අමාරුවෙන් අල්ලා ගත් කිලිනොච්චියේ කොටි මූලස්ථානයෙන් හමුදාව අකුලාගෙන පල්ලම් බහී..
October 6, 2016 at 10:00 am | lanka C news
කොටි සංවිධානයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වූ කිලිනොච්චියේ පරවිපන්ජාන් ප්‍රදේශයේ ගොඩනැඟිලිවලින් හමුදාව ඉවත් වී ඇත.
ඊළාම් බැංකුව, සාම මහලේකම් කාර්යාලය, ටොසි බුද්ධි සේවාව අරමුදල් කාර්යාලය ඇතුළු කොටි කාර්යාල රැසක් ක්‍රියාත්මක වූයේ මෙම ස්ථානයේ සිටය.
මෙතෙක් පරවිපන්ජාන්හි රැඳී සිටි හමුදාව එහි තිබූ ගොඩනැඟිලි රජයේ දිසාපතිට භාරදී ඇත. 2002 වසරේ පෙබරවාරි 21 සහ 22 ප්රභාකරන් සටන් විරාම ගිවිසුම අත්සන් කළේ මෙම පරවිපන්ජාන් ප්‍රදේශයේ සිටය.
පරවිපන්ජාන් ප්‍රදේශයේ සිටි ද්‍රවිඩ ජනතාව පලවාහැර කොටි සංවිධානය ඔප්පු විනාශ කර එහි ඉඩම් සිය පාලනයට ගෙන තිබේ. මෙම පරවිපන්ජාන් ප්‍රදේශයේ හමුදාව ඉවත් කිරීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් දැඩි උත්සාහයක් ගෙන ඇත.
– Divaina