අභියෝගය භාරගෙන නීතිය-සාමය අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් වහා ජනාධිපතිවරයා යටතට පත් කල යුතුයි..

July 7, 2017 at 6:32 am | lanka C news
අභියෝගය භාරගෙන නීතිය-සාමය අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් වහා ජනාධිපතිවරයා යටතට පත් කල යුතුයි..

“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත බලයට පැමිණියහොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ එතුමාගේ දරු පවුලේ අයටයි ඒකට මුහුණ දෙන්න වෙන්නේ, ඒකට වෙන කිසි කෙනෙකු අල්ලන්නේ නැහ කියලා” පසුගිය කැබිනට් එකේදි ජනාධිපතිවරයා පැවසු බව අමාත්‍ය මහින්ද සමරසිංහ මාධ්‍ය සාකච්ඡාවකදි ප්‍රකාශ කලේය.

ඒ නිසා වසර දෙකහමාරක් ගත වි ඇතත් මහින්ද රාජපක්ෂ හා පවුලේ උදවියට විරුද්ධව තිබෙන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කිරීමේ ප්‍රමාදයක් තිබෙන නිසා ජනාධිපතිවරයා දුන් අභියෝගය ආණ්ඩුව භාරගෙන ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න නීතිය හා සාමය අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් ක්ෂණිකව පැවරීමට කටයුතු කල යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

වීඩියෝව මෙතනින්

47 views

12 Comments to “අභියෝගය භාරගෙන නීතිය-සාමය අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් වහා ජනාධිපතිවරයා යටතට පත් කල යුතුයි..”

  1. Podda says:

    Another tactic by RR
    UNP going to get revenge done thru My3

    Look at what MY3 said ” If Mahinda comes again I hv no where.Therefore they must be jailed.”

    They are to be jailed not for wrong doing but for keep they away from politics…
    This is bad

    • janaka says:

      ඈ මනුස්සයෝ රකින්න ඕනා පවුලද ? “මම ” ද රටද ? පිටරටක ජනපති කෙනෙක් ඔහොම කතාවක් කිව්වා නම් පහුවදාටම මිනිහට ඉල්ලා අස්වන්න වෙනවා .ඇයි දේශපාලකයෝ විශේහ්සයෙන් තමුන්ට පෙර රට ඉදිරියට දමියුතු නිසා .
      දැන් අපේ ජනාදිපති රට ගැන තැකීමක් නෑ රණවිරුවෝ හිරේ යනවා රට කොටියට යනවා බුදු දහම විනාස කරනවා හාමුදුරුවරු අත් අඩංගුවට ගන්නවා පන්සල් වල පෙරහැරවල් නවත්ත්වන්න සිදුවෙනවා රටේ භුමිය ඉන්දියානුවන්ට විකුනනවා ඒවා මුකුත් ගානක් නෑ
      එයාට තියෙන්නේ රාජපක්ෂ ආවොත් “මම :ඉවරයි එනිසා මොනවා හරි කරලා මෙයාව හිරේ දාන්න ඔන්න කියන මානසික භීතිය .
      ඕකට වෛදය විද්‍යාවේ කියන්නේ ෆොබියාවක් කියල .,
      මෙයාගේ ෆොබියා නිසා රට ජාතිය විනාස් වෙනවා .බොරු චෝදනා දාල මහින්දව හිරේ දන්නා හැදුවොත් රටේ මහජන කලබිමක් ඇවිල්ලා මුන් ඔක්කොමටම යන්න වේවි .

      • Amda says:

        කියල වැඩක් නෑ.

        පුද්ගලික එදිරිවාදිකම් සහ කෝන්තර නිසා විනාශ වූ රටක් විදියට ලන්කාව ඉතිහාස ගත වෙයි.

        රටේ ඉන්න බැරි උන් පල …අර සෝවියට් දේශය කාපු ගොර්බචොෆ් පැනල ගියේ ඇමරිකාවට.
        ඒ වගේ තොපි ඔක්කොම පල.
        මේ රට 21M ජනතාවට ඉතුරු කරලා.

  2. appa sira says:

    මට බයයි මම කරපු දේවල් වලට දඬුවම් ලැබෙයි කියල​. ඒක නිසා මහින්දව හිරේ දාල තියන්න ඕන​.
    මම හරී මෛත්‍රී සහගතයි.
    මාර තියරි. ලෝකෙටම එකයි.

  3. daham says:

    sirisenage ammage hayapaalaneda yako meka. saagala hari uththare dunna. thama neethiyata angili gahanne neha. thamange aathma gaurawaya thamanta watinawa. niladhareenta nidahasa deela thiyenne neethiyata anuwa wada karanna kiyalayi ethuma kiwwe. sirisenata gahapu kane paarak wage neda eka.

    sirisena kiyanne neethiya ballata daala mama mahindagen pali gannawa kiyana eka neda. oya wayirayama thamayi sirisenata vinasaya.

  4. shantha kuru says:

    urage malu age tiyala kapanawa kiyanne ekai = after this ranil has done what he wants through this fool

  5. හරකෙක් අසයි says:

    රකින්න ඕන පවුලක්ද​? පක්‍ෂයක්ද​? රටද​?

  6. bend to bend says:

    රටේ රාජ්‍ය නායකයා මෙසේ ප්‍රකාශ කිරීමෙන්ම ඔහු රට ගැන නොව සිය කුඨුුම්භ සංරක්‍ෂණය ගැන පමණක් සිතන කෙනෙකු බව රට වැසියාට ඒත්තු ගැන්වෙන්නේය​.මේ ඔහුගේම අදහස් නොව ඔහු බලයේ පිහිටුවා බළලුන් ලවා කොස් ඇට බෑවීමේ න්‍යාය අති සූක්‍ෂම ලෙස ක්‍රියාවට නංවන අදිසි හස්තයන්ගේ අදිසි බලපෑම් බව පැහැදිලිය​.දේශපාළණ බලය හා යටි මඩි ගැහීමේ ක්‍රමවේදය ඉදිරියට ගෙන යන්නට දේශපාළණයෙන්ම තෙම්පරාදු වූ පුද්ගලයකු හතර අතේ නමන්නට මේ අදිසි කණ්ඩායම් සමත් වී ඇත​.මඤ්ඤං වූ ජනතාවක් මඤ්ඤං කර බලය ලබා ගත්තා සේම බලයේ පිහිටුුවා ගත්තා වූ පුද්ගලයාද මඤ්ඤං කරන ක්‍රමවේදය දැන් ක්‍රියාත්මකය​.දෑසට පෙනෙන රාජපක්‍ෂලාට වඩා මිතුරු වෙසින් ඉන්නා බලවේගවලින් ජනාධිපතිවරයාට සිදුකරනා දෑසට නොපෙනෙන හානිය අති විශාල බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුය​.ඔව්හු අඟේ ඉඳන් කණ කෑමේ සරලම සරල ක්‍රමය භාවිතා කරමින් හිඳින බව කවුරු තේරුම් නොගත්තත් රට වැසියා තේරුම් ගෙන හමාරය​.ඉන් සිදු වන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රථිරූපය හානි වීම මිස අන් කිසිවක් නොවේ.

  7. ජසයා says:

    මම හිතුවේ විධායක ජනාධිපතිවරයෙකුට ඇමතිවරුන්ගේ විෂයන් තීරණය කරන්නට පුළුවන් කියලයි. දැනුයි දන්නේ එහෙම බැරි බව. විධායක ජනාධිපතිටත් බලතල ඇමත්වරු කැමැත්තෙන් දුන්නොත් පමණයි ගන්න පුළුවන්. එහෙම නැත්නම් බැහැ. අනේ අපොයි විධායක ජනාධිපති බලතල වලට ගිය කලදසාව…

  8. pp says:

    rata bera gath MR wath minisun paradduwa. rata kapo MY3 wa arassa karane monatada. anika rate arassawa misak pawulwala arassawa janathawata wadak naha. meyata dan barawela thiyenne MY3 rakina wadeda.

Main News