අභයාරාම බල කේන්ද‍්‍රය පොහොට්ටුව අතහරී… මුරුත්තෙට්ටුවේ හිමි විමල් වෙනුවෙන් පෙරට.. මහ ලේකම්ට ‘පිං මන්ත‍්‍රී කට වහගනු’ කියා දෙසති..

February 10, 2021 at 10:03 pm | lanka C news
අභයාරාම බල කේන්ද‍්‍රය පොහොට්ටුව අතහරී… මුරුත්තෙට්ටුවේ හිමි විමල් වෙනුවෙන් පෙරට.. මහ ලේකම්ට ‘පිං මන්ත‍්‍රී කට වහගනු’ කියා දෙසති..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පිං මන්ත්‍රීවරයකු බවත් ඔහුට ඇමති විමල් වීරවංශ මහතාට අත දමන්න එපා යයි යෝජනා කල නොහැකි බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

පසුව විවිද නම් දා ගත්තද මහින්ද සුලද නම් දරුවා ඉපදුනේ කලකට පෙර අභයාරාමයේදී මූලාරම්භයක් ලබා ගනිමින් බවත් උන්වහන්සේ පැවසූහ.

එම ආරම්භක අවස්ථාව සඳහා විමල් වීරවංශ මහතා ඇතුළු හතර පස් දෙනෙකු මූලිකත්වය ගත් බවත් උන්වහන්සේ පැවසූහ.

සාගර කාරියවසම් මහතාට පාර්ලිමේන්තු යාමට පවා ශක්තියක් ලබා දුන්නේ මහින්ද සුළඟ සහ පැවිදි හඬ විසින් මූලාරම්භය තැබූ එම ජන බලවේගය බව අමතක නොකරන්න උන් වහන්සේ කියා සිටිති.

මේ ආකාරයේ සදාචාරාත්මක නොවන කටයුතු සිදු කළහොත් ඊට විරුද්ධව කටයුතු කිරීමට සිදුවන බව උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ මේ බව සඳහන් කරන ලද්දේ භයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහජනතාවගේ පීඩාවන් දුෂණ වංචා ගැන නිරන්තරයෙන් පෙනී සිටින ලෙසත් ඒ සදහා තමන් වහන්සේ දිගටම සහයෝගය ලබාදෙන බවත් උන්වහන්සේ විමල් වීරවංශ මහතාට ද එහිදී කියා සිටියහ.

108,642 views

21 Comments to “අභයාරාම බල කේන්ද‍්‍රය පොහොට්ටුව අතහරී… මුරුත්තෙට්ටුවේ හිමි විමල් වෙනුවෙන් පෙරට.. මහ ලේකම්ට ‘පිං මන්ත‍්‍රී කට වහගනු’ කියා දෙසති..”

  1. Mark Anandappa says:

    These Monks never talk about the suffering the people are undergoing now- The SLPP should appoint this Monk as its Spokesman –

  2. සිංහල බණ්ඩා says:

    මේ ගනයා බන කීම හැර අනිත් හැම දේම කරයි. නර්ස්ලා සමග වර්ජනද කරයි. මූ සිවුරක් දාගෙන ඉන්නෙ ඇයි.

  3. Athula says:

    මෙහෙම තමයි එකට එක්වි් මංකොල්ල කෑවට බෙදාගන්න කොට මරාගන්නව තන්හා ජායති සෝකෝ කියල බුදුබනේ තියෙනව..

  4. Sharm says:

    බාගෙන කන්න තියෙන වල ඉහගෙන කෑවනේ.. දැන් ඉතින් වමාරන හැටි තමයි අපි බල්ං ඉන්නෙ.. ලන්කාවෙ හරක් 68ලක්ශයක් හිටියට බයියන්ටයි ටොයියන්ටයි අමතරව තව අය ඉන්නව.. හොඳේ..

  5. රන්බණ්ඩා says:

    මේ කාලකණ්නි වසල ආණ්ඩුව යූ එන් පී එවුන්ටත් වඩා පජාතයි බොලව්.
    මුන්ගේ අවසානයේ ආරම්භය ඊයේ කොරෝනා මලකඳන් වලදැමීමත් එක්කම පටන් ගත්තා.
    හපොයි දෙයියනේ…ජය ශ්‍රී මහා බෝධියේ හා උතුම් දළදාව ඉදිරියේ නලල ගසා දිවුරූ මහ එවුන් දැන් කෝ බොලව්.
    මුන් මකබෑවිලා හැඳිගෑවිලාම යන්න තව ටික දවසයි.
    ජනතාවනි, පුරුදු විදියටම ඉවසපල්ලා.

Main News