අමාත්‍යංශ ලේකම්ටත් උඩින් සභාපති යයි.. තහනම් කළ චාරිකාව අළුත් විදයකට එයි..

December 4, 2016 at 4:40 pm | lanka C news
අමාත්‍යංශ ලේකම්ටත් උඩින් සභාපති යයි.. තහනම් කළ චාරිකාව අළුත් විදයකට එයි..

ගුවන් සේවා අධිකාරිය විසින් පසුගියදා රජයේ මුදල් මිලියන 3ක පමණ මුදලක් වැය දරා සිදුකරන්නට ගිය චාරිකාව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වහාම අත්හිටුවන ලද අතර එය දැන් නැවත නව මුහුණුවරකින් කරළියට රැගෙනවිත් තිබේ.

ගුවන් සේවා අධිකාරිය මේ වන තෙක් කිසිදු සුහද හමුවක් පවත්වා නොමැති අතර ඉතා හදිසියේ කිරිඇල්ල විජය හොලිඩේ රිසෝට්හි සුහද හමුවක් සංවිධානය කර ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරයා නවතා දැමූ චාරිකාව වෙනත් විදියකට පැවැත්වීම සඳහා බව වාර්තා වේ.

ගුවන්සේවා අධීකාරියේ සභාපතිවරයා මෙලෙස යහපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අණ නොතකමින්, ආයතන මුදල් යොදා ගනිමින් විනෝද චාරිකා සංවිධානය කරන්නේ තමන් ඔහුට වඩා බලවත් බව පෙන්වීම සඳහා යයි අධිකාරියේ සේවකයෝ පවසති.

untitled-1

10 views
Main News