අභයාරාමයේ මාධ්‍ය හමුවක්.. විජේදාස ආණ්ඩුවේ පළු අරී.. මිනී කදු ගොඩගැහෙයි කියයි..
April 15, 2021 at 6:20 pm | lanka C news
කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය ලබාදුන්නේ ගිවිසුමක් මගින් වන අතර වරාය නගරය පනතක් හරහා චීනයට පවරාදෙන්නට යාම හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානක එකක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය විකුණද්දීත් තමා එයට විරුද්ධ වූ බව කී රාජපක්ෂ මහතා එහි එක් ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය නැත්තනට නැති වූ බව ද කීවේය.
විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
” අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.
දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.
නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද මෙහිදී අදහස් දැක්වීය.
– lankadeepa
විජේදාස සහර ඒවා බොරු කියනවා. PCA පනත කිසිම අඩාලාත්වයක් නෑ. තේ කෝප් පේ කිඹුලෝ දකිනවා.
උසි උසි බල්ලෝ… කියලා උ අපිව උසි ගන්නනව
විජේදාස රාජපක්ෂ මතාණෙනි ඔබ තුමා මේ රටට ආදරය කරන කෙනෙක් බව අපි දන්නා මුත් සමහර අවස්තාවලදී ඔබගේ මතයට අපට එකගවෙන්න බැහැ. ලංකාවේ ජනාධිපතිට පවා ආණ්ඩුක්‍රම වියවස්තාවට ඉහලින් යන්න බැහැ . වරාය නගරයට ගෙනඑන පනත පිලිබදව එකගවෙන්න බැරිනම්, එයින් ආණ්ඩුක්‍රම වියවස්තාවේ වගන්ති කඩ වෙනවානම් ඔබතුමා කලයුත්තේ ශ්රේස්ටාධිකරණයට පෙත්සමක් යොමුකර එය ඔප්පුකර පෙන්වීමයි. එක පක්ෂයක sita එම පක්ෂයේ නායකයා විවේචනය කිරීම සුදුසු නැහැ . බැසිල් රාජපක්ෂට අපෙත් කිසි කැමැත්තක් නැහැ. ඔහුට මේ රටේ නායකයා වෙන්න අප ඉඩතියන්නේ නැහැ. ඒ වගේම සජිත්ට මේ රටේ නායකයා වෙන්න ඉඩ තියන්නෙත් නැහැ
තවමත් අපේ රටේ මිනිස්සු රාජපක්ෂලා හරි කියන එක තමයි හෙනේ. මොන පක්ෂයක හිටියත් නායකයෝ වැරදි නං වැරදියි කය යුතුයි. හරි දේ තමයි මේ වැරදි පෙන්නලා, ඒ හේතුවෙන් පක්ෂයෙන් අයින් වෙන්න ඕනා. මූ රටට ආදරේ එකෙක් නෙවෙයි. මූ දෙපැත්ත කන ඩීල් කාරයෙක්. ලංකාවට හරියන්න ගෝඨා ඇතුලුව දැන් ඉන්න 225 ම වගේ මකබෑ වෙන්න ඕනෑ. ලඟදීම මේක චිංකාව වෙනවා.
ලංකාවෙ සාගර කළාපය අතුලත ඇති ගොඩබිම් වල අයිතිය වෙන කාටවත් උදුරා ගන්න පුළුවන්ද? හොං කොං වල ගුවන් තොටුපලත් එහෙම එකක්. එක්සත් අරාබි එමිර් වල දූප්පත් ගොඩ නගා හෝටල් හදානවා. අයිතිය කාගෙද? එහෙම් අයිතියේ නිසි බලයක් නැතිනම් ඒවාට නිසි නීති හදනවා මිස උඩ බලාගෙන කෙල ගසා ගන්නේ මොකද? වරාය නගරය 26 වෙනි පරිපාලන දිස්ත්‍රික්කය ලෙස රටට ඇතුලත් කිරීමට බැරිද? මේක හැමදාම එන එන රජය නවත්තමින් කරන්නේ පසු පසට ගමන් කිරීමයි.
මෙන්න නියම ඩීල් කාරයෝ එකතු වෙලා. එකෙක් පැත්ත බලලා මැස්ස ගහන එකෙක්. අනෙකා වාසි ප්‍රයෝජන බලා වැඩකරන එකෙක්. දෙන්නම රාජිත කියන පචයාගේ කණ්ඩායමේ. අපරාදේ කොළබ දිස්ත්‍රික්කයේ වටිනා චන්දය
අනේ මෝඩයෝ ඩුබායි ආදී සියළුම විශේෂ කලාප ඔහොම තමයි පාලනය වෙන්නේ.
නැත්නම් මොකාද ආයෝජනය කරන්න එන්නේ?
Dubai or UAE rules by great leader with vision Srilanka is rules by uneducated corrupted 225 heads. What we should expect.
69 lakshaye moda wahal bai tiyariya – Rajapakshala me rata vinasha kalata kam natha. Ath anith un kaloth eka maha deshadrohi kriyawaki.
සිංහල රටේ චීන කොලනි හැදුවොත් අපි මරාගෙන මැරෙනවා
methana pehedili wairay kiya hondata penewa – wijedasa b…a
මූ ඇමරිකන් රූකඩයක් !