අමතර කොටස් නෑ.. මගී බස් ධාවනය නතර වෙන්න ආසන්නයි…
June 30, 2022 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ වලට අවශ්‍ය ටයර් බැටරි ඇතුළු අමතර කොටස් හිගවීම මත පොදු මගී ප්‍රවාහන සේවය ඇණහිටීමේ අවදානමකට ලක්ව ඇති බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට අමතර කොටස් නොමැති වීම මත බස්රථ 1000 කට ආසන්න ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් වී ඇති බවයි.
ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් වෙළඳපොලේ අධික ලෙස මිල මිල ඉහළ යාම හේතුවෙන් ලංගමයට මිල දරා ගත නොහැකි වී ඇති බව ද හෙතෙම පැවසීය.
දැනටමත් මේ පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද හෙතෙම පවසයි.
ඉන්ධන අර්බුදය උග්‍ර තත්ත්වයට පත්ව ඇති මොහොතක පොදු ජනතාවගේ සියලුම අවශ්‍යතා සඳහා ගමන් බිමන් යාමට ලංගම බස් රථ භාවිතා කරන බැවින් අමතර කොටස් නැතිවීමෙන් මගී ප්‍රවාහන සේවය සම්පූර්ණයෙන්ම ඇන හිටින තත්ත්වයකට පත්ව ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔක්කොම නැ. මෙහෙම නෙව්ස් ලිව්වොත් රටම නැතිවේ. ඔගොල්ලො මෙහෙම නෙව්ස් ලියල පට්ට අතල් එකක් ගන්නවා වග්.