අමාත්‍යංශ ලේකම්වරු චක‍්‍රලේඛ කඩමින් එජාප ආධාරකරුවන්ට රැකියා බෙදයි..

January 8, 2019 at 8:40 am | lanka C news
අමාත්‍යංශ ලේකම්වරු චක‍්‍රලේඛ කඩමින් එජාප ආධාරකරුවන්ට රැකියා බෙදයි..

ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සි.බි රත්නායක මහතා පැවසිය.

වත්මන් දේශාපලන තත්ත්වය පිලිබදව දැනුවත් කිරිම සදහා හැටන් නගරයේ අද (07) පැවති මාධ්‍යය සාකච්ඡාවකදි සි.බි රත්නායක මහතා ඒ බැව් කියා සිටියා.

වත්මන් රජයේ පාලන බලය වැඩිකල් නොයන බවත්, මේ රටේ ජනතාව මහ මැතිවරණයක් අපේක්ෂාවෙන් සිටින බවත්, සි.බි.රත්නායක මහතා කියා සිටියි.

අග්‍රමාත්‍යයවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා දින 55 ක් තුල මේ රටේ ජනතාවට සහන රැසක් ලබා දුන්නද වත් මන් රජයෙන් රටේ ජනතාවට එවැනි සහන  ලබා නොදෙන බවද සි.බි රත්නායක මන්ත්‍රිවරයා මධ්‍යය හමුවේදි කියා සිටියා.

ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරු පක්ෂග්‍රහිව චක්‍ර ලේකන වලට පටහැනිව එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ට රැකියා අවස්තා ලබාදිමට කටයුතු කරන බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවත්, එවැනි ආකාරයට රැකි රක්ෂා ලබා දුන හොත් එයට එරෙහිව තමන් නැගි සිටින බවද   සි.බි රත්නායක මහතා මේ මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,473 Viewers
Main News