අමාත්‍යංශ ලොක්කන් ඇමති රවිට දිරච්ච ලණු ගිල්ලවලා..

March 2, 2019 at 8:40 am | lanka C news
අමාත්‍යංශ ලොක්කන් ඇමති රවිට දිරච්ච ලණු ගිල්ලවලා..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විදුලිබල අමාත්‍යාංශයේ නිළධාරීන් විදුලිබල අමාත්‍යවරයාට දිරච්ච ලණුවක් දීලා !පුනර්ජනනීය බලශක්ති ඉලක්ක පුස්සක්?

සුර්ය බල සංග්‍රාමය යටතේ වසර 2025 වන විට වහල මත සවිකරන සුර්ය බල පද්ධති මගින් මෙගා වොට් 1000ක විදුලිබල ප්‍රමාණයක් ජනනය කරගැනීම රජයේ ඉලක්කය වී තිබේ.  සුර්ය බල සංග්‍රාමය රජය නිල වශයෙන් ආරම්භ කලේ 2016 වසරේදී ය. එය ආරම්භ කරන විටද වහල මත සවිකරන සුර්ය බල පද්ධති මගින් මෙගා වොට් 30ක පමණ දායකත්වයක් ජාතික විදුලි බල පද්ධතියට ලැබෙමින් පැවතිණි. සුර්ය බල සංග්‍රාමය හදුන්වාදී වසර 3කට වඩා ගතව තිබේ. සංග්‍රාමය දියත් කිරීමට පෙර සවිකර තිබු මෙගා වොට් 30ක පමණ ධාරිතාවයද එක් කල විට මේ වන වහල මත සවිකරන සුර්ය බල පද්ධති හරහා ජාතික පද්ධතියට එක්කර ඇති සමස්ත ධාරිතාවය මෙගා වොට් 150කට සීමා වී තිබේ. ඒ අනුව ආසන්න වශයෙන් වසරකට සුර්ය බල සංග්‍රාමය මගින් එක් කෙරෙන ධාරිතාවය මෙගා වොට් 50ක් පමණි. මේ අතර 2025 වන විට සුර්ය බල පද්ධති මගින් මෙගා වොට් 1000ක ධාරිතාවයක් එක් කර ගැනීම රජයේ ඉලක්කයයි. එහෙත් දැනට සුර්ය බල පද්ධතිවල ආයෝජනය කිරීමට ජනතාව මැලිකමක් දක්වන නිසා එවැනි ඉල්කයකින් හරි අඩක්වත් ළගා කර ගැනීම අසීරු බව පැහැදිලි ය. මෙවැනි තත්වයක් තිබියද විදුලිබල අමාත්‍යංශය සුර්ය බල පද්ධතිවලින් විදුලිය මිලදී ගැනීමේ මිල අඩුකිරීමට සැරසෙන බව වාර්තා වේ.

එවැනි මිල අඩුකිරීමක් කරන්නේ කුමන පදනමක් මතද යන්න හෙලී වී නැතත් විදුලිබල අමාත්‍යවරයා පවසා ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන නිසා එසේ කරන බවයි. රජය සුර්ය බල පද්ධති වලින් මිලට ගන්නා විදුලි ප්‍රමාණය මෙගා වොට් 150ක් පමණ වන අතර ලංකා විදුලිබල මණ්ඩලය මෙගා වොට් 500කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගන්නේ සුර්ය විදුලිබලයට වඩා වැඩි මිලක් ගෙවමිනි. හදිසි අවශ්‍යතා යටතේ මිලදී ගන්නා විට විදුලි ඒකකයකට රුපියල් 31ක් වැනි මිලක් ගෙවනු ලබයි. ලංකා විදුලිබල මණ්ඩලයට ඩීසල් විදුලිය අලෙවි කරන පුද්ගලික විදුලි බලාගාර අධික ලාභ ලබන බව එම සමාගම් වල ගිණුම් වාර්තා වලින්ද සනාථ කරයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභ අඩු කිරීමට නම් රජය ඩීසල් විදුලියට ගෙවන මිල ගණන් ද අඩු කල යුතු ය. එසේ නොමැති ව  ඉතා කුඩා ධාරිතාවයක් වන පුනර්ජනනීය වීදුලියට ගෙවන මිල ගණන් අඩු කිරීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ අලාභ අඩු කල නොහැකිය.

සුර්ය බල පද්ධතිවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් තීරණය කරනු ලැබ ඇත්තේ විශේෂඥ කමිටුවක් මගිනි. එයද කිසියම් පිළිගත් ක්‍රමවේදයකට අනුවය. මෙම මිල සංශෝධනය කළ යුතු වන්නේ ද එවැනි ක්‍රමවේදයකට අනුව විනිවිද භාවයකින් යුතුව ය.

සුර්ය බල පද්ධතිවල ආයෝජනයට මහජනතාව මැලි වන්නේ ඇයිද යන්න රජය සොයා බැලිය යුතු ය. සුර්ය බල පද්ධතියක ආයෝජනය කරන මුදල ආපසු ලැබීමට වසර 6ක්වත් ගත වේ. ඉන්පසුව කිසියම් ලාභයක් ලැබුණද වසර 25කින් පසුව එම පද්ධතියෙන් කිසිදු වැඩක් ගත නොහැක. ඒ අනුව වසර 25ක කාලයක් සදහා බැංකුවක මුදල් තැන්පත් කිරීම වඩා වාසිදායක ය. මාසිකව පොලියත් අවසානයේ සමස්ත මුදලත් ආපසු ලැබේ. රජය විසින් කල යුත්තේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපයන විදුලියට වැඩි මිලක් ගෙවීමය. ඒවා දිරිගැන්වීම කල හැක්කේ ආකර්ෂණීය මිල ගණන් ගෙවීම මගින් පමණි.

මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට වැට බැදීමට අවශ්‍ය වී ඇත්තේ ඩීසල් විදුලියෙන් අධික ලාභ ලබන සමාගම් කිහිපයකට හා ඒ සමාගම් වලින් යැපෙන විදුලිබල අමාත්‍යංශයේ හා ලංවිම නිළධාරීන් අතලොස්සකට පමණි.

2014 වසරින් පසුව කිසිදු මහා පරිමාණ විදුලිබලාගාරයක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අසමත් වී ඇත. මෙරට විදුලි පාරිභෝගිකයා බැංකුවලින් ණය ලබාගෙන සිය වහල මත ඉදිකරන සුර්ය බලාගාර රටේ ආර්ථිකයට කරන සේවය සුළු පටු නොවේ. විදේශ විනිමය ඉතිරිකරනවා පමණක් නොව පරිසරයද සුරකී. සුර්ය බලාගාර ඉදිකිරීමට වැට බදිනවා පමණක් නොව වසරින් වසර හදිසි අවශ්‍යතා යැයි පවසමින් අධික මිලට විදුලිය මිලදී ගැනීමට විදුලිබල අමාත්‍යංශයේ වත්මන් ලේකම්වරයා ප්‍රසිද්ධියේ ක්‍රියාකර ඇති බව දැන් සනාථ වී තිබේ. ආසන්නතම නිදසුන් පසුගිය ජනවාරි මාසයේදී කැබිනට් මණ්ඩලයද නොමග යවමින් හදිසි විදුලි හිගයක් ඇතිවන බව පවසමින් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවයි. එහීදී මෙගා වොට් 170ක ධාරිතාවයක් ඒකකය රුපියල් 30 පමණ බැගින් මිලදී ගැනීමට සැරසුන බව පැහැදිලි ය. හදිසි විදුලි හිගයක් තිබුණා නම් මේ වන විට රට අදුරේ පැවතිය යුතු ය. වහල මත සවිකරන සුර්ය බල පද්ධති කඩිනමින් ස්ථාපිත කර වසරකට මෙගා වොට් 200ක පමණ ධාරිතාවයක් එක් කිරීමට පහසුවෙන් පුළුවන. එහෙත් ඒවා අධෛර්යමත් කර වසරින් වසර හදිසි මවමින් ඩීසල් විදුලිය මිලදී ගැනීමට ක්‍රියා කර ඇත. මෙම හදිසි විදුලි මාෆියාව 2016 වසරේ සිට ක්‍රියාත්මක වි ඇති බව ලංවිම විදුලිය මිලදී ගැනීමේ තොරතුරු පරීක්ෂාවෙන් පැහැදිලි වේ

මේවන විට සූර්ය බලය සදහා ගෙවන මුදලවන රැපියල් 22 ක මුදල රැපියල් 16.53 ට ආසන්න මුදලකට අඩු කිරීමට අමාත්‍යවරයා ගනු ලබන උත්සහය වහා නවත්වන ලෙස අපි බල කරන අතර මෙරට පරිසරයට හෝ පාරිභෝගිකයා පීඩාවට පත් කරන තීරණ විදුලිබල අමාත්‍යවරයා විසින් ගතහොත් නැවතත් ඔහුව විවේක සුවයෙන් ගෙදර තැබීමට අපි පසුබට නොවන බවද මතක් කළයුතුය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

17,331 Viewers

4 Comments to “අමාත්‍යංශ ලොක්කන් ඇමති රවිට දිරච්ච ලණු ගිල්ලවලා..”

  1. Tazan says:

    දැන් වැඩ හැකි ටාසන්ලා කවුද ?

  2. මෝදර ටෙනිසන් says:

    පාරිභෝගික අයිතීන් සුරැකීමෙි ජාතික ව්‍යාපාරයේ සභාපතියැයි කියාගන්නා රංජිත් විතානගේ රවිගෙ ගොටිටෙක්. රංජිත් විතානගේ රවිටත් අන්දපු කෙනෙක්.
    මෙම අමාත්‍යාංශ දක්ෂ ලේකමිවරයෙක් සිටින අමාත්‍යාංශයක්. නිළධාරීන්ට මඩගහන්න එපා.

  3. asela says:

    Mr Withanage
    If this information is accurate please take action to keep the President informed of this crime. Please do not ever think that Ravi Karunanayake is not aware of this scam. He is a well known rogue now acting like a saint. he was given this ministry to rob the money by Ranil. Everyone is aware of this.

  4. Mahasona says:

    පෙර පාසලේ ළදරුවන්ට මුන්ට වඩා මොලේ තියනවා තවත් මුන්ට චන්දෙ දීපල්ලා

Main News