අමාත්‍යාංශ මාරුකලේ හොරුන්ගේ.. දූෂිතයන්ගේ.. වංචාකරුවන්ගේ..

May 23, 2017 at 1:20 pm | lanka C news
අමාත්‍යාංශ මාරුකලේ හොරුන්ගේ.. දූෂිතයන්ගේ.. වංචාකරුවන්ගේ..

රටත් ජාතියත් පාවාදෙන ආණ්ඩුවම සංශෝධනය කෙරෙන තුරු බලා සිටින ජනතාවට හිසරදයට කොට්ටය මාරු කරනවාක් වැනි සිල්ලර ඇමැති සංශෝධනවලින් ඵලක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ නඩු කටයුත්තක් සඳහා අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

බලයට පත් ව ඉතාම අඩු කාලයක් තුළ දී ජනතා අප්‍රසාදයට පත් ව සිටින වර්තමාන ආණ්ඩුව එම අප්‍රසාදය වළක්වා ගැනීමේ අරමුණෙන් විවිධ වූ උපාය මාර්ග අනුගමනය කරමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ අදහසක් අනුව සිදු කෙරුණු කැබිනට් සංශෝධනය ද ජනතාව නොමඟ යැවීමේ තවත් එක් උපාය මාර්ගයක් බව පැහැදිලියි. මේක තනිකරම ඇස් බැඳුමක්

කලින් පැවැති රජයේ වංචා, දූෂණ ගැන කියමින් බලයට පත් වූ වර්තමාන ආණ්ඩුවට වසර දෙකහමාරක් පිරී ඇතත් කිසිදු වංචාවක් හෝ දූෂණයක් සාධාරණ නඩු විභාගයකින් ඔප්පු කරගන්න බැරි වුණා. අනෙක් අයට හොරු යැයි ඇඟිල්ල දිගු කරන ආණ්ඩුව අද හොරුන්ගේ තිප්පොළක් බවට පත් වෙලා කියන එක අද රටට රහසක් නෙමෙයි.

මුදල්, කෘෂිකර්ම වගේ අමාත්‍යාංශය භාර ඇමැතිවරුන් විසින් සිදුකළ බව කියන දූෂණ වංචා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ විශාල ආන්දෝලනයක් හටගෙන තිබුණා. ආණ්ඩුවේ ඉන්න හොරුන් එළවීම සඳහා කැබිනට් සංශෝධනයක් සිදුකරන බව , මහින්ද අමරවීර, ඩිලාන් පෙරේරා වැනි ඇමැතිවරුනුත් සැරෙන් සැරේ කිව්වා.

සිවිල් සංවිධානනියෝජිතයන් කළ ඉල්ලීමක් අනුව කැබිනට් සංශෝධනය සිදුකළා කියලා ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට පත්වීම් ප්‍රදානය කරමින් කියලා තිබුණා. අපට මතක ආකාරයට එදා සිවිල් සංවිධාන දැඩි ලෙස කිව්වේ දූෂණ, වංචා චෝදනා ලත් ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ වහාම මාරු කළ යුතුයි කියලයි.

ඒ අනුව අපට පේන්න තියෙන්නේ අමාත්‍යාංශ මාරුවට ලක් වූ ඇමැතිවරුන් දූෂිතයන් හෝ වංචාකරුවන්කියලයි. අමාත්‍යාංශ මාරු කරන ලද ඇමැතිවරුන්ට එහෙම චෝදනා නැත්නම් අපට කල්පනා කරන්න වෙන්නේ ආණ්ඩුවේ නායකයන් විසින් ඔවුන් දූෂිතයන් ලෙස නිකරුනේ හංවඩු ගහලා තියෙනවා කියලයි.

බොරු චෝදනා එල්ල කරලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාස ගණන් රිමාන්ඩ් භාරයේ තියන, අධිකරණ ගාණේ රස්තියාදු කරන ආණ්ඩුව තමන්ගේ ඇමැතිවරුන්ගේ චෝදනා වසා ගැනීමට අමාත්‍යාංශ මාරු කිරීම වැනි සිල්ලර දඬුවම් පැමිණවීම එදා බලයට පත් වීමේ දී දිවුරා පොරොන්දු වූ යහපාලනයට එකඟදැයි කියලා අහන්න අපට සිද්ධ වෙනවා.

ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයක් කරනවා කියලා කියනකොට ජනතාව බලාපාරොත්තු වූයේ දැනෙන වෙනසක් සිදුවෙයි කියලයි. මිනිස්සු හිතුවා චෝදනා තියෙන ඇමැතිවරුන්ට ජනාධිපතිවරයා පාඩමක් උගන්වයි කියලා හිතුවා. අන්තිමට පාඩමක් ඉගෙන ගන්න වුණේ බලාගෙන හිටපු මිනිස්සුන්ටමයි.

අද ජනතාවට ඕනේ වෙලා තියෙන්නේරටටත් ජාතියටත් වින කරන මෙම ආණ්ඩුව වෙනස් කිරීම මිසක් මේ ආකාරයේ සිල්ලර සංශෝධන නෙමේ කියලා කවුරුත් තේරුම් ගන්න ඕනේ. හිසරදයට කොට්ටය මාරු කරනවා වගේ කරන මෙවැනි බොළඳ ක්‍රියාවන් තුළින් රට හමුවේ ඇති ව්‍යසනය උග්‍ර‍ වෙනවා කියලා පාලකයන් වටහා ගත යුතුයි.

ඒ හින්දා තවත් මේ වගේ විහිළු නොකර ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ඨ කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය සුරකීම සඳහා පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ වහාම තියන්න කියලත් අපි බල කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ටත් අපි කියන්න කැමැතියි ඇමැති කටුවලට ලෝභ නොවී රටත් ජාතියත් රැක ගැනීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා.

– ප‍්‍රදීප් අනුර කුමාර

46 views

5 Comments to “අමාත්‍යාංශ මාරුකලේ හොරුන්ගේ.. දූෂිතයන්ගේ.. වංචාකරුවන්ගේ..”

  1. Mohammadu says:

    Prasannage Mallory Arjuna ranatungada varaye horakam kalada? Obath piligannawa Arjuna ranatungada horek kiyala.

  2. love nature says:

    අද දවස ‘‘ගමරාළලා’’ මෝඩ කමක් අරුමයක් නොවේ.

    ඉතා පුරාණයේ සිංහල රාජධානියේ කුඩා ගමක් භාරව සිටි ගම් ප‍්‍රධානියා ගමරළ නමින් හැඳින්වූ බව පෙනේ. ඇතැම් විට ඉපැරණි ගම්සභාවේ ප‍්‍රධානියා වූයේද ගමරාළ කෙනෙකි. ඇතැම් විට ඔහු රජුගේ සුළු මුළාදෑනියෙක් විය. ගමේ මුළාදෑනියා වශයෙන් ගමරාළට රාජකාරියක් පැවැරුනත් ඔහුගේ ප‍්‍රධාන රැකියාව වූයේ ගොවිතැන බ බොහෝ ජනකතාවලින් පැහැදිළි වෙයි. ඇතැම් ගමරාළ කෙනෙක් කපටි පුද්ගලයෙක් ද ඇතැම් ගමරාළ කෙනෙක් මෝඩයෙක්ද වෙති. ඉංගී‍්‍රසි යටත් විජිත යුගයෙහි සිටි ඇතැම් මුළාදෑනියන් ද අකුරු පවා හරිහැටි නොදත් නූගතුන් වූ බව අපේ මුත්තලා අපට පවසා ඇත. එසේ නම් පෙර රජ දවස ‘‘ගමරාළලා’’ මෝඩ කමක් හමාරක් කැරුම අරුමයක් නොවේ.

  3. love nature says:

    ලබ්බෙ තොවිලෙ වා ගේ- ගමරාළ පස්සේ යන අයට වෙනදේ

    එක්තරා ගමරාළ කෙනෙකුගේ විශාල ලබු ගෙඩියක් හටගෙන තිබුණි. හෙතෙම ගැමියන් කිහිප දෙනෙකු ලවා එය ගෙදර ගෙනගොස් ඇස්ස කපා ශුද්ධ කොට වියලෙන්නට තැබුවේය. නොබෝ කාලයකින් ගමරාළට තොවිලයක් කිරීමට සිදුවිය. ගමරාල යකැදුරන් හමුවී බුලත් දී ආරාධනා කොට තොවිලයට අවශ්‍ය කටයුතුද යෙදීය. යකැදුරන් පැමිණ තොවිලය නටන්නා වූ දින රාත්‍රීයේ මහා වැස්සක් වසින්නට පටන් ගත්තේය. මුළු පළාතම වතුරෙන් යටවී ගම රාළගේ ගෙදර සියල්ලෝමද අර යෝධ ලබු ගෙඩිය තුළට රිංගා ගත්තේය. ලබු ගෙඩිය තුළට වතුර ඒම වැළැක්වීම පිණිස එහි ඇස්ස වසා ඉටි තබන ලදී. යකැදුරෝ ලබු ගෙඩිය තුළ යාගය සිදු කළෝය. ලබු ගෙඩිය ජලයේ පාවී මුහුදට ගියේය. යෝධ ම්‍ත්සයෙක් එය මුහුදේදී ගිල දැම්මේය. එදින ගැමියෙක් ව්‍යංජනයකට සුදුසු යමක් සොයා ගොස් උකුස්සා දැක වු මරාගෙන අවුත් බිරියට දුන්නේය. මේ උකුස්සාගේ පිහාටු ගලවා බඩ පැළුවේය. බඩ තුළ මත්සයෙකු සිටින අයුරු දුටු ඕ සැමියාට කථාකොට ඒයද ‍පෙන්වූවාය. මත්සයා ඉවතට ගත් ඕ උගේද බඩ පැළුවේය. මාළුවාගේ බඩ ඇතුළේ ලබු ගෙඩියකි. ස්ත්‍රි කැත්තක් ගෙන ලබු ගෙඩියද පැළුවොය. “මිනිස්සු, මිනිස්සු ” කියමින් ලබු ගෙඩිය තුළ සිරවී සිටි පිරිස සියල්ලෝම මහ හඩින් දවුල් බෙර ගසමින් ඉවතට පැමිණියෝය.

  4. ranjith perera says:

    මුන්ට සල්ලිත් නෑ. දන්න වැඩකුත් නෑ. බටහිරයොයි ඉන්දියන් කාරයොයි හදල දීපු පාන්ඩුව කොරගන්න බැරුව එහාට මෙහාට දුව දුව ඉන්නව හරක් රෑනක් වගේ. තුඃ නොදකිං.

  5. samitha silva says:

    mun hitiye maradane kuli geka ada mun kotipathiyo munwa aththadanguwa ganda ona awun amathikan karanawa kalakanni

Main News