අභයදානය ලැබු අටමස් ගැබිණි එළදෙනක දඩයම් කරුවෙකු විසින් මරා දමයි..

December 29, 2020 at 8:40 am | lanka C news
අභයදානය ලැබු අටමස් ගැබිණි එළදෙනක දඩයම් කරුවෙකු විසින් මරා දමයි..

අභයදානය ලැබු අටමස් ගැබිණි එළදෙනෙකු දඩයම් කරුවෙකුගේ වෙඩි පහරකින් මිය යෑමේ ශෝචනිය පුවතක් අද 28 හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයේ හරංකහව ගම්මානයෙන් අසන්නට ලැබුණි.

හෙම්මාතගම හරංකහව ප‍්‍රදේශයේ ප‍්‍රදේශයේදි මෙම ගවයා මිය ගොස් ඇත්තේ ඊයේ 27 මධ්‍යම රාත‍්‍රීයේදිය. එම ප‍්‍රදේශයේ පුරන් කුඹුරක ගවයා බැද සිටියදි ඒ අවට ප‍්‍රදේශයේ දඩයමේ ගිය දඩයක්කරුවෙකුගේ වෙඩි පහරකින් සතාගේ වම් කම්බුල ප‍්‍රදේශයට සිදු වු දරුණු වෙඩි පහරක් හේතුවෙන් මෙලෙස ගවයා මිය ගොස් තිබුණි. රාත‍්‍රීයේදි වෙඩි ශබ්දයක් ගම්මුන්ට ඇසි ඇති අතර දඩයමේ යන පුද්ගලයන් සිටින හෙයින් එම ශබ්දය ගැන වැඩි සැලකිල්ලක් ප‍්‍රදේශවාසින් නොදක්වා ඇත. නමුත් ගවයාගේ අයිතිකරුවා විසින් ගවයා බැලිමට එම දිනයේ දහවල් ඒ අසලට ගිය පසු ගවයා බිම පතිත වි සිටි අතර සතා පරිකෂාවට ලක් කිරිමේදි කම්බුලට වැදි තිබුණි වෙඩි පහර දැක ඒ පිළිබඳව හෙම්මාතගම පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබුණේ එම දින රාත‍්‍රීයේ ඇසුණු වෙඩි පහර ශබ්දයෙන්ද පැමිණිල්ලේ සඳහන් කරමින්ය.

පසුව පොලිසිය ගොස් අදාල ස්ථානය පරික්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව 28 වැනි දින එම ස්ථානයේ පරික්ෂණයක් සිදු කිරිමට පංශු වෛද්‍යවරයෙකුට භාර කරන ලදි. ඔවුන් විසින් සතාට සිදු වු දරුණු වෙඩි පහරකින් සතා මිය ගොස් ඇති බව සොයා ගත් අතර සතාගේ මොළය ප‍්‍රදේශයේ තිබි වෙඩි උණ්ඩ කිහිපයක්ද සොයා ගන්නා ලදි. එමෙන්ම සතාගේ උදරය ප‍්‍රදේශයේ කරන ලද සැත්කමකින් පසුව අටමස් ගැබ් ගත් එළදෙනගේ පැටවා එහි සිටි පරික්ෂක කණ්ඩායමට මෙන්ම පොලිසිය ඇතුලූ පිරිසට දැක ගත හැකි විය.

මිය ගිය එළදෙන මිට අවුරුදු අටකට පමණ පෙර ගව ඝාතකාගාරයකට ගෙන යමින් සිටියදි තම පුතුගේ අසණිපයක් සුව කර ගැනිමේ අරමුණින් සතාට අභයදානය ලබා දි ඇත්තේ ගිනිහප්පිටිය ප‍්‍රදේශයේ පදිංචි ඩි.ජි.සම්පත් ධනසේකර යන අය විසින්ය. හෙම්මාතගම ප‍්‍රදේශයේ ඇති එරමිණිගම්මන විහාරස්ථානයේදි පොසොන් පොහෝය දිනක මෙම අභය දානය ලබා දිමෙන් පසුව හරංකහව ප‍්‍රදේශයේ පි.ජි අබේරත්න යන අයෙකුට භාර කර ඇත. ගවයා මිය යන විට පැටවුන් තිදෙනෙකු බිහි කර තිබුණු අතර සිව් වන පැටවා ලැබිමට සුදානම්ව සිටියදි මෙම අවසනාවන්ත සිදු විම වාර්තා විය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

14,318 views

4 Comments to “අභයදානය ලැබු අටමස් ගැබිණි එළදෙනක දඩයම් කරුවෙකු විසින් මරා දමයි..”

  1. Jepi buster says:

    මාක්ස්වාදී ජෙප්පෝ බලය අල්ලන්න මිනී මරනකොට ඔයිට වැඩිය හද කම්පා කරණ දේවල් කරා. දරු පවුල් තියෙන අම්මලා තාත්තලා ගෙවල් වලින් එලියට ඇදලා, දරුවෝ බලා ඉද්දි වෙඩි තියලා මැරුවා.

    මිනීමරු ජෙප්පො සෙට් එක දැන් චන්ද නැති පක්ෂයක් අටවාගෙන පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් මිනීමැරුම් නඩු වලින් බේරිලා ඉන්නවා.

  2. Alapaluwa says:

    මිනියක් මරන්න නැතහොත් පවුලක්ම සමුලාගථානය කරන්න දෙපාරක් සිතන්න බැරි කකුල්දෙකේ තිරිසනා මේ හරකෙක් ගැන සිතයිද? එතරමටම රටේ භාගයක් පමණ ජනයා තිරිසන් ගණයට වැටිලා සිටින්නේ.මේවට ඇතටම වගකිවයුත්තේ අපේම දේශපාලකයෝ ටික තමයි නැතිනම් මරණ දඩුවම ගෙනාවා කියා ගෙදර යන්න ප්‍රථම මත්ද්‍රව්‍ය කරුවෙක් එල්ලා මරණවා කියපු එකා අමු අමුවේ ඉස්ත්රියක් මර දම ජීවිතාන්තය දක්වා සිරගෙදර ගියෙකාව මදුලට නිදහස් කළේ කෝ මේවට කවුරුත් කථා නොකරන්නේ????කණගාටුයි රටගැන සිතන්න.

  3. sana says:

    paahara wasalaya….wedi wadilama mariyan…

  4. ITN 8 pass Nathi Haraka says:

    Me marala daala thiyenne Ape wargaye ganu sathek …! Mama saha ape sangamaye wiridhaya mulinmanprakasha karanawaa…!! E wagema me gana Yakada suda News Team eken vishesha wada satahanak karanawaa…! Mama Harsha dhananjaya Peris / saha/. Sudath rohanage eta mirikana kalu bhuoothayaa wana Anura Jayasekara / ITN apatha set eka

Main News