අමු මාළු කන්න එපා.. රෝග ගණනාවක් හැදෙනවා..- වෛද්‍ය පාදෙණිය

November 18, 2020 at 3:50 pm | lanka C news
අමු මාළු කන්න එපා.. රෝග ගණනාවක් හැදෙනවා..- වෛද්‍ය පාදෙණිය

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දෙන්නේ මාළුන්ගේ සම තුල බැක්ටීරියාවන් වර්ග සහ ක්‍ෂුද‍්‍ර ජීවී වර්ග ආහාර ජීරණ පද්ධතියට දැඩි ලෙස හානි කල හැකි බවයි.

එමෙන්ම ඔවුන් ඔවුන්ගේ ශරීරයේ බැක්ටීරියා සහ වෛරස් තවත් බොහෝ ප්‍රමාණයක් තිබෙන නිසා අමුවෙන් ආහාරයට ගැනීම මනුෂ්‍ය ශරීරයට අහිතකර බවද ඔහු කියා සිටියේය.

අමුවෙන් මාළු ආහාරයට ගැනීම පෙන්වීම දරු පරපුරට නරක පූර්වාදර්ශයක් බවත් ඔහු සඳහන් කළේය.

ඒ නිසා අනිවාර්යෙන්ම මාළු හොඳින් සෝදා පිරිසිදු කර පිසගෙන ආහාරයට ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු ආහාරයට ගැනීම ගැන අද මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේ.

59,990 views

34 Comments to “අමු මාළු කන්න එපා.. රෝග ගණනාවක් හැදෙනවා..- වෛද්‍ය පාදෙණිය”

  1. රාජන් says:

    සූශී කෑවමත් ලෙඩ වෙනවද ?

    • රාජන් says:

      නිවැරදි කිරීම : සශිමි කෑවමත් ලෙඩ වෙනවද ?

    • Mangala says:

      Sushi eaters don’t typically have to worry because sushi restaurants take certain steps in handling and preparing their fish. A required step involves freezing fish at temperatures of -4 degrees Fahrenheit (-20 degrees Celsius) for seven days, or frozen at -31 degrees Fahrenheit (-35 degrees Celsius) for 15 hours, which kills any parasites.

  2. HERATH says:

    පාදෙනිය මහතාණෙනි,ශිෂ්ඨාචාර ගතවූ කිසිවෙක් මේ මන්ත්‍රීවරයාගේ ක්‍රියාව අනුමත කරන්නේ නැත​.ඔබ පවසන පරිදි මේ අමනෝඥ පුද්ගලයා දරු පරපුරට දී ඇත්තේ ඉතා බරපතල වූ වැරදි ආදර්ශයකි.ඔහු මේ වන විටත් යථාර්ථය අවබෝධ කරගෙන සිටී නම් කල යුත්තේ ජාතියේ දරු පරපුරෙන් සමාව ගැනීමය​.එවන් දෙයක් මෙවන් පුද්ගලයින්ගෙන් බලාපොරොත්තු වීමටද නොහැකිය​.අපි ඔහුගේ විකල් වූ මනස සුව වේවායි පතමු.

  3. MAP Hemachandra says:

    ජපානයේ ශස්මි යනුනේ කන්නේ අමඅ මාලු.

    • Mangala says:

      එහෙනම් උඹ ජපානෙටම ගිහින් ඔය කියන අානමාලුම කකා හිටපන්.

  4. MAP Hemachandra says:

    ජපානයේ ශස්මි යනුනේ කන්නේ අමු මාලු.

  5. Nimal says:

    සජබ බත් බත් බැලයෙක් කියල තිබුණා ජපානේ අමු මාළු කනවනේ ඉතින් මෙහෙ කෑවම මොකද කියල , කොචර ගොන්ද කියනවනම් ඌ හිතාගෙන ඉන්නේ ජපානේ මිනිස්සුත් මේ බුරු පුතා වගේ මාළු පිටින් ගිලිනවා කියලා, පොඩ්ඩක් ඉන්ටේර්නෙට් එකේ හොයල බලපන් ජපානේ sashimi කන්නේ කොහොමද කියලා. අනික ජපන හැම මාලුවම අමුවෙන් කන්නේ නෑ, විසේසයෙන් coral පර අශ්‍රිතව ඉන්න පොඩි මාළු මොකද උන්ගේ කරමල්, කොරපොතු වල parasites ල ඉන්න හින්දා

  6. 2015 මීහරකා says:

    ඔන්න අපේ දොස්තර මහත්තයත් ඉල්ලං කන්න නේ හදන්නෙ. අපි කොච්චර කිව්වද ජපානෙ සහ තවත් රටවල අමු මාළු කනව කියල. අපි කිව්වෙ නැත්තෙ ඒව හදන විදියට රෝග කාරක නැතිවෙන බව විතරයි. ඒ ඉතිං අපේ හැටිම නේ. මඩ මිස වැඩ නැත. ගොම මිස කිසිම හොඳක් නැත.
    🐮

  7. Neutral countryman says:

    Mr. Padeniya.
    No comments on Muttiya???
    😁😁

  8. Wali says:

    Sashimi සහා shushi.. සදහා යොදාගන්නේ ඉතා හොද තත්වයේ (A grade) මත්‍ස්‍ය නිශ්පාදනවන අතර ශ්‍රිලාංකිකයන් වන අපට මෙම නිශ්පාදන (local market) ලබා ගැනීමට අපහසුය… කවුරුන් කෙසේ කීවත් අමු මාලු නොකා හිටියනම් සෞඛ්‍යට හිතකරය…

  9. Desa says:

    Some of the international media reported this as to promote hit back fish market. Susi is prepared one ,even raw no microbes.

  10. රික් says:

    හැමදේම පක්ෂේ පාට කන්නාඩියෙන් බලන්න එපා . මේ මනුස්සයා ධීවරයෝ අතර ඉන්න ඔවුන්ගේ ප්‍රශ්න දන්නා සහ ඔවුන්ගේ චන්ද ගන්න කෙනෙක් . චන්ද බලාගෙන හරි ඔහු ධීවරයෝ වෙනුවෙන් හඬක් නගපු එකයි කරලා තියෙන්නේ . කෑමෙන් කොරෝනා බෝවෙන්න තියෙන්නේ ඉතා අඩු සම්භාවිතාවයක් .
    අපේ අය මාස්ක් දාන්නේ නිකටට , අත් හෝදන්නේ නැහැ , එක ගොඩේ තෙරපි තෙරපි ඉන්නවා .
    හැබැයි මාළු කන්නේ නැහැ .
    දොස්තර මහතා කියන්න ඕනේ මළු කෑමෙන් කොරෝනා හැදෙන්නේ නැති බව මිසක් වෙන බයිලා නෙවෙයි නේද ?

Main News