අමල්-රයන්ගේ නිවාස පොලීසිය වටලයි.. අමල් පෙරේරාගේ නිවසේ කොකේන් බහාලුම් සොයාගනී.. රයන්ගේ සහෝදරයා අත්අඩංගුවට..
February 7, 2019 at 10:31 pm | lanka C news
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරාගේ මහරගම පිහිටි නිවස පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සෝදිසි කිරීමකට ලක් කර කොකේන් බහාලන අසුරන දෙකක් අත්අඩංගුවෙ ගෙන ඇත.
ඔහුගේ සහෝරයා වන සොහාන් පෙරේරාගෙන්ද අද පොලීසිය විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
මේ අතර ඩුබායි අත්අඩංගුවේ සිටින රංගන ශිල්පී රයන් වැන් රූයන්ගේද නිවස පොලීසිය විසින් පරීක්ෂා කර ඔහුගේ සහෝදරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
රහස් සාක්කු ඇති ගමන් මල්ලක් හා කුඩා ඩිජිටල් තරාදියක් නිවසේ තිබී හමුවීම නිසා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.