අමු මිරිස් 1200යි.. නයි මිරිස් 2400යි…

August 8, 2022 at 7:10 pm | lanka C news
අමු මිරිස් 1200යි.. නයි මිරිස් 2400යි…

නයි මිරිස් කිලෝව රුපියල් 2400 දක්වාත් අමු මිරිස් කිලෝව රුපියල් 1200 දක්වාත් ඉහල මිලකට අලෙවි විමත් සමග මිරිස් වගා කරුවන්ගේ අතමිට මේ වන විට සරුවි ඇත.

මිරිස් මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග සමහර මිරිස් වගාකරුවන් ලපටි මිරිස්ද කඩා වෙළද පලට ගෙන ඒමත් සමග එම මිරිස් මිලදි ගන්නා පාරිභෝගිකයන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ නයි මිරිස් හා අමු මිරිස් මිල මෙසේ දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් වැඩි මිලටද ලබා ගන්නා සමහර මිරිස් ලපටි තත්වයේ පැවතිමත් සමග එම මිරිස්වල සැර ගතියක් නොමැති බවත්ය.

එමෙන්ම මේ වන විට එළවළු මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත තමන්ට එළවළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවද පාරිභෝගිකයන් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

3,915 views

2 Comments to “අමු මිරිස් 1200යි.. නයි මිරිස් 2400යි…”

  1. prasanna says:

    oya miris indiayawen genena ewa neda? ethskota lankawe govinge atha mita saruwenne kohomada?

  2. Sri Lankan says:

    Plant 2,3 Miris plants in your back yard.

Main News