අමු මිරිස් 950යි.. එළවළු ගිණි ගණන්..
January 29, 2021 at 8:40 am | lanka C news
හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මේ වන විට හැටන් නගරයේ අමු මිරිස් ක්රිලෝව රුපියල් 900/=ත් 950/=ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට්, බිට්, බෝංචි, මෑකරල්, නෝකල්, වට්ටක්කා, පතෝල වැනි එලවලු ක්රිලෝව රුපියල් 240/=ත් 280/=ත් අතර මිලකටද ලික්ස්, ගෝවා, රාබු, තක්කාලි, වැනි එලවලු ක්රිලෝව රුපියල් 120/=ත් 150/=ත් අතර මිලකට අලෙවි වන බවද ප්රදේශයේ ජනතාව පවසති.
එයට අමතරව මාලු මිරිස් ක්රිලෝව රුපියල් 380/=ත් 420/=ත් අතර මිලකටද මල් ගෝවා ක්රිලෝව රුපියල් 550/=ත් 600/=ත් අතර මිලකටද අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන්ට එලවලු කැමට ගැනිම අසිරු තත්වයක පවතින බවද එම ජනතාව පවසති.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් නගරයේ එලවලු වෙලදුන් පවසනුයේ පසු ගිය දිනවල පැවති වැසි තත්වයන් හේතුවෙන් බොහෝ එලවලු වගාවන් විනාශ විමත් සමග එලවලු තොග මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇති තත්වයන් මත එලවලු මිල මෙසේ ඉහල ගොස් ඇති බවත්ය.
එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග එලවලු අලෙවියද පහල බැස ඇති බවත් එම තත්වයන් මත පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුස්කරතාවයන්ට පත්ව ඇති බවද එම එලවලු වෙලදුන් වැඩි දුරටත් පවසන ලදි.
– මනුර සුදත් සෙල්ලහේවා
Mama Koropu hati . Hic… Hic… Hic 🤣🤣🤣🤣
ආණ්ඩුවට බාල්දිමයි වැටෙන්නේ දැන්
Amu miris wenuwata, Kochchi miris kaapalla. Ethakota Amu miris mila aduwevi. Hon. Bandula’s (Economist)
theory and great findings of the century!
දැන් සනීපද ?මහජන මුදලින් යැපෙන ඇතුව මාස දෙකක් කන්ඩ බැරි ජාතියක් අපි .මුදල් අච්චු ගහලා 5000.00 අහගන අරගෙන දැන් විඳවනවා .පැහැදිලි යථාර්ථය නම් නිෂ්පාදනය වැඩි නොකර නොමිලේ බෙදා දී රටක් දියුණු කළ නොහැක . මේ යථාර්ථය තේරුම් නොගන්නා මිනිසුන් සිටින රටකඉරණම වෙනස් කළ නොහැකිය .
Gewathuwala miris tikak wawaganna barida. amerikawe api inna paththe elawalu mila lankawata wada adu waga kiyanna puluwan. apith gewaththe elawalu wawanawa. pasugiya greesma kale murungath wawwa. Thaman yamak wawana eka awnambuwak nowe.
Pitarata ayata thiyana unnduwa lankawe minissunta neha. Lazy bastard. Kota Kota. Hindi
Films Bala Bala innawa