අමු මිරිස් රුපියල් 1000 පනී… වට්ටක්කා 240යි.. එළවලු ගිනි ගණන්..

February 4, 2021 at 5:30 pm | lanka C news
අමු මිරිස් රුපියල් 1000 පනී… වට්ටක්කා 240යි.. එළවලු ගිනි ගණන්..

හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900ත් 1000ත් අතර මිලකට අලෙවි වන අතර වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 220ත් 240ත් දක්වා ඉහල ගොස් ඇත.

එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 450ත් 500ත් කැරට්, මෑකරල්,  බංඩක්කා, තක්කාලි, බෝංචි, ක්‍රිලෝව රුපියල් 200ත් 240ත් අතර මිලකටද, ලික්ස්, ගෝවා, නෝකොල්, ක්‍රිලෝව රුපියල් 160ත් 180ත්, අතර මිලකටද වම්බටු, පතෝල, එලබටු, වැටකොලු, ක්‍රිලෝව රුපියල් 250ත් 280ත් අතර මිලකටද කරවිල ක්‍රිලෝව රුපියල් 350ත් 370ත් අතර මිලකටද දෙහි ක්‍රිලෝව රුපියල් 300ක් වැනි මිලකටද අලෙවි වනු ඇත.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට එලවලු මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග කැම පැකට්ටුවේ මිලද ඉහල දැමිමට සිදුවන බව නගරයේ සමහර හෝටල් හිමියන්ද පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ එලවලු වෙලදුන් කිප දෙනකුම පවසනුයේ මෙම දිනවලදි එලවලු මිල ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත එලවලු අලෙවියද දැඩි ලෙස පහල බැසිමත් සමග තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

22,920 views

15 Comments to “අමු මිරිස් රුපියල් 1000 පනී… වට්ටක්කා 240යි.. එළවලු ගිනි ගණන්..”

  1. SKF says:

    නගරයේ තට්ටු නිවාසයක ඉන්න කෙනෙක්ටත් පහත දේවල් ගෙදරම පෝච්චි වල හිටවා ගන්න පුළුවන්.

    අමු මිරිස් පැල කිහිපයක්.
    වම්බටු පැල කිහිපයක්.
    තක්කාලි පැල කිහිපයක්.
    කරපිංචා පැලයක්.
    කැරට් පදුරක් .
    ලීක්ස් පැලයක්.

    මීට අමතරව පොඩි ගෙවත්තක් තියන අයට
    වට්ටක්කා වැලක්.
    මෑකරල් වැලක් දෙකක්.
    බීට් රූට් පැල කිහිපයක්
    ගෝවා පැල කිහිපයක්

    හිටුවා ගන්න පුළුවන්. ගොවියාගේ මහන්සියට අමතරව ප්‍රවාහන වියදම, වෙළෙන්දාගේ ලාභය, තෙල් පොහොර මිල ඔක්කොම එකතු වුනාම වියදම වැඩියි.

    • බූරු පුතාණෝ සජියා says:

      ඔය කියන විදියට හැමෝම එළවළු වවාගෙන කන්න ගියොත් එළවළු වගාකරන ගොවියන්ට මොකක්ද වෙන්නෙ?. ඒ නිසා අපි නම් ඕක කරන්නෙ නැහැ.

    • kada panuwa says:

      the best solution is green house, all the time during the rain prices goes up, but if we use green house systems we can get a similar crop through out, initial cost will cover in a years with increase crop and quality crop.

  2. ගොවියා says:

    එලවලු ගනන් යන්නෙ මුදල් තියනවා සැපයිම නැති කිසය්. කවුරැවත් මිඑිස් වවන්නෙ නැහැ. කෘඡිකර්මෙන් දෙන ඇට දහයක් දැම්මම දෙකය් පැල වෙන්නෙ.

    • මමත් ගොවියෙක් says:

      ගොවි ජන සේවා මධ්‍යස්තාන අන්තිම අසාර්තකය්. කොමිස් ගහන පල් හොරැ.

  3. ගයාන් says:

    ඉතින් මොකද එළවලු ගණන් ගියාට? ඉන්න රටක් තියෙනවනේ. බොරු ජාතිද්‍රෝහී කතා දාන්න එපා. අපි වැවුවොත් අපි කනවා. ‘ස’ ඉන්න කම් අපි බඩගින්නේ වුනත් ඉන්නවා.

  4. දිරවන්නෙම නෑ නේද බෙලව්..! says:

    අම්මපා..තොපිට කොස් පොල් බලමාලු දිරවන්නෙම නෑ නේද බොලව්..!

  5. බූරු පුතාණෝ සජියා says:

    එළවළු කන්න එපා අපේ කාලෙ වගේ ක්‍රෝටන් කාපල්ලා.

  6. sri says:

    🤪🤪🤪🤪😁😁😁

    පුච්චන්න තියෙන මලමිනී කරෝල කරන්න freezer container දුන්න වගේ කෑමට ගන්න එළවළු ටික තියා ගන්න දෙන්න බැරි යැයි

    🤣🤣🤣🤣🤣🤣

    • SKF says:

      මල මිනි වලට freezer දුන්නේ නැත්නම් ජෙප්පෝ මැරෙන්න හදනවනේ.
      අනික ගහෙන් කඩන එළවලු freezer එකේ දැම්මොත් වේලිලා කරවල වෙනවනේ.
      freezer එකේ දාපුවා අරන් එළියේ තිබ්බොත් කුණු වෙනවා.

      නිවැරදි ඇසුරුම සහ ඉක්මන් ප්‍රවාහනයයි අවශ්‍ය. කෝච්චියේ ගේන්න සෙට් කරන්න පුළුවන් නම් හොදයි. ඉස්සර සුද්දෝ තේ කොළ උඩරට ඉදලා කොලබ ගෙනාවේ කෝච්චියේ.

  7. ගොන් බයියා says:

    අපිනම් පුන්නක්කු කන නිසා අවුලක් නෑ ස තව වැඩි කරන්න

  8. DIGATAMA RENA NAALIKAWA says:

    saadu!! saaadu!!! 69 lakshyata sepada den??? thawa mila ganan 20 gunakinwath wedi viya yuthui. chande dunne mila ganan balala newei.rata gena hithala. eka nisa complain karanna epa plssss…🤪🤪🤪🤪😁😁😁🤪🤪🤪🤪😁😁😁

  9. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පන් කර්මාන්ත, බස්, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතබා ආර්ථිකයට කල විනාෂයේ ප්‍රථිපල ලැබෙමින් පවතී.

Main News