 වැනිදා) මැරුණා කියල. ඒ ආරංචිය හැරෙන්නට වෙන කිසිම තොරතුරක් ඇත්තේ නැහැ.

ජනිත් රට ගියේ ඒජන්සියකින් නොවෙයි. යාෙඵවෙකුගේ මාර්ගයෙන්. මේ ගමන යනවට අපේ කිසිම කැමැත්තක් නැහැ. අපි එපයි කියද්දීයි ගියේ. බාධා වෙවී ගියේ. එයාර්පෝට් ගියපු වෑන් එක මගදි කැඩිල වෙන වෑන් එකකින් ගියේ. ප්ලයිට් එකත් වැරදිලා පසුවදා වෙන ප්ලයිට් එකකින් ගියේ. ජනිත්ගෙ අතින් ගින්නකට පැට්‍රල් දමන්න ගිහින් පිච්චුණා කියලයි මුලදී කිව්වේ. ගෑස් සිලින්ඩරේ පිපිරිලා මැරුණ කියල අපේ ඥාතියා කියන තුරු කවුරුවත් කිව්වේ නැහැ. පොලීසියට ගියාම විදේශ සේවා නියුක්ති කාර්යංශයට යන්න කිව්වා. අපේ මහත්තයගෙ සිරුර හැකි ඉක්මනින් ගෙනැවිත් දෙන්න කියල ඉල්ලා සිටිනවා යැයි ද කීවාය.

– ජයකාන්ත ලියනගේ

21,981 Viewers

One Comment to “අබුඩාපි පිපිරීමකින් ලාංකිකයෙකු මිය යයි..”

  1. sunimal says:

    මැදපෙරදිග වහල් සේවය වහාම තහනම් ක‍රන්න

Main News