අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව 20 සංශෝධනයට විරුද්ද වේ.. තදබල නිවේදනයක්..

October 13, 2020 at 8:40 am | lanka C news
අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව 20 සංශෝධනයට විරුද්ද වේ.. තදබල නිවේදනයක්..

විසිවන සංශෝධනය ප‍්‍රජාන්ත්‍රවාදයට එරෙහි එකක් බව ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නිවේදනය කරයි.

එම නිකායන්හි මහා ලේඛකාධිකාරී හිමිවරුන්ගේ අත්සන් වලින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය සුරැකෙන ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවත් ය.

උන්වහන්සේලා විසින් නිකුත් කළ ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

මානව සමාජයේ ඉදිරිගාමී පියවරක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි වන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක‍්‍රීය කළ යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය සුරැකෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු කළ යුතුයි.

මේ මොහොතේ රට තුල ආන්දෝලනයට තුඩුදෙමින් තිබෙන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අමරපුර-රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව සාකච්ඡුාවට භාජනය කළ අතර, එය මානව සමාජයේ දියුණු ලක්‍ෂණයක් වන මිනිස් චින්තනයේ නිදහසටත්, ක‍්‍රියාකාරිත්වයටත් බරපතල ලෙස බාධා කරන නොදියුණු ගෝත‍්‍රික සමාජයකට ආපසු ගමන් කරන නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින්, එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට අප සංඝ සභාව තීරණයට කොට ඇත.

මේ මොහොතේ ලෝකයේ බොහොමයක් රාජ්‍ය අනුගමනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අංග තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකට පරීක්‍ෂාවට ලක්වෙමින් තුලනය පවත්වාගත යුතුය යන්න සම්මත පිළිගැනීමයි. සංවරණ හා තුලන ක‍්‍රියාවලිය ලෙස එය පිළිගනු ලබන අතර 1978 නව ජනරජ ව්‍යවස්ථාව තුළින් ජේ.ආර් ජයවර්ධන මහතා එකී සංවර්ණ හා තුලන කි‍්‍රයාවලිය අහෝසි කර විධායකයට අසීමාන්තික බලයක් කේන්ද්‍රගත කර ගන්නා ලදි. ඒ මොහොතේ පටන් ම එකී බලයේ අහිතකර තත්වය පිළිබඳව විශාල සංවාදයක් පැණනැගුණු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස වසර 37 කට පසු 2015 වසරේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සාධනීය එකතු කිරීමක් ලෙස 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදි. එමගින් සිදුවූයේ ජයවර්ධන මහතා විසින් අහෝසිකර තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල සංවරණ හා තුලන ක‍්‍රියාවලිය බලාත්මක කිරීමයි. 20 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකරනු ලබන්නේ යලිත් වතාවක් සංවරණ හා තුලන ක‍්‍රියාවලිය අහෝසි කර ප‍්‍රජාතත්ත‍්‍රවාදී පැවැත්ම අභියෝගයට ලක් කිරීමයි. මෙහි කෙලවර නිසැක වශයෙන් ම සටහන් වනු ඇත්තේ ඒකාධිපති වාදයයි. අත්තනෝමතික බලාධිකාරියයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට අදාලව ආණ්ඩුව පවසන කරුණු වන්නේ ඊට පෙර සම්මත කර තිබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඉදිරි ගමනට කර ඇති බාධා ඉවත් කිරීමට බවකි. එය එසේම ද යන්න ගැඹුරින් පැහැදිලි කරගත යුතුව තිබේ. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ යහ පැවැත්මට මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය තහවුරු කිරීමට හේතු වූ කරුණු කිහිපයකි.

1. 18 වන ව්‍යස්ථා සංශෝධනයෙන් සම්මත කර තිබූ අසීමාන්තිකව ජනාධිපති වරයාගේ ධූර දැරීමේ වාර ගණන 19 වන ව්‍යවස්ථාවේ 31 (2* අනුව දෙවතාවක් කිරීම.
2. 19 වන ව්‍යවස්ථාවේ 91 (ඇ* (ඞෂෂෂ* අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර හෝ ජනාධිපති ධූර දැරීම අහෝසි කිරීම.
3. 41 (අ* ව්‍යවස්ථාව අනුව ඉහල තනතුරු සඳහා රාජ්‍ය නිලධාරීන් පත්කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම.
4. 41 (ආ* (ඪෂ* ව්‍යවස්ථාව අනුව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම.
5. 41 (ඇ* ව්‍යස්ථාව අනුව උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේ දී ජනාධිපති වරයා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා සභාවේ නිර්දේශ ලබා ගැනීම.

ඉහත සඳහන් කරුණු වලින් පමණක් වූවද තහවුරු වන්නේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව සඳහන් කරන ආකාරයට අගතිගාමී එකක් නොවන බවයි. මෙහි සම්පූර්ණ නොවූ සමහර කරුණු කාරනා හේතුවෙන් තාක්‍ෂණික දුබලතා ඇති බවට නීති විශාරදයන් පෙන්වා දී තිබේ. ඒ අනුව කළ යුතුව ඇත්තේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තාක්‍ෂණික දුබලතා ඇත්නම් එකී දෝෂ මගහරවා ගැනීමට නීති සම්පාදනය කරගත යුතු වුවද 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කර ඇත්තේ රටේ ඉදිරි ගමනට සාධනීය ලක්‍ෂණ එකතු කිරීම නොව රට ආපස්සට ගමන් කරවන නිශේධනීය සාධක එකතු කිරීමකි.

1. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මුල්‍ය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු වුවද 20 වන සංශෝධනයෙන් ජනාධිපති කාර්යාලය හා අගමැතිකාර්යාලය විගණනයෙන් ඉවත්කර ඇත.
එමගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 3 සහ 4 තුලින් තහවුරු කර ඇති පරමාධිපති බලය ජනතාව සතු වන්නේය යන්න අහෝසි වේ.
2. 20 වන සංශෝධනය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44, 45, 47 ව්‍යවස්ථා කියවීමට අනුව පර්ලිමේන්තු මන්ත‍්‍රී වරුන්ගේ ජනවරමට අනුව ස්වාධීන පැවැත්ම බලරහිත කෙරේ.
3. 20 වන සංශෝධ නය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ් 54 ව්‍යවස්ථා ව කියවීමට අනුව රාජ්‍ය සේවය ඝෘජු දේශපාලන බල අධිකාරියට යටත් කෙරේ.
4. 20 වන සංශෝධ නය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103 ව්‍යවස්ථාව කියවීමට අනුව මැතිවරණ ක‍්‍රියාවලිය ස්වාධීන ක‍්‍රියාකාරිත්වයෙන් අහෝසි කෙරේ.
5. 20 වන සංශෝධ නය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109 ව්‍යවස්ථාව කියවීමට අනුව අධිකරණ පද්ධතියේ ස්වාධීන පැවැත්ම අභියෝගයට ලක් කෙරේ.
6. 20 වන සංශෝධ නය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 ව්‍යවස්ථා කියවීමට අනුව නීතියේ සාධාණත්වය ඉල්ලා සිටීමට ජනතාවට තිබූ අයිතිය අහෝසි කෙරේ.
7. 20 වන සංශෝධ නය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථා කියවීමට අනුව හොරකමට, වංචාවට හා ¥ෂණයට ඉඩකඩ විවර කෙරේ.

මෙම කරුණුවලින් වුවද තහවුරු වන්නේ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාවේ කිසිම ලෙසකින්වත් අවශ්‍ය නොවන බවයි. රටට අවශ්‍යව ඇත්තේ නූතත තත්වයන්ට ගැලපෙන රට ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික හා සංස්කෘතිකමය ක්‍ෂේත‍්‍රයන්ගෙන් ඉහලට ඔසවා තැබිය හැකි සහ රට එක්සත් කළ හැකි අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි. එබැවින් ඒ පිළිබඳව මහජන කතිකාවක් ගොඩනගා රටට උචිත අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයෙහිලා කටයුතු ආරම්භ කරන ලෙසත් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක‍්‍රීය සංශෝධනයක් බවට පාර්ලිමේන්තුව මගින් තහවුරු කරන ලෙසටත් ජාත්‍යාලයෙන් යුතුව ඉතා කාරුණිකව අවධාරණය කොට මෙයින් ඉල්ලා සිටිමු.

– සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය

45,054 views

45 Comments to “අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව 20 සංශෝධනයට විරුද්ද වේ.. තදබල නිවේදනයක්..”

  1. W M Fernando says:

    Is there any mechanism to check and balance judiciary. Supreme court decision is final, who can check or balance. As usual those rubbish is said.

    • ඩිංගිරි says:

      මේ අර හිටන්ව ජනාධිපති කොරගෙන පස්සේ රොටිය කර කොරගෙන අපවත් වුනු ඇ න් ජී ඔ බත් බැලයා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වය යටතේ තිබ්බ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයම නේද?

      • vidu says:

        18 ගෙනල්ල පිස්සු කෙලිද්දී, විදේශික යුවලක් දුශනයකර මරද්දී, ගුරුවරු දනගස්සද්දී,අල්ලස් කොමිසමට එන්න කියද්දී නයි කද්දී,මාධ්‍යවේදියොන්ට ගහද්දී තමයි මිනිස්සු රොටී කර කෙරුවේ.වහල්ලු ඉතින් අරවට එහෙයි කියගන දැන් කොරන හරිය තවම තේරෙන්නෑ

        • ඩිංගිරි says:

          අන්තවාදීන් මරාගෙන මැරෙනකොට නියමෙට තේරුණා රොටිය කරවුනා කියලා. පලයන් ගොබ්බයො යන්න. අපේ රටේ වැඩ කෙරෙන්න ඕනේ මේ රටේ ජනතාවට ඕනේ විදියට මිසක් වෙන රටවල් වලට අධෝමාර්ගය විකුණන් කන තොපි වගේ ඝනිකාවන්ට ඕනේ විදියට නෙමෙයී. ගිහින් කියාපිය තොගේ ලොක්කන්ට අවජාතක ඝනිකාවා.

  2. Jagath Hettiarachchi says:

    මේ ටට්ට උට්ටලා මරණ කටේ ඉඳගෙනවත් බන බාවනාවක් කර ගන්නෙ නැතුව එනවා රෙද්ද උස්සගෙන රට හදන්ඩ.
    කවදා මුං ට බුදු බණ තේරෙයි ද.

    • widura says:

      Gon utto togey amma tahu kanna tatta uttala gota ta kadey yanakota tho utta koheda keri utto itiye😜😜😜😜😜😜

      • ඩපයා says:

        බොලයී නායක හොර ඝනයා මාදුළුවාවේ සෝභිත මැරෙන්න කලින් කිව්වා හිටන් ගෙනත් එයාගේ රොටිය කරගත්ත කයලා. තෝ ගොන් බූරුවෙක් වගේ කෑගහන්නේ නැතුව හිටහන් NGO වේසි

      • Jagath Hettiarachchi says:

        උබෙ අම්මගෙ බඩ උඩ හිටියෙ.

    • sky says:

      20 සංශෝධනයට අපේ බලවත් විරුද්ධතාවය මෙයින් පල කරමු
      ගෞරවනීය අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ට අපේ ප්‍රණාමය පළකරමු ..රට අනතුරකට පත් වන සෑම අවස්ථාවකදීම අපේ ගෞරවනීය සංඝයාවහන්සේලා රට වෙනුවෙන් අතීතයේත් පෙනී සිටියා ..වර්තමානයේත් එසේ පෙනී සිටීම ගැන ගරුතර අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවට අපේ නමස්කාරය

      • kkuruwita says:

        රාමඤඤ නිකායෙ උත්තරීතර මහා නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් පවසා ඇත්තේ මෙය තමන්ගේ අනු දැනුමකින් අවසරයකින් තොරව ප්‍රකාශ කරන ලද්දක් බවයි. එබැවින් මේ ලේඛකාදීකාරී හිමිවරු දේශපාලන උවමනාවන්ට කරන ප්‍රකාශ මිසක් එවා එම නිකායේ මතය නොවේ.

    • kkuruwita says:

      රාමඤඤ නිකායෙ උත්තරීතර මහා නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් පවසා ඇත්තේ මෙය තමන්ගේ අනු දැනුමකින් අවසරයකින් තොරව ප්‍රකාශ කරන ලද්දක් බවයි. එබැවින් මේ ලේඛකාදීකාරී හිමිවරු දේශපාලන උවමනාවන්ට කරන ප්‍රකාශ මිසක් එවා එම නිකායේ මතය නොවේ.

  3. nishantha says:

    sadu sadu mallwatte saha asgiriya ewn palaturu kaka atapirikara godagahapalla thank you

    • kkuruwita says:

      රාමඤඤ නිකායෙ උත්තරීතර මහා නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් පවසා ඇත්තේ මෙය තමන්ගේ අනු දැනුමකින් අවසරයකින් තොරව ප්‍රකාශ කරන ලද්දක් බවයි. එබැවින් මේ ලේඛකාදීකාරී හිමිවරු දේශපාලන උවමනාවන්ට කරන ප්‍රකාශ මිසක් එවා එම නිකායේ මතය නොවේ.

  4. හිරන් says:

    19ය 2015 ගෙනා වෙලේ ජනමතය කොල්ලකෑ වුන් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ගෝඨාභය අන්දනවා

  5. Sayumi says:

    ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ නිවේදනය මාධ්‍යයට රිලීස් කරන්නේ “සාධාරණ සමාජයක් සඳහා වන ජාතික සංවිධානයද ” ? 😀
    තව එකක්, රාජපක්ෂවරු හෝ ඔවුන්ගේ අනුගාමිකයින් කවදාවත් ස්වාමීන්වහන්සලාට නිග්‍රහ කරන්නේ නෑ. ඔවුන් ලෙසින් පෙනී සිටින එන්ජීඕ,ගූඇන්පී ජේවීපී තක්කඩින් තමයි මෙතන එසේ කර ඇත්තේ.

  6. Saman says:

    ජනාධිපති තුමනි විචාර ශීල වෙන්න නැත්නම්
    වියත්මග ගොන් බෙට්ටෝ රුල වැඩෙ කයි

  7. Wewegadara Appuhamy says:

    Rev Attana Ratanapala is members of JVP. This Buddhist Monk is belongs to Ramanya Ninikya…this statement is behind by JVP of that Dr Anura Kumara of MP parliament . Once he has being Japan for Hiroshima A & B Conference. That monk of Attana Ratapala was /is hard core JVP members since 1971?

  8. siri says:

    meka KIHILI KARU usigannala karapu wadak maranamanchakaye inna karuwa thwamath NGO walata kade yanawa..

Main News