අමු තේ දළු මිල පහත වැටෙයි…

June 14, 2019 at 2:10 am | lanka C news
අමු තේ දළු මිල පහත වැටෙයි…

අමු තේ දළු කිලෝවක් සදහා ලැබෙන මිල ඉකුත් මාස වලට සාපේක්ෂව රැපියල් දහයකින් පමණ පහත බැස ඇතැයි කුඩා තේ වතු හිමියන් සදහන් කරති.

තමන් විසින් තේ වෙලෙන්දන් වෙත සපයන අමු තේ දළු කිලෝවක් සදහා පසුගිය මාස වල රැපියල් අනුවක මුදලක් ලැබුණු බවත් එය මෙ දිනවල රැපියල් අසුවක් තරමි මිලකට අඩු විඇති බව ඔවුහු පවසති.

ඉදිරි මාස වල එය තවත් අඩු විය හැකි බවට තේ් වෙලෙන්දන් විසින් තමන්ට දන්වා ඇති බවද කුඩා තේ වතු හිමියන් කියති.

පොහාර ,රසායනික දියර , මෙන්ම කමිකරැවන් සදහ විශාල වියදමක් දරා පවත්වාගෙන යන තේ වගාව සදහා සාධාරණ මිලක් නොලැබිම හේතුවෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවන බව තේ කුඩා තේ වතු හිමියන් සදහන් කරති.

කුඩා තේ වතු හිමියන් විසින් සපය අමු තේ දළු ප්‍රදේශයේ ගමිමාන වල සිටින ඇතැමි තේ වෙලෙන්දන් විසින් භාර නෙගැනිමටද කටයුතු කරන බව තේ වතු හිමියන් කියති.

කෙසේ වෙතත් අමු තේ දළු මිල දිනෙන් දින පහත වැටුනත් වෙලෙදපොලේ නිමි තේ කොළ කිලෝවක මිල ඒම අගයෙන් පවතින බව වතු හිමියන් පවසති.

තමන්ගෙන් මිලදි ගන්නා අමු තේ දළු මිල අඩු වුවත් තමන්ට පාරිභෝජනය සදහා නිමි තේ කොළ කිලෝවක් මිලදි ගැනිමට සැම විටම වෙලෙදසල් වලට ඉහළ මිලක් ගෙවිමට සිදුවන බවද තේ වතු හිමියන් වැඩිදුරටත් සදහන් කරති.

– සම්පත් ප්‍රියනන්දන

4,761 Viewers
Main News