‘අම්මගේ සොහොන රකින්න බැරි සේනාධිනායක’ විඩියෝව තර්ජන මැද ගලවයි.. උදයංගගෙන් යලි වීඩියෝව..
May 17, 2022 at 9:20 am | lanka C news
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමග අන්තර්ජාල නාලිකාවක් සිදුකරන ලද සාකච්ඡාව ඉවත් කර තිබේ.
වීරතුංග මහතා සඳහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එම වීඩියෝව ඉවත් කරන්නැයි බලපෑම් එල්ල වී ඇති බව තමන්ට දැන්වූ බවයි.
ඒ සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ පල කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
—
මා හදිසි අනතුරකට ලක් වූ හොත්, මගේ නිවස ගිනි ගත්තොත්, හදිස්සියේ අත්අඩංගුවට ගත්තොත් හෝ වෙනත් ගුප්ත සිදුවීමක් අතර සුදු වෑන් එකක් මා සොයා පැමිණී යොත් මා තේරුම් ගන්නේ, ලොක්කා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෙන්චයියන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි. එබැවින් මෙම මාධ්‍ය නිවේදනය, මගේ ජීවිත ආරක්ෂාවට එක් පියවරක් ලෙස මෙසේ නිකුත් කරමි. තවද එම වැඩසටහන මගේ මුහුණු පොත හරහා සහ පහත සදහන් යූ ටියුබ් නාලිකාව හරහා ඔබට නරඹන්න පුළුවන් බව ද දන්වා සිටිමි.
උඹලා, කසිප්පු ජොනීලා, අර කට කැඩිච්ච එස් බී ලා බනින එක හොඳයි …… එතකොට මිනිස්සු ඔක්කොමල දැනගන්නවා කාටද සපෝට් කරන්ට ඕනෙ කියලා !