‘අම්මට හුඩු හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.. ආතල්’ පොලිස්පති උත්සව සභාවක රංගනයේ.. භික්‍ෂුන්-ගුරුන්-සිසුන් තුෂ්නිම්භූතයි…[Video]

September 14, 2018 at 10:27 pm | lanka C news
‘අම්මට හුඩු හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.. ආතල්’ පොලිස්පති උත්සව සභාවක රංගනයේ.. භික්‍ෂුන්-ගුරුන්-සිසුන් තුෂ්නිම්භූතයි…[Video]

තමන් විහිළු සපන්නේ බවට ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්න එපා යයා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මාතර කොටපොල ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය දීය.

එහිදී සභාවේ සිටි ගුරු මණ්ඩලය පොලිස්පතිවරයා විසින් අමතනු ලැබුවේ සිසුන් ඉදිරියේ දී බලවත් ලෙස අපහසුතාවයට පත් වන ලෙසින් යයි සමාජ ජාලාවන්හි චෝදනා එල්ල වෙයි.

එමෙන්ම උත්සවයට පැමිණ සිටි භික්ෂූන් වහන්සේලාට පොලිස්පතිවරයා ආමන්ත්‍රණය කළ ආකාරයට ද සමාජ ජාලාවන්හි එල්ල වන්නේ දැඩි විවේචනයකි.

‘අම්මටහුඩු දෙන්නයි.. හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.. දානෙ දෙන නිසා පුදුමයි අනිත් දෙකක් වැඩ ඉන්නවා’ යැයි කී පොලිස් ‘ආතල්’ යයි කියමින් අත්පුඩියක්ද තැලීය.

335 views
Main News