අමු මිරිස් 1000 පනී.. වට්ටක්කා 250යි.. එලවළු මිල අහසේ..

February 15, 2021 at 8:40 am | lanka C news
අමු මිරිස් 1000 පනී.. වට්ටක්කා 250යි.. එලවළු මිල අහසේ..

හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් දහස (1000/=) ඉහල යද්දි එලවලු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් දහස දක්වා ඉහලගොස් ඇති බවත් එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත් වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 240ත් 250ත් දක්වාද කරවිල ක්‍රිලෝව රුපියල් 350ත් 370ත් කැරට්, වම්බටු, මෑකරල්, පතෝල, බණ්ඩක්කා, එලබටු, වැනි එලවලු ක්‍රිලෝක රුපියල් 220ත් 260ත් අතර මිලකය විකිනෙන බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙයට අමතරව බෝංචි, ලික්ස්, ගෙඩි ගෝවා, වැනි එලවලුද ක්‍රිලෝව රුපියල් 180ත් 220ත් අතර මිලකට විකිනෙන බවත් මෙම තත්වයන් මත එලවලු ගැනිමේදි තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වන බවද එම ජනතාව පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමේදි අදහස් දක්වන එලවලු ගොවින් පවසනුයේ මෙම දිනවල එලවලු තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග එලවලු අලෙවියද දැඩි ලෙස පහල බැසිමෙන් තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.   

– මනුර සුදත් සෙල්ලහේවා

15,651 views

8 Comments to “අමු මිරිස් 1000 පනී.. වට්ටක්කා 250යි.. එලවළු මිල අහසේ..”

  1. නිකමා says:

    අනේ මංදා , ඒ උනාට ගොයියො නං කියන්නෙ උංනෙ අතට ලැබෙන්නෙ කිලෝවට රුපියල් දහයටත් අඩුවෙං කියල . අපිට දෙන්න වෙයි හිතලද දන්නෑ . කඋද බොරු කියන්නෙ දන්නෑ . අපිත් ඔහේ අහං ඉන්නෝ .

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    විමල් වීරවංශ මැතිතුමනි මීලඟ ජනපතිවරනයට ඉදිරිපත් වන්න මේරට බේරා ගත හැක්කේ ඔබතුමාට පමණි

  3. Kiribanda says:

    Janathawata duka dena palanaya nodanna anduwa aswela yanu. Thopata nomile. Apata kanna nehe. Hena hathak wedila winasawewa

  4. මහ මොළකරු says:

    දැන් ශැපද​?

  5. RATA WIRUWA says:

    මිරිස් ගහක් හිටෝ ගන්න බැරි … කොර වෙච්ච හරක් ටිකක් ඉන්න රටක් උනානෙ ශ්‍රී ලංකාව . ආණ්ඩුවට බනින්නෙ නැතුව එළවලු, මිරිස් ටිකක් වවා ගනිල්ලකො තමුන්ගෙ වත්තෙ . FB එකට වෙලා අනුන්ගේ ඕපාදුප හොයනවට වඩා වැඩක් නැහැනෙ ගොං අපතයන්ට. ලෝකේ අනිත් රටවල් ගැන හොඳට හොයල බලපල්ල youtube එකටවත් ගිහින්. හැම දේටම ආණ්ඩුවට දොස් කියල වැඩක් නැහැ….. නොම්බර එකේ කාලකන්ණි අපතයෝ ඉන්න රටක් වෙලා ශ්‍රී ලංකාව .

    • aniwa says:

      අනිවා මචෝ. 3% කුහක කතා, සේරම දේවල් ගෙදර වවන්න පුළුවන්
      එළවලු මිල කීය උනත් කමක් නෑ අපේ ගොට සරුයි අප්පච්චියි ඉන්නකල්
      ජයවේවා අපේ රාජපක්ෂවරුනි !

  6. david milibanda says:

    Lankikaya…. lankikayawama hapaa kayi…. Ajasaththa welendo.

Main News