අම්පාර මිරිදිය ධීවරයින්ට මිලියන 10ක ආම්පන්න..
June 5, 2017 at 2:06 am | lanka C news
රු. මිලියන 10කට අධික වටිනාකමකින් යුත් ධීවර ආම්පන්න තොගයක් අම්පාර දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවරයින් අතර බෙදා දීම (03) දිස්ත්‍රික් ජල ජීවි වගා ව්‍යාපෘති කාර්යාලයේදී ඇමති දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ඔරු 125ක්, දැල් 750ක් සහ බෝ කිරීම සඳහා ඉස්සන් ලක්ෂ 28කට අධික ප්‍රමාණයක් ද එහිදී ධීවරයින් 125 දෙනෙකු අතර බෙදා දෙනු ලැබීය.
නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, ධීවරයින් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක් විය.
– ජෝර්ජ් පෙරේරා