අමල් පෙරේරා මරණ දඬුවමෙන් ගැලවෙන්න ඩුබායි රජයේ සාක්‍ෂිකරුවෙක් වුණොත් මෙරට ප‍්‍රබලයකුගේ ජාත්‍යන්තර කුඩු ජාවාරමක් හෙලිවෙයි..

February 6, 2019 at 9:20 am | lanka C news
අමල් පෙරේරා මරණ දඬුවමෙන් ගැලවෙන්න ඩුබායි රජයේ සාක්‍ෂිකරුවෙක් වුණොත් මෙරට ප‍්‍රබලයකුගේ ජාත්‍යන්තර කුඩු ජාවාරමක් හෙලිවෙයි..

මාකඳුරේ මදුෂ් ව පසුගිය කාලයේදී ආන්දෝලනයට ලක් වූයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙනි. එසේම හෙරොයින් ජාවාරම, මිනී මැරීම්, ස්ත්‍රී දූෂණ ආදී බරපතල අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින මොහු ශ්‍රී ලංකාවෙන් පලා ගොස් එක් එක් රටවලට පනිමින් සිටි අතර, 2019 පෙබරවාරි 5 දා අලුයමදී ඩුබායි හි පිහිටි හෝටලයකදී අත් අඩංගුවට පත් විය. එහිදී ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදිමාල් පෙරේරා, කෙසෙල් වත්තේ දිනුක නැමති ප්‍රබල පාතාල නායකයා, ඇතුළු 25 දෙනෙකු අත් අඩංගුවට පත් වූ අතර කොකේන් නැමැති මත් ද්‍රව්‍ය තොගයක් ද ඩුබායි පොලිසියට හමු වුණි.

පසුගිය මැතිවරණ සමයේදී අමල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන ලෙසට සිය අත්සන යොදා ප්‍රසිද්ධියේ ආයාචනා කළ පුද්ගලයෙකුද වීම විශේෂත්වයකි.

එදා පැවතියේ මාකදුරේ මදුෂ්ගේ දෙවෙනි විවාහයේ දරුවාගේ උපන් දිනය යි. එයට අතිශය මිල අධික මත් ද්‍රව්‍ය වර්ග, මත් වතුර වර්ග සහ ලෝකයේ නීති විරෝධී මත් කුඩු වර්ග ගෙනැවිත් තිබුණි. මෙම සාදයට ශ්‍රී ලංකාවෙන් පැන ගොස් ඩුබායි සැඟවී සිටි අය ඇතුළු 28 දෙනෙකුට ආරාධනා කර තිබුණ අතර මෙවැනි සාදයක් එදින පැවතෙන බවට ශ්‍රී ලංකා රහස් ඔත්තු සේවයට තොරතුරු ලැබී තිබුණි. මදුෂ් ඇතුළු අනෙක් අපරාධකරුවන් අත් අඩංගුවට පත් වුණ බව ආරංචි වීමෙන්, එම ස්ථානයට නොගොස්, කොස්ගොඩ සුජිත් ඇතුළු පාතාල ප්‍රබලයන් තිදෙනෙක් පලා ගොස් ඇත. මෙවන් පසුබිමක් තුළ අමල් පෙරේරා එම ස්ථානයට ගියේ අහම්බයකින් නොවේ.

එක්සත් අරාබි එමිරේට්ස් හි නීතීන්ට අනුව මෙලෙස මත් ද්‍රව්‍ය ළඟ තබා ගන්නා අයට හිමි වෙන දඬුවම වන්නේ මරණයයි. ශ්‍රී ලංකාවේ මෙන් අවුරුදු පහළොවක් පමණ දිග කාලයක් නඩු අහන්නේ නැති අතර, කඩිනමින් නඩු අසා චෝදනාවන් ඔප්පු වූ සැනින් මරණ දඬුවම හිමි වේ.

නමුත් මරණ දඬුවම ලිහිල් කර ගැනීමට ක්‍රමයක් තිබේ. එනම් ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ව හසුකර ගැනීමට සහය දෙමින්, එක්සත් අරාබි එමිරේට්ස් හි රජයේ සාක්ෂිකරුවෙක් බවට පත් වීමයි. යම් ලෙසකින් අමල් පෙරරා කට ඇරියොත්, ශ්‍රී ලංකාවේ  ප‍්‍රබලයකුගේ කුඩු ජාවාරම ජාත්‍යන්තරය ඉදිරියේදී නිරුවත් වෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි.

එම ස්ථානයට ආවේ ආරාධනා පිට උත්සවයකට බවත්, එහි මත්ද්‍රව්‍ය ඇති බවක් නොදැන සිටි බවත් ආදී කතන්දර කියා ඉල්ලීමක් කිරීම සැලසුමයි. නමුත් මාකදුරේ මදුෂ්, කෙසෙල් වත්තේ දිනුක ඇතුළු රටම භිතියට පත් කර පලා ගොස් සිටින පාතාල නායකයින් සිටින, 25 දෙනෙක් පමණක් සහභාගී වෙන “පාටියකට” ගියේ ඇයිදැයි සාධාරණීකරනය කිරීම පහසු වන්නේ නැත.

දැනට ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාතමක නොවන අතර, සංකේතාත්මකව හෝ මරණ දඬුවම ලැබෙන්නේ වීදි වල මිලි ගෑම් ප්‍රමාණ වලින් කුඩු වෙළඳාම් කර හසුවෙන කුඩ්ඩන්ට පමණි. විදේශයනගෙන් කන්ටේනර් පුරා හෙරොයින් සහ කොකේන් ගෙන්වන ප්‍රබල දේශපාලඥයින්ට එරෙහිව නඩු පවරා සංකේතාත්මකව මරණ දඬුවම ලබා දීම හෝ සිදු වන්නේ නැත. එසේම එලෙස ගෙන්වන කුඩු කන්ටේනර් වල අවසානයේදී සිදුවන්නේ කුමක්දැයි වාර්තා වන්නේත් නැත.

ශ්‍රී ලංකාවට ගෙන්වන කුඩු කන්ටර්නර් අත් අඩංගුවට ගත්තද, ඒවා ගෙන්වූයේ කවුරුන්ද සහ ඒවා ගෙන්වූ අයව අත් අඩංගුවට නොගන්නේ මන්ද ආදී ලෙස ජනමාධ්‍ය මගින් හෝ ප්‍රශ්න නොකිරීමෙන් මෙම කුඩු මා‍ෆියාවේ බලගතු භාවය ජනතාවට පැහැදිළි විය යුතුය. උදාහරණ ලෙස පසුගිය වසර කිහිපයේදී ආන්දෝලනයට ලක් වූ, දේශපාලඥයින් සමග සමීපව හිතවත්කම් දක්වන වෙලේ සුදාට එරෙහිව ඇති එක කුඩු නඩුවකින් 2018 පෙබරවාරි 28 දින නිදොස් කොට නිදහස් කෙරුණි.

– සරත් පෙරේරා

 

201 views

11 Comments to “අමල් පෙරේරා මරණ දඬුවමෙන් ගැලවෙන්න ඩුබායි රජයේ සාක්‍ෂිකරුවෙක් වුණොත් මෙරට ප‍්‍රබලයකුගේ ජාත්‍යන්තර කුඩු ජාවාරමක් හෙලිවෙයි..”

  1. Gayantha says:

    UAE වල මරන දඩුවම දෙන්නේ නෑ මත් කුඩු ලග තියාගත්තා කියලා අලුත් නීතියට අනුව. මුල් වතාවට අහු වුනොත් ලොකු දඩයක් ගහනවා සහ පුනුරුත්ථාපනයට දානවා. උපරිම අවුරුදු 2ක් හිරේ ඉන්පසු රටින් පිටුවහල් කරනවා. මත්කුඩු මහපරිමානෙන් ජාවාරම් කරලා කියලා ඔප්පු වුනත් ජීවිතන්තේ දක්වා හිරේ උපරිම වුනොත්. මෙතන කොකේන් 20g තිවුනා කියලා තමයි ආරන්චි. ඒක නිසා වැඩිම වුනොත් අවුරුදු 2කයි.

    • aniwa says:

      Please verify facts before posting on a public forum :

      There is zero tolerance for drugs-related offences. The penalties for trafficking, smuggling and possession of drugs (even residual amounts) are severe. Sentences for drug trafficking can include the death penalty and possession of even the smallest amount of illegal drugs can lead to a minimum 4-year jail sentence.

      (taken from https://www.gov.uk/foreign-travel-advice/united-arab-emirates/local-laws-and-customs)

      • ෆන් says:

        ඔයා ෆැක්ට්ස් වෙරිෆයි කරගන්න – මේ තියෙන්නේ – මරණ දඩුවම් නැත
        http://www.lawyersuae.com/advocates/illegal-drugs-offences-procedure-punishment-policy-dubai-uae

        • කවින්ද says:

          ඔබ වැරදියි. ඩුබායි හි මරණ දඬුවම දෙන බවට විකීපීඩියා වෙබ් අඩවියේ දැක්වෙනවා. මෙන්න මූලාශ්‍රය:

          Capital punishment in the United Arab Emirates

          Under Emirati law, multiple crimes carry the death penalty, and executions are carried through either a firing squad, hanging, or stoning.[1][2][3][4] Current law theoretically allows the death penalty for treason, espionage, murder, successfully inciting the suicide of a person “afflicted with total lack of free will or reason”, arson resulting in death, acts of indecent assault resulting in death, importing nuclear substances/wastes in the environment of the State, adultery, apostasy, blasphemy, perjury causing wrongful execution, rape, aggravated robbery, kidnapping, terrorism, sodomy, homosexuality, drug trafficking[5] and joining the Islamic State of Iraq and the Levant[6][7], although death sentences are frequently commuted to life sentences. Overseas nationals and UAE nationals have both been executed for crimes.

          https://en.wikipedia.org/wiki/Capital_punishment_in_the_United_Arab_Emirates

          ඩුබාහි මරණ දඬුවම නොදෙන බවට උඩ කොමෙන්ට් කරල තියෙන දෙන්නා මට පේන්නේ අමල් පෙරේරාගේ කුඩු සල්ලි වලින් කොමෙට්න් දාන එවුන්. කුඩු අමල්ට ආයිත් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ.

        • රංග says:

          ඩුබායි වල කුඩ්ඩන්ට මරණ දඬුවම දෙනවා. මෙන්න විකීපීඩියා එකෙන්

          Under Emirati law, multiple crimes carry the death penalty, and executions are carried through either a firing squad, hanging, or stoning.[1][2][3][4] Current law theoretically allows the death penalty for treason, espionage, murder, successfully inciting the suicide of a person “afflicted with total lack of free will or reason”, arson resulting in death, acts of indecent assault resulting in death, importing nuclear substances/wastes in the environment of the State, adultery, apostasy, blasphemy, perjury causing wrongful execution, rape, aggravated robbery, kidnapping, terrorism, sodomy, homosexuality, drug trafficking[5] and joining the Islamic State of Iraq and the Levant[6][7], although death sentences are frequently commuted to life sentences. Overseas nationals and UAE nationals have both been executed for crimes.

          https://en.wikipedia.org/wiki/Capital_punishment_in_the_United_Arab_Emirates

          • Drew says:

            Wikipedia is a not a reliable source as it gets updated when and where required by the public, not by officials. when you do a search online please check the published date of the article not the one with the most number of hits (i.e. ones that make it to the top of the list) if it makes sense to you.

            The law in UAE for drug offences was last amended in 2016 and if you possess a trafficable quantity (which is not for personal use determined by the quantity) the penalty is a jail term and a fine, not the Capital Punishment.

            To be exact – Article No 46 of the Anti-Narcotic Psychotropic Substances Law says that “the penalty of imprisonment for a period of not less than 10 years and not more than 15 years and a fine of not less than Dh20,000 shall be imposed on any person who has managed, prepared or set up a place for the abuse of narcotic drugs or psychotropic substances”.

            The punishment is lesser for a quantity below the threshold for personal use.

            Hope this helps and I am amazed how people spread wrong information and get away with it in your country.

  2. guruthanathurak thaba lipikaru thanathrakatawath apply karanna ugathkamak nethI, ewungen parliment eka pirilaya, mEma haraka thoragatte ugathkamak nethi, botaleta, salliwalta yatawana nuugath harak minisunya.. ewun lankawe wedi nisa mun diananawaya; balanna g.l.pieris, bandula sarath amunugama, harsha, siyambalapitiya weni ugathun mewa karanne netha O.L nethi ewun 90 mehi etha ANE RTAK THYEYIDA>?

  3. sinha le says:

    සතොසට සිනි කියා කුඩු ගෙනා ඇමති ගැනත් සොයා බැලිය යුතුය

  4. karama says:

    ඩුබායි වල වසර කිහිපයක් හිරේ දාල, තමන් ගෙ රටට පිටුවහල් කරනවා මිස මරණ දඩුවම දෙන්නේ නෑ.

  5. Anarkali says:

    Kudu Lansawa President balanna giya eka wage AMal Pererath Dubai giyada danne ne??????

    • Nagasinha says:

      අමල් පෙරේරා බලන්න යන්න වෙන්නේ ජෙප්පන්ට තමා 🙂

Main News