අමරදේව ශූරීන් අභාවප‍්‍රාප්ත වූ දා රෝහල් බිල 469,000යි….

November 4, 2016 at 1:20 pm | lanka C news
අමරදේව ශූරීන් අභාවප‍්‍රාප්ත වූ දා රෝහල් බිල 469,000යි….

අභාවප‍්‍රාප්ත හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් ඩබිලිවි.ඩි අමරදේව මහතාගේ ශල්‍ය කර්ම සහ වෛද්‍ය ප‍්‍රතිකාර සදහා ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ගෙවිය යුතු මුදල රජය විසින් ගෙවීමට තීරණය කර ඇත.

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊට අදාල උපදෙස් ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාට සහ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාට දැනුම් දෙන ලදි.

සෞඛ්‍ය අමාත්‍යවරයා අද පස්වරුෙවි ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නිරික්ෂණ චාරිකාවකට සහ විවෘත කිරීෙමි උත්සවයකට එක් වූ අවස්ථාෙවි දී මෙම උපදෙස් ලබා දී තිෙබි.

ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කළ අමරදේව මහතා ශල්‍ය කර්මයකට භාජනය කළ අතර, ඒ සදහා අයවිය යුතු මුදල සහ වෛද්‍ය ගාස්තු මුදල වන්නේ රුපියල් 469,000 කි. එම මුදල අමරදේව මහතාගේ පවුලේ අයගෙන් අයනොකරන ලෙසත්, එය රජය විසින් දරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කර සිටියේය.

– නිපුන් ඒකනායක

213 views
Main News