අමරදේවයන් වෙනුවෙන් සතියක ශෝක කාලයක්.. අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවයෙන් අනිද්දා..

November 3, 2016 at 6:48 pm | lanka C news
අමරදේවයන් වෙනුවෙන් සතියක ශෝක කාලයක්.. අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවයෙන් අනිද්දා..

අභාවප‍්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව මහතාගේ දේහය පිලබද අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෙනසුරාදා දිනයේ නිදහස් චතුරස‍්‍රයේදී එය සිදු කිරීමට නියමිත.

අමරදේවයන්ගේ අභාවය වෙනුවෙන් අද දිනයේ සිට සතියක කාලය ශෝක සතියක් ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.

18 views

6 Comments to “අමරදේවයන් වෙනුවෙන් සතියක ශෝක කාලයක්.. අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවයෙන් අනිද්දා..”

  1. saman says:

    එතුමාගේ ප්‍රාර්ථනය මහා පුණ්‍ය කර්මයක් වන තම සිරුර වෙද විදුහලට ලබාදීම නම් එය සිදුකල යුතුය. වෙනත් අරමුණු වෙනුවෙන් එය වෙනස් කිරීමට වෙනත් අයට හිමිකමක් නෑ.

  2. lion says:

    නිවන් සැප ලැබේවා…..

  3. Nelum says:

    අමරදේවයන්ගේ අන්තිම කැමැත්ත අනුව ඔහුගේ දේහය වෛද්‍ය පීටයට භාර නොදී සිටීම ඔහුට කරන අගව්රවයකි.

  4. Ranjith says:

    රටට කල හැකි ඉහලම මෙහෙවර ඔහු ඉටු කර තිබේ. ලක් දෙරණට ඔහු කිසිදා ණය නැත. අමරදේව නාමය මෙන්ම ඔහුගේ ගීත මිනිසුන් අතර තවත් බොහෝ කාලයක් පවතිනු ඇත. තවද, ඉහලම ආයුෂ විදිමින්, දුක් විදීමකින් තොරව ස්වබාවික ලෙස මිය යාමට ඔහු වාසනාවන්ත විය.
    වර්තමාන පරපුර ඔහුගේ ජීවිතයෙන් ආදර්ශයන් ලබාගත යුතුය. ඔහුට කල හැකි ඉහලම උපහාරය, මේ ලක් දෙරණේ හෙළ කලා කේත අස්වද්දන්නට නව පරපුර කැපවීමයි.
    සංගීතය යනු සමාජය හැඩගැස්විය හැකි සංවේදී මාධ්‍යකි. ප්‍රබල අවියකි. දසතින් ඇසෙන වර්තමාන බොලද සංගීත නිර්මාණ හා ගීත දෙස බැලීමෙන්, හා ඒ වටා ගොනු වී පහත් මානසිකත්වයකට ඇද වැටුන බොලද ආකල්ප වලින් යුතු පරිනත නොවූ තරුණ පෙළක් ගොඩ නැගීම තුලින් මේ බව මොනවට පැහැදිලි වේ.
    තරුණයකු සතු සංවේදී ගතිගුණ, creativity, සමාජ සාරදර්ම, සමාජ යුතුකම් ද මේ හරහා පිරිහී යාමෙන් මුළු සමාජයාම ඇද වැටීමකට ලක්වනු ඇත.
    මේ නිසාමයි, අමරදේවයන් සිදුකල සමාජ වගකීම බුද්ධිමත් නව පරපුර විසින් සිය උර හිස මතට ගතයුත්තේ.

    සංගීතය තුලින් සිදුකල මහා සමාජ මෙහෙවරට අමරදෙවයාණනි ඔබට අපගේ උපහාරය. ඔබට නිවන් සුව පතමි.

  5. Lakshmi says:

    අමරදේවයන්ගේ බිරිඳ සහ දරුවන් වෙත : ඔබගේ සැමියා සහ පියාගේ අවසන් කැමැත්ත පරිදි කටයුතු කරන්න. අමරදේව රසිකයයන්ගේ හදවතේ රැදෙන්න ඔය බොරු සෝබන ආදාහන උත්සව අවශ්‍ය නෑ. ඔහුගේ ගීත අපගේ හදවතේ සදා රැදී ඇත .

  6. Karunaratne says:

    Mage danume hariyatama nam Arabic ratavala soka kalaya puravata siyaluma TV saha Radio nalika holy kuranaya thamai kiyavanne.

Main News