අමද්‍යප සංගමේ සභාපති සන්ධාන අපේක්‍ෂකයා කසිප්පූ බී පාරේ නටයි.. තව බෝතලයක් ඉනේ.. අත්අඩංගුවට..

February 1, 2018 at 11:20 am | lanka C news
අමද්‍යප සංගමේ සභාපති සන්ධාන අපේක්‍ෂකයා කසිප්පූ බී පාරේ නටයි.. තව බෝතලයක් ඉනේ.. අත්අඩංගුවට..

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්දානයට ගිරිබාව ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු මත්පැන් පානය කර මහජනතාවට කරදරකාරී ලෙස හැසිරුනේ යයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගිරිබාව පාළුවැව හන්දියේදී අශෝභනව හැසිරෙමින් සිටියදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තවත් කසිප්පු බෝතල බාගයක්ද තිබී ඇත.

මොහු තිඹිරිපොකුණ ප්‍රදේශයේ ඇති අමද්‍යප සංගමයේ සභාපතිවරයාද බව හෙලිව තිබේ.

අධිකරණය හමවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත නිදහස් කර ඇත.

2 views

2 Comments to “අමද්‍යප සංගමේ සභාපති සන්ධාන අපේක්‍ෂකයා කසිප්පූ බී පාරේ නටයි.. තව බෝතලයක් ඉනේ.. අත්අඩංගුවට..”

  1. Niru says:

    This is very true. Facts and figures do not lie.

  2. Aussie says:

    This guy will have to hide from the President,if not President will definitely use his sword on him.

Main News