අම්බුළුවාව කොල්ලකෑ ලෙසින්ම ගම්පොල නගරයම කොල්ල කෑමේ සූදානමක්

April 1, 2017 at 3:23 am | lanka C news
අම්බුළුවාව කොල්ලකෑ ලෙසින්ම ගම්පොල නගරයම කොල්ල කෑමේ සූදානමක්

සමාජ ජාල එකමුතුවක් වන ගම්පොල ජනතා පෙරමුණ සිය මංගල මාධ්‍ය හමුව ගම්පොලදී පවත්වන ලදි. ඒ සඳහා එම පෙරමුණේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන ජ්‍යොතිර් විද්‍යාව සහ ශී‍්‍ර රාවන ඉතිහාසය පිළිබඳ ගවේශක සමීර චන්ද්‍රසිරි මහතා සහ තරුණ කි‍්‍රයාකාරිකයන් වන එම පෙරමුණේ මාධ්‍ය ලේකම් රුක්ෂාන් මලවිආරච්චි, තරුණ කටයුතු ලේකම් ජානක සෝමරත්න යන මහත්වරු එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ සමීර චන්ද්‍රසිරි මහතා,

අපේ අරමුණ ප‍්‍රදේශයේ සිදුවන වංචා දූෂණ අක‍්‍රමිකතා වලට එරෙහිව පාට පක්ෂ භේදයකින් තොරව ජනතාව පෙළගස්වන ව්‍යාපාරයක් දියත් කිරීමයි. අපි සමග ඉන්නේ දැන උගත් පුද්ගල අරමුණු වලින් තොර තරුණ කණ්ඩායමක්.

අපි දන්නවා ගම්පොල කියන්නේ ඓතිහාසික රාජධානියක්. නමුත් අද වෙනකොට ගම්පොල ජරා ජීර්ණ වූ නගරයක් බවට පත්වෙලා. නගරයේ කුණු ප‍්‍රශ්ණය විසඳගන්න බැරි තත්වයකට පත්වෙලා. ඒත් එක්කම නගරයේ වැදගත් මර්මස්ථාන ඉඩකඩම් ජාවාරම්කාරයින් අතට පත්වෙලා. එදා මෙදා තුර ගම්පොල නගරය පාලනය කල සියළු පක්ෂ වල පාලකයෝ මේ තත්වයට වගකියන්න ඕන.

උදේ හවස ගම්පොල ජනතාවට පේන්න තියන අම්බුළුවාවෙන් අපි කතාව පටන් ගත්තොත් එය වන සංරක්ෂණ දෙපාර්මේන්තුව සතු දේපලක් වෙලත් එය මේ වන විට පුද්ගලික බූදලයක් බවට පත්වෙලා තියනවා 2009 අංක 44 දරන අම්බුලූවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල් පනත මගින්. අපි දන්නවා මේ අම්බුලූවාව අයිති වුනේ රජයට සහ සිංහාපිටිය ධර්මාශ‍්‍රමය පංසලට ස`ග සතුකොට පූජා කල ඉඩමකින්. අපි දන්නේ නෑ මේ ඉඩම කොහොම මේ අයට පැවරුනාද කියලා. නමුත් මේ වන විට මේ ඉඩම මේ පනත හරහා බුක්ති විඳිමින් ඉන්නේ එක පවුලක්. අපිට පුද්ගලිකව මේ කිසි කෙනෙක් එක්ක ප‍්‍රශ්නයක් නැහැ. නමුත් රටක් හැටියට ජාතියක් හැටියට මේ කරගෙන යන ව්‍යසනය අපිට තව දුරටත් බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ගම්පොල ජීවත් වන තරුණයෝ හැටියට අපිට තව දුරටත් නිහ`ඩව ඉන්න ඉඩක් ඉතුරු කරලා නැහැ. අම්බුලූවාව පනත විතරක් නෙවෙයි 1998 අංක 44 දරන ජාතික උරුම සංවිධානය (සංස්ථාගත කිරීමේ* පනත හරහාත් සිද්ධ වෙලා තියෙන්නේ නගරයේ අමිල වටිනාකමකින් යුතු ස්ථාන පවුලක් අත්කරගැනීමයි. මේ සියළු දේ හරහා වෙලා තියෙන්නේ අන පනත් පෙන්වමින් වටිනා මහජන දේපොල පවුලක් කොල්ලකෑමේ ව්‍යාපෘතියක්.

අපිට තියන ප‍්‍රශ්නය මේ මුකුත් නෙවෙයි. මේ දේවල් දැන් වෙලා ඉවරයි. අපි බලන්නේ මොවුන් ඉදිරියට කරන්නට යන කටයුතු පිළිබඳවයි. අලූත්ම සෙල්ලම තමයි ගම්පොල නගර සංවර්ධන භාරය කියලා අටවගත්ත භාරයක් මගින් ගම්පොල නගර සංවර්ධනය මෙම ජාවාරම්කරුවන් යටතට ගැනීම. ඒ හරහා සංවර්ධනය යැයි කියමින් ප‍්‍රදේශයේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය ඉෂ්ඨ කිරීම.
ගම්පොල දුම්රිය දෙපාර්තමේන්තු වට අයත් ඉඩමක කඩ ඉදිකරන්න කියලා මේ වෙනකොට අවුරුදු 200කට වඩා පැරණි ගොඩනැගිල්ලක් කිසිම පුරාවිද්‍යා අනුමැතියකින් තොරව කඩා බිඳ දාලා තියනවා. ඒත් එක්කම ගම්පොල නගරයේ අඹගමුව පාරේ ජලය බැස යන පතහ කුඹුර නිසි අවසරයකින් තොරව ගොඩ කරලා තියනවා. ගම්පොලට තවත් කඩ මොකටද කියලා මිනිස්සු අහනවා. මේ කරන්නේ මහජන අවශ්‍යතාවය ඉටු කිරීමක් නෙවෙයි. මෙතනින් මේක නැවැත්තුවේ නැත්නම් මේ අය ගම්පොල පොලීසිය පිහිටා ඇති ඉඩම, ගම්පොල උසාවිය පිහිටා ඇති ඉඩම අත්පත් කරගැනීමේ චේතනාවෙන් ඒ ආයතන නගරයෙන් බැහැරට ගෙනයන්න හදනවා. පොලීසිය තියෙන්නේ එය තිබිය යුතු සුදුසුම තැන. උසාවිය තියෙන්නේ උසාවියට උචිතම තැන. අපි කිසි විටෙක අමතක කල යුතු නැහැ දකුණු ආසියාවේ ලොකුම කුඩු කන්ටේනරය ගත්තත් එහි මූලයන් තියෙන්නෙත් ගම්පොල කියන කාරණය. ඒ නිසා අපි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ ලොකු ජීවිත අවධානමක් අරගෙන. අපි මේ සටනට නායකත්වය දෙන්න සූදානම්.

ගම්පොල ජනතාව අපි වටේට පවුරක් වගේ සිටිමින් අපිව රැකගයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම සියළුම මාධ්‍ය ආයතන වලින් අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා අපිව හෙට මරලා දැම්මත් තමුන්නාන්සේලා මේ සටන දිගටම අරගෙන යන්න කියලා. ගම්පොල කුණු ප‍්‍රශ්නය අපි ගත්තොත් මේ තරම් ව්‍යාකූල තත්වයකට පත්වෙලත් කිසිම පාලකයෙක්ට කඩ ගහන්න තියන අමාරුව කුණු ප‍්‍රශ්ණය විසඳන්න නැහැ.

අපි විශ්වාස කරන් නෑ පක්ෂ වල පාක්ෂිකත්වයන් කර පින්නාගෙන මේ රට ගොඩ නගන්න පුළුවන් කියලා. යම් කිසි රටක පාලකයෝ කොල්ලකනව නම් ඒ කොල්ලකෑමේ වගකීම පැවරෙන්නේ ඔවුන් පත්කල ඡුන්දදායකයො වගේම ඒ රටේ ඉන්නවනම් අවංක සබුද්ධික පිරිස් ඒ අයටයි. අවංක සබුද්ධික අයවළුන්ගේ නිහැ`ඩියාව සෘජුවම වගකියන්න ඕන ඒ පාලකයොන්ගෙ කොල්ලකෑම් වලට. ඒ වගේම අපි පාලකයොන්ගේ හොරකම් ගැන කතා කලාට අපි කතාකරන්නේ නෑ ඒ පාලකයොන්ගෙ හොරකම් වලට සම්බන්ධ වන නිලධාරී පැලැන්තිය ගැන. මේ කිසි නිලධාරියෙක්ව පත් කරලා නැහැ ආසන සංවිධායක එහෙමත් නැත්තම් මන්තී‍්‍රවරයා ඇමති වරයා කියන කියන ලියවිලි වලට අත්සන් තියන්න. පක්ෂ වලට තියන ගැති බව නිසා ආසන සංවිධායකට තියන ගැති බව විසා මේ නිලධාරියෝ ජනතාවට හිමි මහජන දේපොල අහිමි කරන තැනට පත්වෙලා තියනවා.

ඒත් එක්කම අපි අල්ලස් හෝ දූෂණ මර්ධනය සඳහා වන කොමිසමෙන් ඉල්ලා සිටිනවා රටේ සෑම ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයක් තුලම සෘජුව තමන්ගේ ආයතනය යටතේ කි‍්‍රයාත්මක වන ඒකකයක් පිහිටුවන්න කියලා. වංචාව දූෂණය වැලැක්වීම සඳහා කි‍්‍රයාත්මක කණ්ඩායමක් ස්ථාපිත කරන්න, මොකද ගම් වල ඉන්න මිනිස්සුන්ට මේ සියළු දේවල් පැමිණිලි කරන්න කොළඹ යන්න ඊට වියදම් කරන්න හැකියාවක් නැති නිසා.

– රුක්ෂාන් මලවිරාච්චි

486 views
Main News