අමාත්‍යංශ වැඩට උදවු නොකරන ලේකම්වරු හා ප‍්‍රධානීන් ඉවතට..- ජනපති දන්වයි

June 12, 2021 at 1:20 pm | lanka C news
අමාත්‍යංශ වැඩට උදවු නොකරන ලේකම්වරු හා ප‍්‍රධානීන් ඉවතට..- ජනපති දන්වයි

අමාත්‍යාංශ වල සංවර්ධන කාර්යාලවලට උනන්දුවක් නොදක්වන හා සහායක් නොදක්වන අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වහාම ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී ඇතැයි සති අග ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෙම ප්‍රධානීන් වැඩි පිරිසක් සංචරණ සීමා හේතුව පෙන්වමින් නිවසේම රැඳී සිටින බවත් කිසිදු රාජකාරි කටයුත්තක් නොකරන නමුත් සියලු දීමනා නොඅඩුව ලබා ගන්නා බවටත් ඇමතිවරුන් ගණනාවක් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සලකා බලා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

අදාල පත්වීම් කරනු ලැබුවේ තමන් විසින් වුවද රටේ හා අමාත්‍යාංශයේ දියුනුවට සංවර්ධනයට ක්‍රියා නොකරන සියලුම නිලධාරීන්ගේ තොරතුරු තමන්ට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයිද වාර්තාවේ සඳහන්ය.

එම සියලු නිලධාරීන් කොතරම් සමීප හිතවතුන් වුවද ඔවුන් ඉවත් කර ඒ සඳහා වෙනත් සුදුසු අය කරනු ලබන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

35,681 views

22 Comments to “අමාත්‍යංශ වැඩට උදවු නොකරන ලේකම්වරු හා ප‍්‍රධානීන් ඉවතට..- ජනපති දන්වයි”

  1. පරිපාලක says:

    සමහර තැන් වල ආවත් කරන්නෙ මීටිං තියාගෙන රජයේ වියදමින් කන බොන එක. ඔය විගනන කට්ටිය දාලා විස්තර අරන් බලන්නකො. දැන් අර බුද්ධි සේවා වලින් වාර්තා ගන්නෙ නැතැයි. කාලය බොහොම ඉක්මනට යනව. බලාගෙන හිටියොත් කෙලවෙන්නෙ නාමල්ටයි. ඉස්සර වෙලා තමන්ගෙ කන්තෝරුව ගැන බලන්න. ජයවේවා.

  2. ජිම් පුතානෝ says:

    අර සීනි ,පොල් තෙල් කේස් වගේ වැඩ කරන්න කියලා ඔය කියන්නේ .එතකොට තව අවුරුදු 3ක් ගියා ම උසාවි වල රස්තියාදු වෙන්න පුලුවන් .

    • ඒබ්‍රහම් ආතා 2021 says:

      ඇයි කාබනික පොහොර. අනිවා තව අවු 2:න් fcid එකෙයි අපරාධ පරීක්ෂණ එකෙයි ලගින්න වීසා එනවා මයි.

  3. ශිරා says:

    අමාත්‍යංශ වැඩට උදවු නොකරන ඇමැතිවරු හා මන්ත්‍රීවරු ඉවතට..

    – ජනපති දන්වයි

  4. Farmer says:

    Agricaulture secretary left earlier due to unachievable target of 100% organic farming

  5. says:

    ජජනාධිපතිතුමනි හොද තීරණයක්…..ඒ වගේ ම රටේ තත්ත්වය හරියට දන්වන ඔබතුමාට හිතවත් , රටට ආදරය කරන පිරිසක් තෝරාගන්න…
    අගේ ඉදගෙන කන කන උන්ට කන රත්වෙන්න ගහල එලවන්න………සියලු මාද්ය තරහවෙලා තියෙන්නේ…හරියට ජනතාවට පණිවිඩය යන්නෙ නෑ….
    එතනයි පුශ්නය…ලගදිත් ඔබතුමා ලගට එකෙක් පැන්න සිරසෙ ඉදං……මෙව්ව ඇනලයිස් කරන්න…..
    මුං ඔබතුමා ට කරන්නෙ මහ විනාශයක්…

  6. Priya says:

    Sagara Kariyawasam kiyana Podu peramune lekamwath ayin karanna.

  7. Rabok says:

    Lokka – We saw this happening long time back – and tried to convey the message through social media – but I think nobody brief you correctly or something else

    Before anything throw old FR /AR /Labour laws and draft flexible new regulations
    Clean all the lazy old bastards in our Bureaucracy who consume a major portion of national income without contributing much

  8. යායා says:

    2000 ක් වෙච්ව ජනාධිපති කාර්ය මංඩලය 200 ට අඩු කරා කියලා අතනින් මෙතනින් පනින අහිකුණ්ඨිකයන් ලං කරගන්නවා…උං ඇවිත් කට ඇරියම තියෙන ලකුනු ටිකත් කැපෙනවා…..
    නිකං ගොං ආතල්…….

Main News