අම්පාර මුහුදේ විදෙස් තෙල් නැවක් ගිනිගනී.. නාවික හමුදාව දිවි නොතකා මානුෂික මෙහෙයුමේ..

September 3, 2020 at 11:20 am | lanka C news
අම්පාර මුහුදේ විදෙස් තෙල් නැවක් ගිනිගනී.. නාවික හමුදාව දිවි නොතකා මානුෂික මෙහෙයුමේ..

ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබේ.

අම්පාර සංගමන් කන්ද සිට සැතපුම් 38ක් පමණ ඈතින් මුහුදේ මෙම නෞකාව ගිනි ගනිමින් තිබේ.

එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවක් මේ වන විටත් කටයුතු කරමින් සිටී.

නාවික හමුදාව සඳහන් කරන්නේ පැනමා රාජ්‍යයට අයත් මෙම ඉන්ධන නෞකාව ඉන්දියාව බලා යමින් සිටි එකක් බවයි.

එම මුහුදු ප්‍රදේශය වෙත දැනටමත් නාවික නෞකා තුනක් යැවු බවද නාවික හමුදාව සඳහන් කරයි.

41,514 views

9 Comments to “අම්පාර මුහුදේ විදෙස් තෙල් නැවක් ගිනිගනී.. නාවික හමුදාව දිවි නොතකා මානුෂික මෙහෙයුමේ..”

  1. ලපයා says:

    බොරු කතා…මේ ආන්ඩුව ආවත් හරි මුලු ලෝකෙම කැලබිලා

  2. kamal says:

    ජාතික ප්‍රතිපත්තිද ඔනේ පළාත් සබාද මොකද පළාත් සබා ගෙනාවොත් ජාතික ප්‍රතිපත්ති ප්‍රයෝගික නැ විශ්වයේ ඉන්න ඔනැම කෙනෙකුට සංවාදයට විවෘතයි

  3. damian says:

    මූදට තෙල් ලීක් උනොත් ?

  4. ලක්වැසියා says:

    තෙල් මුහුදට කාන්දු උනොත් ලොකු විනාශයක් වෙයි.

  5. කාන්තාර පළඟැටියා says:

    සමුද්‍ර දූෂණය වෙලා නම් අදාල සමාගමෙන් වන්දියක් අය කරගන්න ඕනෑ.

  6. Sirimal says:

    Life saving is priority

Main News