අමු මාළු කන්න එපා.. රෝග ගණනාවක් හැදෙනවා..- වෛද්‍ය පාදෙණිය

November 18, 2020 at 3:50 pm | lanka C news
අමු මාළු කන්න එපා.. රෝග ගණනාවක් හැදෙනවා..- වෛද්‍ය පාදෙණිය

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දෙන්නේ මාළුන්ගේ සම තුල බැක්ටීරියාවන් වර්ග සහ ක්‍ෂුද‍්‍ර ජීවී වර්ග ආහාර ජීරණ පද්ධතියට දැඩි ලෙස හානි කල හැකි බවයි.

එමෙන්ම ඔවුන් ඔවුන්ගේ ශරීරයේ බැක්ටීරියා සහ වෛරස් තවත් බොහෝ ප්‍රමාණයක් තිබෙන නිසා අමුවෙන් ආහාරයට ගැනීම මනුෂ්‍ය ශරීරයට අහිතකර බවද ඔහු කියා සිටියේය.

අමුවෙන් මාළු ආහාරයට ගැනීම පෙන්වීම දරු පරපුරට නරක පූර්වාදර්ශයක් බවත් ඔහු සඳහන් කළේය.

ඒ නිසා අනිවාර්යෙන්ම මාළු හොඳින් සෝදා පිරිසිදු කර පිසගෙන ආහාරයට ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු ආහාරයට ගැනීම ගැන අද මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේ.

58,815 views

34 Comments to “අමු මාළු කන්න එපා.. රෝග ගණනාවක් හැදෙනවා..- වෛද්‍ය පාදෙණිය”

  1. Lol says:

    Wadiya kohewath giye nathi kenek meya 😂

  2. Sajith says:

    ඒ අනිත් පිස්සා. දෙවෙනි රැල්ල පටන්ගද්දී බයවෙන්න එපා. අපි දැන් ලෙඩේ ගැන හොඳට දන්නවා, සීමාවන් දාන්න ඕන නෑ කියල එහෙම පටන්ගත්තේ.

  3. Buddhist says:

    Padeniya kiyana ekke aththanam ada Japanaye Kawruth pana pita inna ba. Mamath Sashimi (amu malu kanawa).

    • Ruhdtug says:

      Its logical.. japane amu maalui mehe amu maalui wenas ethi neda? Ewa ehe pirisinduwa visha beeja nasala gannawa ethi neda? Ethakota oya sushi sashimi walata daana sauce chutney warga walinuth wisa beeja merenawa ethi neda?

  4. Sena says:

    ඔය අමු මාළු රාජපක්ස කෙනෙක් කෑවනම් මෙයා කට අරින්නේ නැහැ

  5. ivan says:

    This fellow open his mouth for every thing , not his buisiness

Main News