අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව චම්පික ශ්‍රේෂ්ඨාධිකරණයට යයි…
March 30, 2022 at 2:14 am | lanka C news
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ බව කියන රිය අනතුරක් සම්බන්ධ නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනුකළ ප්රතිශෝධන අයදුම්පත අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම ප්රතිශෝධන පෙත්සම (29) සළකා බැලීම සඳහා මේනකා විජේසුන්දර සහ එස්.කුමාරන්රත්නම් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් කටයුතු කරගෙන යයි.
– Media unit
උඹ ඔය රෙනවකගේ සපත්තු ලෙව කෑවට… ලොකු පොඩි සෑම වරදක්ම වරදක් තමයි. මූ රිය අනතුරකින් පැනලා ගිහින් උගේ ඩැයිවර් ඒවල ඌ එලෙව්වා වගේ
ඔබ යට ඇඳුම් ඇඳගෙන සිටිනවාද? මට පරීක්ෂා කිරීමට අවශ්‍යයි