අමාත්‍යංශවලින් 70%ක් පවුලට.. ආයතන ප‍්‍රධානීන් පත් කලේ විද්වත් කමිටුවෙන්ද..

January 15, 2020 at 6:26 am | lanka C news
අමාත්‍යංශවලින් 70%ක් පවුලට.. ආයතන ප‍්‍රධානීන් පත් කලේ විද්වත් කමිටුවෙන්ද..

වර්තමාන ආණ්ඩුව ජනතාව මත විශාල පීඩනයක්  එල්ල කරමින් ඉන්නවා ඒ වගේම ජනතාවට ලබා දෙන  සහන දවසින දවස කප්පාදු කරමින් ඉන්නවා.  ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසාගන්න ජනතාවට විනෝදය සපයමින් සිටින බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහා ලේකම් ජනාධිපති නීතිඥ  මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

මේ ආණ්ඩුව ලොකු ලොකු වැඩ ගොඩක් කරනවා කියල ආවත් දැන් කරමින් ඉන්නේ ජනතාවට විහිළු සපයමින් සිටීම පමණයි ආණ්ඩුවේ ඇමතිවරු නිරන්තරයෙන් කියන දෙයක් තමයි 2/3ක් නැතුව මොකුත් කරන්න බැ  කියන එක. කවදාහරි මේ අයට තුනෙන් දෙකක් ලැබෙන කන් ජනතාව කට අරගෙන් ඉන්න ඕනේ කියලයි මේ ඇමතිවරු කියන්නේ. පාලකයා දැනගන්න ඕනේ තමන්ට තියෙන බලයෙන් වැඩ කරන්න මේ ආණ්ඩුව මහජනතාව තුල මානසිකතවයක හදමින් ඉන්නවා 2/3 නැතුව රටේ වැඩක් කරන්න බැ කියල ඇත්තම කතාව මෙයාලගේ බලාපොරොත්තුව 2/3 ක් අරගෙන තමන්ට ඕනේ ඕනේ විදියට රට දක්කාගෙන යාම. ඩලස් අලප්පෙරුම ඇමතිවරයාට අනුව ජනතාවට සහන දෙන්න තිනෙන් දෙකක් ඕනේ මිට කලින් තිබුණු බොහොමයක් ආණ්ඩු ජනතාවට සහන දුන්නේ 2/3 තියාගෙන නොවෙයි ඩලස් කතා කරන්නේ මැරිලා ඉපදුන වගෙයි යනුවෙන් ගුණරත්න මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා

මේ ආණ්ඩුව බලයට එන්න කලින් ජතාවට කිව්වේ වෙන කතාවක් දැන් කියන්නේ සහ කරන්නේ තව කතාවක් මේ ආණ්ඩු මහා බැංකු වංචාව ගැන අද වචනයක් කතා  කරන්නේ නැ පාස්කු ප්‍රහාරයට සම්බන්ද පුද්ගලයන් අත්තඩගුවට  ගැනීම ගැන කතා කරන්නේ නැ රජයේ ඉඩම් විකුනන්නේ නැ කියල ජනතාවට පොරොන්දු උනත් ඇවිත් සතියෙන් දෙකෙන් රටේ අගනුවර ඉඩම් අයෙත් චීන සමාගම්වලට බදු දෙන්න පටන් අරගෙන ආණ්ඩුව ඒවා වහගන්න ජනතාවට හැඩ පටි  දවසින් දවස එලියට දානවා වගේ විහිළු සපයමින් ඉන්නවා. අපි පැහැදිලිව කියනාවන් මේ ආණ්ඩුවට රට පිලිබදවා දර්ශනයක් දැක්මක් නැ පහුගිය ආණ්ඩුවේ විවිද වැරදි තිබුනා අපි ඒවා පිළිගන්න ඕනේ ඒවගේ ප්‍රතිපල තමයි පහුගිය පරාජයෙන් පෙන්නුම් කෙරුවේ. නමුත් මේ ආණ්ඩුව ඒ ආණ්ඩුවේ බොහො දේවල් ඉදිරියට ගෙන යමින් ඉන්න බවකුත් අපිට පෙන්න තියෙනවා

මේ ආණ්ඩුව පැහැදිලිවම කියපු දෙයක් තිබුනා රජයේ තනතුරුවලට දුෂකයන් දේශපාලකයන් පත්කරන්නේ නැ  කියල නමුත් මේ වෙදදී ආණ්ඩුව ඊට පටහැනිව පත් කිරීම් කරගෙන යනවා පවුලේ ඥාතින් පත් කරන්නේ නැ කියල නමුත් අද වෙනකොට ඒ පොරොන්දුවත් කඩ කරලා රජයේ ඉහල නිලධාරින් පත්කරන්න කියල කමිටුවක් ජනාධිපති තුමා පත්කෙරුව අපි අහනවා මේ පත් කරපු සියලු පත් කිරීම් කෙරුවේ ඒ කමිටුවෙන්ද කියල  අමාත්‍යාංශවලින් 70%  ක් තමන්ගේ පවුල යටතේ තියාගෙනත් වැඩ කරන්න බැ කියල කියනවා ජනාධිපති අගමැති තවත් ඇමතිවරයෙක් එකම පවුලක ඉන්නවා එහෙම ඉදලත් වැඩකරන්න තවත් බලය ඉල්ලනවා අපිට හිතාගන්න බැ ඉල්ලන්නේ මොන තරම් බලයක්ද කියල යනුවෙන්ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය.ඒ මහතා මෙසේ අදහස් දක්වන ලද්දේ 2/3 නොදෙනු ප්‍රජාතන්ත්‍ර වාදය සුරකිමු පවුල් පාලනයට තිත තියමු යන තේමාව යටතේ කොළබ කොටුව දුම්රිය ස්ථානයේ අත්පත්‍රික බෙදා දීමකට සහභාගී වෙමිනි.

– කිර්ති දුනුවිල

68 views

25 Comments to “අමාත්‍යංශවලින් 70%ක් පවුලට.. ආයතන ප‍්‍රධානීන් පත් කලේ විද්වත් කමිටුවෙන්ද..”

  1. praba says:

    අනේ පලයං යන්න කෙහෙල් ඇවරියා. උඹලට පසුගිය රජයේ වැරදි පෙනුනේ නැද්ද. උඹල වැඩක් කරන ජනාධිපතිතුමා අපහසුතාවයට පත්කරන්න එපා. ගොජ තඩියා

  2. WMFernando says:

    Most of lawyers are curse to Sri Lanka. They ready to tell any type of lie even before courts to safeguard wealthy and earn a lot, They are real opportunists, that’s why most of politicians want to be lawyers and not for anything else. We have to get rid of present day lawyers.

  3. suminda says:

    mun ratata hondak wenawata akamathi jathiyak. UNP kiyanne rata wanasanna aapu jaraama jathiyak. mulinma karanna one munwa punarththapanaya karanala .. samaja gatha karana eka.

  4. Gini says:

    This is only the presidential election. After the general elections obtain the full power to carry on with the ideology. All present 70% appointed by the previous government. Also don’t forget that the people are not stupid any more.

  5. සිරියාවතී says:

    ඒ් පවුල තමයි අනේ අපිට බයක් සැකයක් නැතුව, දරු මල්ලොත් එක්ක පාරෙ බැහැලා යන්න එන්න පුළුවන් රටක් හදලා දුන්නේ … ඒ කාලෙ ඔයා කොහෙද හිටියෙ …?

  6. haramanis says:

    Baddudinta ayathana 52 denakota umba dakke nadda

  7. David Milli-banda says:

    Maithree Gunaratne is speaking for votes…………. People will speak.

Main News