අමාත්‍යධූරවල රැදී සිටීමෙන් පලක් නෑ.. තීරණයක් ගන්නවා.. – රංග බණ්ඩාරත් පොටකට එයි..

December 31, 2016 at 3:00 pm | lanka C news
අමාත්‍යධූරවල රැදී සිටීමෙන් පලක් නෑ.. තීරණයක් ගන්නවා.. – රංග බණ්ඩාරත් පොටකට එයි..

රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර දීම තවදුරටත් ප‍්‍රමාද වන්නේනම් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම එතරම් පලදායී කි‍්‍රයාවක් නොවන බව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නව ආණ්ඩුව බලයට පත් වී වසරකට වැඩි කාලයක් ඉක්මගොස් ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් පත්වී සිටින අපහසුතාව දුරු කිරීමට ක‍්‍රමවත් වැඩපිළිවෙලක් දියත් වී නොමැති බවයි.

මේ ගැටළුව විසඳීමට අදාලව ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා වෙත අවස්ථා කිහිපයකදීම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් පැවසූ පාලිත රංගේබණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව වසරේදීවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනතාව වෙනුවෙන් යමක් කළ හැකි වාතාවරණයක් උදාකර දීමට පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවයි.

මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු සමග අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡුාවකදී අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

ඔහු යෝජනා කර සිටින්නේ රාජ්‍ය අමාත්‍යංශ වෙත විෂයපථයන් වෙන් කර දීමට පියවර ගත යුතු බවයි. එමෙන්ම ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍යංශ වෙත මේවන විටත් ලේකම්වරු ලබා දීමට පියවර ගෙන ඇතත් ප‍්‍රායෝගිකව වැඩකටයුතු සිදු කිරීමට හැකි වාතාවරණයක් නොමැති බවයි. රාජ්‍ය අමාත්‍යංශ මගින් පලදායී සේවාවක් සිදු කිරීමටනම් වෙනම වැය ශීර්ෂයක් මගින් මුදල් ප‍්‍රතිපාදන වෙන් කර දිය යුතු බවද ඔහු යෝජනා කර සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මෙසේද පැවැසීය.

‘රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත් වෙලා ඉන්න බොහෝ දෙනෙක් ශක්තිමත්ව නිර්මාණශීලීව වැඩ කරන්න පුළුවන් අයයි. එවැනි ජනතා නියෝජිතයින් නිකරුනේ ඉන්න කැමති නැහැ. වසර ගණනක් අපි බලන් හිටියේ ජනතාවට වැඩ කරන්න. ආණ්ඩු බලය ලැබුණම අපි සතුටු වුණේ ඒ නිසයි. එහෙත් රාජ්‍ය අමාත්‍ය කිරුළ යටතේ වැඩ කරන්න තිබුණු ශක්තිය නැති වෙලා.

අපි දැන් අරගල කරන්නේ වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කර ගන්න. හැබැයි මෙහෙම අරගල කරන්න සිද්ද වෙයි කියලා එදා අපිවත් මහජනයාවත් හිතුවෙ නෑ. ඉතිං අපි වැඩ කරන්න බලය ඉල්ලලා ඉල්ලීම් ඉදිරිපත් කරනවා. මේක බරපතල ගැටළුවක්. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරුන්ට සිදු වෙලා තියෙන අසාධාරණය ආණ්ඩුවටත් එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි.

ඒ නිසයි අපි රාජ්‍ය අමාත්‍යංශ සඳහා ගැසට් මගින් විෂය පථයන් වෙන් කරන්න කියල ජනාධිපතිවරයාගෙන් වගේම අගැමැතිතුමාගෙනුත් ඉල්ලා සිටියේ. වැඩ කරන්න වගේම ජනතාව දුන් බලය රැකගැනීමත් වෙනුවෙන් තමයි මේ යෝජනා ඉදිරිපත් කරන්නේ. මේ වසරේ මුල් මාස දෙක තුළ මේ ගැටළුවට නිසි විසඳුම් ලබා නොදෙන්නේනම් අමාත්‍යධූරවල රැදී සිටීමෙන් පලක් නොවන බවත් එසේ වන්නේනම් කුමක් කරන්නේදැයි දෙවනුව සිතා බැලීමට සිදුවන බවත් අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කර සිටියේය.

මාධ්‍ය ඒකකය
නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාතංශය

0 views

9 Comments to “අමාත්‍යධූරවල රැදී සිටීමෙන් පලක් නෑ.. තීරණයක් ගන්නවා.. – රංග බණ්ඩාරත් පොටකට එයි..”

  1. leel says:

    අපොයි…තොපි අයින්වෙන තරමට රටට හොදයි…..මේ වසර එකහමාරට මහ බැන්කුව කොල්ලකාපු එක ඇරෙන්න කරපු උලව්වකුත් නැනෙ……

    • Hansaya says:

      ඒකම තමා බං මූත් කියන්නේ. ඇමති වරුන් තනියම කනව. මුන්ටත් කන්ඩ චාන්ස් එකක් දෙන්ඩ කියල ඔය අඬා වැටෙන්නේ.

  2. sujatha says:

    වැඩක් දෙන්න වැඩක් පුලුවන් වැඩක් දන්න කෙනෙකුට එපායැ. වැඩ පුලුවන් එකා ඒවා හොයාගෙන කරනවා. නිකම් කල්පනා කරන්න අපි ගෙදර සේවයට රියැදුරෙක් ගන්නව කියල. නමුත් එයාට වැඩ තියෙන්නෙ බොහොම සුලු වෙලාවක් දවස තුල කියමුකො. හරි වැඩකාරයෙක් නම් ඕනතරම් වැඩ හොයාගෙන කරන්න පුලුවන් නේද. ගෙදර සුද්ද පවිත්‍ර කරන්න උයන්න පිහන්න සුලු සුලු රෙපයාර් කරන්න පැල වලට වතුර දාන්න ආප්ප ඉඳිආප්ප පිට්ටු වගේ කෑම උයල දෙන්න තීන්ත ගාන්න ආදී දේවල් හොයාගෙන කරනවනෙ. තමුන්ට පුලුවන්නෙ ඕනැ තරම් හොයාගෙන කරන්න. ඔහේ විතරක් නෙමේ ඔහෙලගෙ පාන්ඩුවෙ ඉන්න එකෙකුට මෙලෝ වැඩක් දන්නෙත් නෑ කරන්නත් බෑකරන්න වැඩක් ගැන හිතාගන්නවත් බෑ නොවැ

  3. sembakuttiarachchi says:

    මෙලෝ දෙයක් ඉගෙන නොගත් පොලිස් කාරයෙක්නෙ ඕයි තමුසෙ. මොනවද ඕයි තමුසෙගෙ නිපුනතා. ගිහින් පාරෙ රැකල ඉඳලා වාහනයක් නවත්තල කීයක් හරි අතමිට මොලව ගන්න බැරියැ. එහෙමත් නැත්නම් කසිප්පු පොලක් වටලනවකො

    • Sihala Yaka - සිහල යකා says:

      හිනා කාල මැරෙනව 🙂

      . මුංගෙ රෙද්දෙ රාජ්‍ය ඇමති කං.

      ඔය එකෙ ඇමතියෙක් වත් නෙවි වැඩ කරන්නෙ නිලධාරීන්.
      ඇමතියො ඔක්කොම කකා බිබී වාහන බිස්නස්, කොමිස් බිස්නස් කරමින් ඉන්නව​.
      මුන්ට ඒව නැති නිසා බුරනව​.

  4. බන්ඩා says:

    අනවශ්‍ය විදිහට රටට දරාගන්න බැරි හැට හුටහමාරක් අැමතියල පත්කොර ගත්තහම ඔහොම තමය්. කොන්දක් තියනව නම් වහාම ඔය වැඩකට නැති අැමති කමින් අයින් වෙයන්

  5. Champa says:

    The world’s first ever self-reshuffled Cabinet!!!

    When will the PM, the Finance Minister and the Foreign Minister resign?

  6. එනපොට හොඳනැත වැලයන පැත්තට දැන්ම ඉඳන් ගහමුද මැස්ස නරියත් ඉස්සර ඔහොම කිව්වලු කනයන්ට පාන ඇල්ලුවම ඔහොම වෙනවලු?

  7. nanayakkara says:

    පාණ්ඩු වේ ගඩොල් ගැලවීම ඇරඹේ 01-ලේකම්වරු 02.ශ්‍රිලනිප මුක්කුකරුවන්03.ඌඇම්පී නරියන්

Main News