අභීත, අදීන තීරණය දන්වන්න ඇමති දිනේෂ් ජිනීවා සමුළුවට යයි..
February 23, 2020 at 3:50 pm | lanka C news
ජිනීවා නුවරදී හෙට (24 දා) ආරම්භ වන හතළිස්තුන්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සැසියට යෝජනා පහක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව 2015 ඔක්තෝබර් මාසයේදී 30/1 හා 2017 මාර්තු මස අංක 34/1 දරන යෝජනා හා ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය’ යනුවෙන් 2019 මාර්තු මස අංක 40/1 දරන සම්මත වූ යෝජනාවල සම අනුග්‍රහයෙන් ඉවත්වීම ප්‍රකාශ කිරීමටද නියමිතය.
ඒ වෙනුවට මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම පිළිබඳ චෝදනා විමර්ශනය කළ විමර්ශන වාර්තා, සමාලෝචනය කිරීම සඳහාත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කර රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත්කරන බව දැනුම් දීමට නියමිතය.
ප්රජාතන්ත්රවාදී හා නෛතික ක්‍රියාදාමය ඔස්සේ, විසඳී නොමැති ගැටලු නිරාකරණය කිරීම හා අවශ්‍ය තැන්හි ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවටද සඳහන් කිරීමට සැලසුම් කර ඇත.
මේ අනුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු දූත පිරිස ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවට සහභාගි වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධනගෙන් කළ විමසීමේදී ඇමැතිවරයා සඳහන් කළේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ එම යෝජනා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර ඇති නිසා සියල්ලන්ටම විවෘතව අදාළ යෝජනා, මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන බවය.
– aruna
ජයවේවා!! ජයවේවා!!! ශී ලංකා!!!!!
ඇමතිතුමනි ඔබ ජිනීවා යනවිට අඩුම තරමින් 25 දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් රැගෙන යන්ඩ. එසේ නොවුන හොත් අපේ අගමැති තුමාගේ සංකල්පයන්ට පටහැනියි .
Sagara…you are a donkey alright …but dont bray .
Sagarage ammath ewapan .25 — 26. wnaata kamak naha.
europaya me dawaswala seethlai unusu wentath puluwan.
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා සිය කනස්සල්ල පළ කරයි.
brave lions victory is always with you ! may the triplegem bless you and guide you correctly. jayawewa!
Nakiyata dan da oka mathak une…
All these developed countries are looking for ways to create problems in the developing countries by interfering internal affairs separating communities. What they want is create problems and sell some arms. Really they are not genuinely helping the countries they want some profit by helping the communities, money making idea. They are really not genuine. There are loopholes for making business with small countries. We have to analyse the situation well to see the sense of giving help.