අමද්‍යප දිනය වෙනුවෙන් මංගලගෙන් අරක්කු යෝජනා

October 3, 2019 at 6:48 pm | lanka C news
අමද්‍යප දිනය වෙනුවෙන් මංගලගෙන් අරක්කු යෝජනා

සිංහලේ සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වර්ෂ 1989 අගෝස්තු මස 22 වනදා එවකට මුදල් අමාත්‍යවරයා වන ඩිංගිරි බන්ඩා විජේතුංග මහතා විසින් ලංකා ඉතිහාසයේ මුල් වරට සුරාබදු ආඥා පනතේ සුරාබදු නිවේදන අංක 572/6 යටතේ ගැසට් නිවේදනයක් අරක්කු සිල්ලරට විකිනීමට අදාලව පනවන ලදී . ඒ අනුව ආඥා පනතේ 14 වන වගන්තියේ සදහන් ප්‍රවාහන බලපත්‍රයක් නොමැති අවස්ථාවක ගෙනයා හැකි උපරිම අරක්කු ප්‍රමාණය ලීටර් 7.5කි.

එම ගැසට් පත්‍රය අනුව අරක්කු විකිණිය හැකි උපරිම ලීටර් ප්‍රමාණයද 7.5 ක් ලෙස දන්වා නියම කල අතර සන්තකයේ තබාගත හැකි අරක්කු ප්‍රමාණය පිලිබදව එහි සදහනක් නොවිණි .මෙම ගැසට් පත්‍රයේ විදේශීය මත්පැන් සම්බන්දයෙන් කිසිදු සදහනක් එවකට මුදල් අමාත්‍යවරයා සදහන් නොකිරීමට වගබලාගෙන තිබු බවද විශේෂයෙන්ම සදහන් කලයුතුමය .

වර්ෂ 2015 දෙසැම්බර් මස 31 වනදා වනතෙක් විදේශීය මත්පැන් සිල්ලරට විකිණීමේ උපරිම ප්‍රමාණය බලපත්‍රයක් නොමැතිව ගෙනයා හැකි ප්‍රමාණය පිලිබදව කිසිදු සදහනක් නියමාකාරයෙන් රජය විසින් පනවා නොතිබීම හේතුවෙන් විශේෂයෙන් බියර් කර්මාන්තකරුවන් තමන්ට රිසි පරිදි මද්‍යසාර ජාවාරම මෙහෙයවන ලදී .

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මද්‍යසාර ජාවාරම හේතුවෙන් රජයට සිදුවන පාඩුව අවම කරගැනීමට පිළියම් යෙදු අතර ඒ අනුව 2015/ 12/ 31දින අංක 1947/41 දරන ගැසට් පත්‍රය පළකරමින් විදේශ මත්පැන් ප්‍රවාහනය හා සිල්ලරට විකිණීමේ සීමාව ලීටර් 7.5ක් ලෙස නියමයක් නිකුත් කරන ලදී . රවී කරුණානායක අමාත්‍යවරයාද සන්තකයේ තබාගත හැකි විදේශ මත්පැන් ප්‍රමාණය පිලිබදව මෙම ගැසට් නිවේදනයේද සදහන් කලේ නැත. විදේශීය මත්පැන් යන්නට අරක්කු සහ රා හැර අනෙකුත් සියලු මත්පැන් වර්ග ඇතුලත් අතර විශේෂයෙන් බියර් විදේශීය මත්පැන් කාණ්ඩයට අයත් බව දක්වමින් ගැසට් නිවේදනයක් පවා පැනවීමට අමතක නොකරන ලදී . විදේශීය මත්පැන් කාණ්ඩයට විශේෂ කර දක්වමින් බියර් ඇතුලත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද්දේ කවුරුන් සනසාලිම වෙනුවෙන්ද ?

පැවැති අතිශය සාධනීය විදේශීය මත්පැන් විකිණීම බෙදාහැරිම හා සන්තකයේ රදවා ගැනීමට අදාළ සියලු අණ පනත් උඩුයටිකුරු කරමින් වත්මන් මුදල් අමාත්‍යවරයා බියර් නිෂ්පාදන සමාගම් නලවිම වෙනුවෙන් කයුතු කර ඇති අතර 2019-09-27 සුරාබදු නිවේදනය අනුව 2015/ 12/ 31දින අංක 1947/41 සුරාබදු නිවේදනය සම්පුර්ණයෙන් අවලංගු කොට විකිණීම ප්‍රවාහනයට අමතරව පුද්ගලික පාරිභෝජනය , භාවිතය සදහා ලග තබාගැනීම වැනි බරපතල ගනයේ යෝජනාද ඇතුලත් කර උපරිම තොග සීමාව ලීටර් 80 ක් දක්වා වැඩි කරන ලදී .

පසුගිය කාලය පුරා බියර් සමාගම් සනසමින් අලුතින් අරක්කු නිෂ්පාදනාගාර වලට හොර රහසේ නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට කටයුතු කරන මංගල සමරවීර අමාත්යවරයාට සුරාබදු දෙපාර්තුමේන්තුවේ නීති හා අපරාධ අංශයේ දුෂිත නිලදාරියකු වන කපිල කුමාරසිංහ යන අය විසින් සියලු තාක්ෂණික පහසුකම් සපයන බවට තොරතුරු ලැබී තිබේ .

ඉදිරි කාලයේදී ඩිංගිරි බන්ඩා විජේතුංග මහතා විසින් 1989 අගෝස්තු මස 22 සුරාබදු නිවේදන අංක 572/6 යටතේ ගැසට් සංශෝදනය කර අරක්කු සදහා වන සිල්ලරට විකිනීම හා ප්‍රවාහනයට අදාළ ලීටර 7.5 සීමාව ලීටර 80 දක්වා වැඩිකිරීමට අවශ්‍ය පිබුරුපත් හා යෝජනා මේ වනවිටත් සැකසෙමින් ඇත.

විදේශීය මත්පැන් සදහා වන රෙගුලාසි සංශෝධනය වීමෙන් ලීටර 7.5 සීමාව ලීටර 80 දක්වා ඉහල යාමෙන් මද්‍යසාර වෙළදපල පුළුල්වන අතර , අරක්කු සදහාද ඉදිරියේදී මෙම පහසුකම් සැලසීමෙන් මද්‍යසාර සදහා නවකයන්ගේ යොමුවීම ඉහල ගොස් සමාජ ගැටළු රැසකට රට මුහුණදීමට සිදුවනු ඇත .

ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිධානය – ජාතික සංවිදායක

25,018 Viewers

10 Comments to “අමද්‍යප දිනය වෙනුවෙන් මංගලගෙන් අරක්කු යෝජනා”

  1. Love nature says:

    2003 සිට 2016 දක්වා රුසියානු මත්පැන් පානය 43%කින් අඩු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසයි.

    රජය විසින් ක්‍රියාත්මක කරන ලද මත්පැන් පාලනය කිරීමේ ක්‍රියාමාර්ග මාලාව, මෙසේ මත්පැන් පානය පහත වැටීමට හේතු වී ඇති අතර, එය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් කරා ජනතාව තල්ලු කර තිබේ.

    • Saman says:

      ඔය සිංහලේ ජාතික සංවිධායක කියන පොරත් හොඳට බොන එකෙක්, ෆේස්බුක් එකේ බොන ෆොටෝ දාල තිබුනා.

      • Bandq says:

        බොනව විතරක් නෙවයි කුඩුත් ගහන එකෙක් වෙගේ මූන බැලුවම පේන්නෙ.

  2. Saradiel says:

    සුරා මතින් කෑ ගසමින්
    නිතරම දුම් උගුරැ බොමින්
    ගෙවන ජිවිතේ සැපක්ද
    කියාපන් ඉතින්…
    ළමා ලපටි බඩගින්නේ
    හඩා වැටෙයි ගේ මුල්ලේ
    කන්න ටිකක් ගිහින් දෙන්න
    නැද්ද අදහසක්…
    උදේ ඉදන් වැඩ කරලා
    ගත්ත සොච්චමත් දීලා
    බිලා බිලා ගෙදර ගිහින්
    නටයි නාඩගම්…
    මේකම ජිවිතයම නම්
    පවුල් දිවිය අවදානම්
    ජිවිතයෙන් වන්දි ගෙවල
    මැරිලම පලයන්………

  3. Bandq says:

    මහින්දට කඩේ සිංහල සංවිධානයට මතක් කරා නැද්ද කුරුණෑගල ඉන්න jonstan fernando කියන එකාට බාර් පර්මිට් කීයක් තියෙනවද කියල
    මංගලයාන් ජාතියක් ජම්මයක් නැති සමනලයෙක් කියමුකෝ
    ඒ දේශප්‍රේමීන් මහින්දගෙ මිනිස්සු මොකද එහෙම කරන්නේ?

  4. RAYMOND says:

    සිංහලයා විනාශ කරන හා කල හැකි එකම මග අරක්කු

  5. Sun says:

    These are the types of people managing the country with delusion and no eyes to see reality of things in the world. So what can we expect from such people other than inducing drinking and looting., opposite of precepts. They think the Americans are the most developed people in the world without knowing about inside of their hearts boiling with hatred.They want to spread it round the world. Our fools are thinking of dancing to the tune of closed eye syndrome without opening and using heads.

  6. Raterala says:

    225දෙනාගෙන් බාර් පර්මිටි නැති එඑවුන් 10 කටත් අඩු යි

  7. Love nature says:

    කුමටද කා බී නිති සැර සෙන්නේ
    කොතැනද මේ කය අරගෙන යන්නේ
    ඇම සඳ නොමැළිව පින් කර ගන්නේ
    එම වද සගමොක් සැප සාදන්නේ

    “කා බී ඇඳ පැළඳ හැඩ වැඩ වන්නේ කුමටද? මේ ශරීරය රැකගෙන කොහි යන්නද සියලු කල්හි කම්මැලි නැතිව පින්කරගන්න සංසාර සාගරයෙන් එතෙර කරන්නේ එම පින්ම නොවෙද?”

  8. sisira says:

    meka itama hoda yojanawak….siduru sahita NEETI WENUWATA terumak tiyena yojanawak…

Main News