අම්පාරේ කාන්තාවන්ට ස්වයං රැකියා වැඩසටහන් මාලාවක්..

September 23, 2016 at 2:06 am | lanka C news
අම්පාරේ කාන්තාවන්ට ස්වයං රැකියා වැඩසටහන් මාලාවක්..

එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති හා නියෝජ්‍ය ඇමතිනි වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ඉල්ලීම පරිදි අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ ආර්ථිකය නගාසිටුවීම සදහා නේදර්ලන්ත ආධාර යටතේ ස්වයං රැකියා නගා සිටුවීම සදහා දැනුවකත් නිරීමේ කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් අම්පාර දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරිණි.

උහන, නාවිදන්වේලි හා සම්මන්තුර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ වල දී මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භය සිදු විය.

උහන උදයගිරිය ගම්මානවල කාන්තාවන් මුල් කර ගනිමින් ඉදල්, කොසු කර්මාන්තය, බිම්මල් වගාව සහ කුකුළු පාලනය පිළිබද ස්වයං රැකියා වැඩසටහන් ආරම්භ කෙරිණි.

උහන සේනාගම ගම්මානයේ දී මේ යටතේ ආරම්භ කෙරුණේ මැටි කර්මාන්තය මෙන්ම බයිට් නිෂ්පාදනය පිළිබදවයි.

විජයපුර ගම්මානයේ දී බතික් කර්මාන්තය සදහා ද මධ්‍යම කදවුර ද්‍ර‍විඩ ප්‍රදේශ ආශ්‍රිතව සපත්තු කර්මාන්තය සදහා ද කාන්තාවන් සම්බන්ධ කර ගැනීම පිළිබද මේ යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

වලතාපිටිය ගම්මානයේ දී හාල්පිටි නිෂ්පාදනය, කුකුළු පාලනය, නිමි ඇදුම් අළෙවිය සම්බන්ධයෙන් කාන්තාවන්ගේ උනන්දුව වැඩිදියුණු කරමින් ඔවුන් මෙම ස්වයං කර්මාන්ත සදහා දායක කර ගැනීමට මෙම වැඩසටහන යටතේ කටයුතු කරයි.

– භාරත තෙන්නකෝන්

4,266 Viewers
Main News