අමරවීරගේ අමරණීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී තුට්ටු දෙකේ කතාව ශ‍්‍රිලනිපයම කැලැල් කරයි..

April 22, 2018 at 1:20 pm | lanka C news
අමරවීරගේ අමරණීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී තුට්ටු දෙකේ කතාව ශ‍්‍රිලනිපයම කැලැල් කරයි..

ප‍්‍රාදේශීය සභාවලට මුදල් දෙන්නෙ නැහැ කියල මහින්ද අමරවීර ඇමතිවරයා කියනවා. එය තුට්ටුදෙකේ තුච්ච කතාවක් බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් පී. ද සිල්වා මහතා බළපිටියේදී ප්‍රකාශ කළේය.

අමරවීරගේ මේ අමරණීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී කතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල කැලලක් බවත් එය පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බළපිටිය ප‍්‍රාදේශීය සභාව පිහිටුවීමට දායක වූවන් ඇගයීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයේදී තව දුරටත් අදහස් දැක්වූ මොහාන් පී ද සිල්වා මහතා මෙසේද කීය.

ලංකාවේ යම් දිස්ත‍්‍රික්කයක සියලූ පළාත් පාලන ආයතන පොදු ජන පෙරමුණ ජය ගත්තේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ විතරයි. අපි සමගි සම්පන්නව කටයුතු කල නිසා ඒ ජයග‍්‍රහණය හිමි කරගන්න හැකි වුණා. ඉදරියටත් ඒ සමගිය ආරක්ෂා කරගෙන ඉදිරියටම යනවා. ඉතිහාසයේ පළාත් පාලන මැතිවරණ වලදී ජයග‍්‍රහණය කර තිබෙන්නේ ආණ්ඩු බලය තිබෙන පක්ෂයි. එහෙත් මෙවර බහුතර පළාත් පාලන ප්‍රමාණයක් ජයගත් පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂයක් නොවෙයි. මේ රටේ බහුතරයක් ජනතාව ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැහැ කියන එකත් ජනතාව ආණ්ඩුව ගැන කලකිරී සිටින බවත් මේ මගින් තහවුරු වෙනවා. ඒ අනුව ජනතාවට දැන් අවශ්‍යව ඇත්තේ ආණ්ඩු බලය වෙනස් කරන මැතිවරණයක් බවත් මෙයින් පැහැදිලියි.

ආණ්ඩුවට සම්බන්ධ නැති පොදු ජන පෙරමුණ ජයගත් පළාත් පාලන ආයතන වලට කෙනහෙළිකම් වලට ලක්වෙන්න වේවි. අද ලංකාවේ ආණ්ඩුවට සම්බන්ධ නැති එකම දේශපාලන පක්ෂය පොදු ජන පෙරමුණ පමණයි. ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුව සමග හොරෙන් සම්බන්ධයි. මහින්ද අමරවීර ඇමතිවරයා කියනවා මුදල්දෙන්නෙ නැහැ කියල. මේ ආණ්ඩුව යටතේ ඉන්න වෙන්නේ බොහොම ටික කාලයයි. කියන අය කොහොම කිව්වත් ඒවා පසෙකලා අපි ඉදිරියටම යනවා. අපට සහය දෙන බහුතරයක් ඉන්නෙ පළාත්සභා වලයි. ඒ අය අවශ්‍ය සහය ලබා දෙනවා. ඒ නිසා කිසිදෙයකට බිය විය යුතු නැතැ.

මැයි 08 දිනෙන් ආරම්භ වන පාර්ලිමේන්තු කාලය විශාල දේශපාලන පෙරලියක් වීමට ඉඩ තිබෙනවා. බොහෝ විට ඊට පෙර රැස්වන ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව, ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගන්න පුළුවන්. එසේ නොවුණහොත් ශ්‍රිලනිපය තවතවත් දියවී යා හැකියි. දැනටමත් ශ්‍රිලනිපයට අලියා ගිලපු දිවුල් ගෙඩියට වෙච්ච දේ වෙලා තිබෙනවා. මේ තත්ත්වයට යහ පාලන ආණ්ඩුවට එකතු වූ ශ්‍රිලනිපයේ අය වග කියන්න ඕනෑ යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස්, බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ද සිල්වා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජය මධුසංක යන මහත්වරුන්ද මෙහිදී කතා කළහ.

– ජයකාන්ත ලියනගේ

0 views

5 Comments to “අමරවීරගේ අමරණීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී තුට්ටු දෙකේ කතාව ශ‍්‍රිලනිපයම කැලැල් කරයි..”

  1. Janathawa says:

    Is he giving his own money?
    It is an injustice to all the people who lives in those areas? What a selfish idea? Are they politicians?

    • කණියා says:

      සමහර බස්වල කොන්දෝ උන්ගේ හිතට අල්ලන්නේ නැති අයට ඉතුරු සල්ලි දෙන්නේ නෑ ඔය පහත් මිනිහා අන්න ඒ පුරුද්දට තමයි ඔය කියල තියෙන්නේ .ගණන් ගන්න එපා ඒ පහත් මිනිහගේ පහත් ජන්ම ගතිය .ඔකාගේ මුණ මහා ධින මුහුණක් ඕකා එක්ක යන පිරිසත් ඕකා වගේම පහත් පෙලේ ජඩ චරිත /ඔකාව මම ලඟට දැකල තියෙනවා ඕකා මිනිහෙක් එක්ක කෙලින් බලලා කතා කරන්න බය චරිතයක් විශේෂයෙන් උගත් මිනිහෙක් මුණගැහුනොත් ඕකා හිමින් සිරිවේ ලිස්සල යනවා .මේවගේ ජඩයෝ පාර්ලි,මේන්තුවට ආවම රටක් දියුණු නොවෙන එක පුදුමයක් නොවෙයි

    • ජනක says:

      අපි මුට දාපු කොමෙන්ට් එකක්වත් දාලා නෑ.
      මූ වගේ හාල් කෑලි නිහිනයෙක්ට කොමෙන්ට් දාන්නෙත් නෑ මිට පස්සේ .
      පහත් පෙලේ එවුන්ට ඒ නම්බුවවත් දෙන්නේ මොකටද ?

  2. Janathawa says:

    Is he giving his own money?
    It is an injustice to all the people who lives in those areas? What a selfish idea?

  3. Gadol says:

    අමරවීර සිරිසේන වගේ ආප්ප කාපු එකෙක්

Main News