අමරවීරට ලැබෙන බලවත් තනතුර නිමල් සිරිපාලගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරිමක්.. ජෝන් අමාත්‍ය ධූරය වෙනස් වෙනස් කර දෙන්නැයි ඉල්ලයි..

March 17, 2017 at 1:20 pm | lanka C news
අමරවීරට ලැබෙන බලවත් තනතුර නිමල් සිරිපාලගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරිමක්.. ජෝන් අමාත්‍ය ධූරය වෙනස් වෙනස් කර දෙන්නැයි ඉල්ලයි..

එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් ජනාධිපති ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛව යූ එන් පී ආණ්ඩුව විසින් අහෝසි කිරිමේ නඩුවේදි මැතිනියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිමින් නීතිඥ නිමල් සිරිපාල සිල්වා මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පැමිණියේ ය.

1989 දි කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව පැමිණි නිමල් සිරිපාල සිල්වා මහතා 94 චන්ද්‍රිකා රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් විය. පාර්ලිමේන්තුවේ සභානායක ධූරය වැනි වැදගත් වගකීම් ගනනාවක්ම දැරු ඔහු ලෝක සෞඛ්ය සංවිධානය ( WHO) සභාපති ධූරයට පත් විය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය හොබ වු අමාත්‍යවරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරයා ද වේ. මේ වනවිට පක්ෂයේ සිටින ජේෂ්ඨතම නායකයා මෙන්ම වෘත්තීයමය වශයෙන් නීතිඥයෙකු මෙන්ම උගතකු ලෙස දේශීයව හා ජාත්‍යන්තරව කීර්තිය දිනාගත් දේශපාලන නායකයකි.

පක්ෂයේ ජේෂ්ඨත්වය උගත්කම සහ පක්ෂය වෙනුවෙන් දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමයේ සිට මේ වන තෙක් ශ්‍රිලනිප රැකගෙන පූර්ණ කාලිනව දේශපාලන තම පක්ෂය වෙනුවෙන් කැපකල නිමල් සිරිපාල ද සිල්වා මහතා, ඔහුගේ අවසන් කාලය තුල පක්ෂය වෙනුවෙන් ලැබිය යුතු ඉහළම ස්ථානය ඔහු සිටියදීම පක්ෂයේ ජේෂ්ඨත්වයෙන් අඩු පුද්ගලයකුට ලබාදීම සම්බන්ධව මේ වනවිට ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන ජේෂ්ඨයන් අතර කතා බහට ලක් වී ඇත.

මේ අතර වර්තමාන කම්කරු අමාත්‍ය ධූරය දරන ජෝන් සෙනෙවිරත්න මහතා ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඔහුට දැනට දී ඇති අමාත්‍ය ධූරය වෙනස් කොට රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ජනතාවට සේවය කල හැකි වෙනත් අමාත්‍යාංශය ඉල්ලා ඇත.

45 views