අමාත්‍යංශවලට බලෙන් පනින හිටපු ඇමතිලා කුදලං යන්න පොලිසිය යොදවයි.. පොදු දේපල පනතින් ඇප නැතිව ඇතුලට..

November 4, 2018 at 3:50 pm | lanka C news
අමාත්‍යංශවලට බලෙන් පනින හිටපු ඇමතිලා කුදලං යන්න පොලිසිය යොදවයි.. පොදු දේපල පනතින් ඇප නැතිව ඇතුලට..

අමාත්‍යංශවලට හා රජයේ වෙනත් ආයතනවලට බලහත්කාරයෙන් කඩා වැද රජයේ නිලධාරින් අපහසුතාවයට පත් කරන හිටපු ඇමතිවරුන්ට එරෙහිව නිතිය ක‍්‍රියාත්මක කිරිමට රජය තීරණය කර තිබේ.

හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකු පසුගිය දිනවල අමාත්‍යංශවලට කඩා වැදී වැදීම නිසා අවුල් සහගත තත්වයට පත් වූ අතර පුද්ගලයන් දෙදෙනෙකු මරණයටද පත් විය.

මේ හේතුව මත එසේ ඇතුළු වූ හිටපු ඇමතිවරුනට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිය ක‍්‍රියාත්මක කරනු ඇති අතර ඉදිරියේදී අමාත්‍යංශවලට දැඩි ආරක්‍ෂාවක් යෙදවීමටද කටයුතු කර ඇත.

54 views