අමාත්‍යංශවලට, රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන බෑ.. ජනාධිපති දන්වයි..

January 3, 2020 at 8:40 am | lanka C news
අමාත්‍යංශවලට, රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන බෑ.. ජනාධිපති දන්වයි..

ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප‍්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව දැනට අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳව ගණනය කිරීම සිදුකර වඩාත් ප‍්‍රරතිඵලාදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක‍්‍රමවේදයක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

යම් හෙයකින් අමාත්‍යවරයකුට හෝ රාජ්‍ය ආයතනයකට අලුතින් වාහනයක් අත්‍යාවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි සොයාබැලීමක් සිදුකර ඒ ඉල්ලීම ඉටුකිරීමට නියමිතය.

මේ වනතෙක් රාජය සතු වාහන කළමනාකරණය කිරීමක් සිදුව නොමැති අතර විවිධ හේතු දක්වමින් විටින් විට වාහන මිලදී ගැනීම නිසාවෙන් මහජන මුදල් කෝටි ගණනින් අපතේ යන බවට අණාවරණය වී ඇති බැවින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

– lankadeepa

100 views

7 Comments to “අමාත්‍යංශවලට, රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන බෑ.. ජනාධිපති දන්වයි..”

  1. නයා says:

    මැති තුමනි,
    කරුනාකර ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ හෝ සියළු රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳ වගකීමකින් යුතු දත්ත පද්ධතියක් පවත්වාගෙන යන්න.
    ඒ ඒ ආයතන සතු වාහන පිළිබඳ අදාල ආයතන ප්‍රධානීන් හෝ අමාත්‍යාංශ ලේකම් වරුන් වගකිව යුත්තන් බවට පත් කරන්න.

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    ජනාධිපතිතුමනි, මේ ඔබටයි.
    JR ගේ විවෘත ආර්ථිකයෙන් වසා දැමු “රජයේ සැපයුම් දෙපාර්තමේන්තව” නැවත පිහිටුවා, රජයේ වාහන ඇතුළු සියළුම අවශ්‍යතාවයන් ඒ හරහා සපයමු. රජයට අවශ්‍ය අල්පෙනිත්තේ සිට ගුවන් යානා, නෞව්කා දක්වා පෙර පරිදි මේ හරහා සපයන්න. කොමිස් ගැහිලි, වංචා අඩුකළ හැකි වේවි.

  3. Ajith says:

    Excellent decision

  4. sisira says:

    mewa karagena yanakota ..wiruddawaden prati viplawayak karanna puluwan…e nisa pawtina krama kotaram jarajeerna unath prawesamen wenas kala utuyi..

  5. Lanka says:

    Very good sir. Our greedy politicians won’t like this idea at all. We are with u because we know u are trying very hard to change the corrupted system. All the best.

  6. Joni says:

    Thank you sir!

Main News