අම්පාරට ජාත්‍යන්තර පාසලක්…

March 17, 2018 at 2:02 am | lanka C news
අම්පාරට ජාත්‍යන්තර පාසලක්…

අම්පාර දිස්ති‍්‍රක්කයේ වෙසෙන සියලූ ජාතීන් අතර සමගිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් නෝර්වේහි ලෝටස් හෙල්පන් ආයතනයේ අනුග‍්‍රහයෙන් සියලූ ජාතීන් නියෝජනය කරමින් ජාත්‍යන්තර පාසලක් ඉදි කිරීම සදහා මුල් ගල් තැබීම මධ්‍යම කදවුර ප‍්‍රදේශයේදී සිදු විය.

එහිදී අදහස් දැක්වූ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පැවසූයේ, මෙම පාසලට රජයෙන් පහසුකම් ලබා දෙන බවත්, පාසල් ගොඩනැගිල්ල ඉදි කිරීමට තමන් පෞද්ගලිකව ආධාර කරන බවත් ය.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සිංහල, දෙමල,  මුස්ලිම් දරුවන් එකට අධ්‍යාපනය  ලැබීම සමඟියට විශාල ශක්තියක් බවත්, දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට හැකි වීම මහා පුණ්‍යකර්මයක් බවත් සඳහන් කළේය. වර්තමානයේ මෙවන් පාසලක අවශ්‍යතාවය පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියට උගත් දරුවන් පිරිසක් බිහි කළ යුතු බවත් සමඟිය සංඳිහියාව වචනයට පමණක් සීමා නොකොට ජතිවාදයෙන් තොරව එකට එකතු වී වැඩ කළ හැකි වාතාවරණයක් ඇති විය යුතු බව සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, එක් පාසලක් ඇරෙන විට සිරගෙවල් සියයක් වැසෙන බවත් අම්පාර වැනි දුෂ්කර පාසල්වල සියළු ශ්‍රි ලාංකික දරුවන්ට ජාත්‍යන්තර භාෂාව ඉගෙනගැනීම තුලින් ලෝකය සමඟ ගණුදෙනු කළ හැකි උගතුන් බිහිවීම පිළිබඳ තමන්ට පෞද්ගලිකව සතුටු විය හැකි බව පැවසීය.

30 වසරක සාපලත් යුද්ධයට මැදිව තිබු ප්‍රදේශයක දූ දරුවන් තුළ භීතිය සන්ත්‍රාෂය අද ඉවත් වී ඇති බවද යහ පාලන රජයේ සංකල්පය වනුයේ ළඟම පාසල හොඳම පාසල වන බවත්ය. පසුගිය දා අම්පාර ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත සිදු වීම ඉදිරියට සිදු නොවිය යුතු බවද ශ්‍රී ලාංකික පුරවැසියයන් ලෙස හැමෝම මෙම මාතෘභූමිය තුළ ජීවත්වීමට අධිෂ්ඨාන කරගත යුතු යැයි අමාත්‍යවරයා පැවසීය.

නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභික මංජුල ප‍්‍රනාන්දු කියා සිටියේ, විවිධ ජාතීන් අතර පවතින ගැටුම් අවසන් කිරීමේ පදනම පාසල හරහා සිදු කළ යුතු බවයි.

ආගමික නායකයින්, ලෝටස් හෙල්පන් ආයතනයේ නිර්මාතෘ විලි පීටර්සන්ගේ බිරිඳ, ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.

මෙම ප්‍රවෘතිය ප්‍රචාරය කරන ලෙස ඉල්ලා සිටින අතර, ඡායාරූප මේ සමඟ එවා ඇත.

තිලක් කුමාර රත්නායක

1,696 Viewers
Main News