අමාරුම කාර්යය පටන් ගන්නේ ගංවතුර බැස්සට පස්සෙයි..- අර්ජුන

June 3, 2017 at 8:40 am | lanka C news
අමාරුම කාර්යය පටන් ගන්නේ ගංවතුර බැස්සට පස්සෙයි..- අර්ජුන

ආපදා සහන සැලසීම ගැන විපක්ෂය කියන කථා ඇසෙන විට තමන්ට සිනා යන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. මේ බව කියා සිටියේ කළුතර ආසනයේ ආපදාවට පත් වූවන්ට සහන සැලසීමේ විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදීයි. ආපදාවට පත් වූ දිස්ත්‍රික 6ක සම්බන්ධීකරණ කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධායකවරු පත් කල අතර කළුතර ආසනයේ සංවිධායක ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පත් කෙරිණ. ඒ අනුව කළුතර ආසනයේ ආපදා සහන සැලසීමේ කමිටුව අද රැස්වූයේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.

කළුතර ආසනයේද මේ වනවිට ග්‍රාම නිලධාරී වසම් ගණන 42ක පවුල් 2609ක් ආපදාවට පත්ව තිබේ. ආපදාවට ලක්වූ මුළු පුද්ගලයින් ගණන 9956කි. නිවාස 9කට පූර්ණ හානිද තවත් නිවාස 30කට අර්ධ හානිද සිදුව තිබේ. වෙළඳසැල් 6ක්ද විහාරස්ථාන 3ක්ද පාසල් 2ක් සහ තැපැල් කාර්යාලයක්ද හානියට පත් වී ඇත.

කමිටු රැස්වීමෙන් පසු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසුවේ ආපදාවට ලක් වූ ස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට සමගාමීව ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහිද දැඩි සැලකිල්ලක් දක්වන බවයි. ආපදා නතර කිරීමට නොහැකි වුවත් එයින් පීඩාවට පත් වූ ජනතාවට උපරිම සහන සැලසීමට වත්මන් ආණ්ඩුව සමත් වී ඇතැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය.

“ආණ්ඩුව කරන හොඳ දේවල් ගැන විපක්ෂය කවදාවත් කථා කරන්නේ නෑනේ. විපක්ෂයට ඕන මේවත් විකුණගෙන කන්න. තව ගංවතුර එන ඒවයි භූමිකම්පා එන ඒවයි තමයි කථා කරන්නේ. ඒ වගේ පහත් තත්ත්වයකට විපක්ෂයේ ඇතැම් අය අද පත්වෙලා තියෙනවා. බලය නැති වුණාම ඇතැම් අය එවැනි පහත් තත්ත්වයකට පත් වීමත් පුදුමයක් නෙමයි. මම නම් ඕව අහන්නේවත්, බලන්නේවත් නෑ. ඕව අහන කොට මට නම් හිනා යනවා. අවුරුදු 10ක් බලයේ ඉඳලා කරන්න බැරි දේවල් තමයි ඒ අය කථා කරන්නේ. අද ආපදාවකදී රටක් හැටියට කුලමල, ජාතිභේද බලන්නේ නැතිව සියලු දෙනාම එක් වෙනවා. රාජ්‍ය නිලධාරීන් අද තමන්ගේ කාර්යභාරය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිතුමා ආපදාවට පත් වූ ප්‍රදේශවල එක් එක් ආසනය සඳහා සංවිධායකවරුන් පත් කළේ එම කාර්ය තවත් වේගවත් කරන්න. ඇතැම් විට නිලධාරීන්ට රතු ඉරවල් පනින්න බැහැ. එවැනි අවස්ථාවලදී ඔවුන්ට සහාය වීම මේ සංවිධායකවරුන්ගෙන් අපේක්ෂා කරනවා. කළුතර ආසනයේදී ඒ කටයුත්ත පැවරිලා තියෙන්නේ මට. බොහෝ විට මේ ආසනයේ ගංවතුර මේ වන විට පහව ගොස් තියෙන්නේ. දැන් තමයි අමාරුම කාර්යය පටන් ගන්නේ. ඒ සඳහා මුහුණදීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.” යැයිද අමාත්‍යවරාය වැඩිදුරටත් පැවසීය. කමිටු රැස්වීමෙන් පසුව ආපදා සහන බෙදා දීමේ මධ්‍යස්ථානද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

– තමීර මංජු

10 views

3 Comments to “අමාරුම කාර්යය පටන් ගන්නේ ගංවතුර බැස්සට පස්සෙයි..- අර්ජුන”

  1. බන්ඩා says:

    රජයෙ නොහැකියාව නිසා සාලාවෙ හමුදා අායුධ ගබඩාව පුපරල ගෙවල් කඩ විනාස වෙලා දැන් අවුරැද්දකට වැඩිය්. මහින්ද රජය වෙන් කල මුදල් වලින් මීතොටමුල්ල කුණු කන්ද ප්‍රශ්ණය නිරාකරනය නොකල නිසා කුණු කන්ද නාය ගිහින් මිනස්සු මැරැනා. ගෙවල් විනාස වෙලා දැන් මාස තුනකට වැඩිය්. කලින් ගංවතුරට කඳු කොච්චර නාය ගියාද ගෙවල් විනාස උනාද. තවම ඒ් අනාථ උන අයට ගෙවල් හදල දීල නැහැ. වැඩ බැරි අර්ජුන අැමතියා මෙතන බය්ල කියනවා.

  2. wipula says:

    අනේ පල ගොනා යන්න. දැන් තමා ලේසි කාර්ය, මුලින්ම තමා අමාරු කාර්ය, මු එනවා විලම්බීත කියවගෙන්, තොපිට මොන කර්යවත් කරන්න බැරි පොන්න රැලක්

  3. Lolla says:

    Well said Wipula

Main News