අඹතැන්නේ බෝම්බයක් පිපිරිලා.. කටුගස්තොට ගිනිතැබීම්..- අගමැති රනිල් ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක..

March 7, 2018 at 10:55 pm | lanka C news
අඹතැන්නේ බෝම්බයක් පිපිරිලා.. කටුගස්තොට ගිනිතැබීම්..- අගමැති රනිල් ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක..

මෙරට ඇතිව තිබෙන හදිසි තත්වය ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන ලදී.

එම සම්පුර්ණ ප‍්‍රකාශය පහත පරිදි වේ.

මා අද දින මේ ප්‍රකාශය සිදු කරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමටයි. තෙල්දෙණිය ප්‍රදේශයේ රියදුරෙකුට පහර දී, ඔහු මරණයට පත්වීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන වල සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳවත්, හදිසි නීතිය පැනවීම පිළිබඳවත් මා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මේ වන විට රටපුරා හදිසි නීතිය පනවා තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කළා.

අද දින, කටුගස්තොට හා අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගිනි තැබීම් සිදු වී තිබෙනවා. දැනට වාර්තා වී ඇති අන්දමට අඹතැන්න ප්‍රදේශයේ දී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත තිබූ අත් බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. මේ පිළිබඳව පොලිසිය විමර්ශන සිදු කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල නීතිය හා සාමය ක්‍රියාත්මක වෙනවා.

පවතින තත්ත්වය සළකා බලා හදිසි නීතිය යටතේ නැවතත් අද දින සවස 4.00 සිට මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා.

පූජ්‍ය පක්ෂයට අනතුරු සිදු වී ඇති බවට විවිධ කටකතා පතුරුවන නමුත් එබඳු කිසිඳු සිදුවීමක් සිදු වී නොමැති බව මම ප්‍රකාශ කරනවා.

එසේම, මහනුවර දිස්ත්‍රික්කය පුරාම ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය මේ වන විට යොදවා තිබෙනවා. ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු හා පොලිස් කටයුතු සම්බන්ධීකරණය සඳහා මධ්‍යම ප්‍රදේශයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුක්මන් ඩයස් මහතා පත් කොට තිබෙනවා. ඕනෑම ආකාරයක නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට සුදානමින් සිටින ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වැඩිපුර හමුදා භට පිරිස් මෙම ප්‍රදේශවලට පිටත් කොට තිබෙනවා.

ඒ වගේම, මහජනතාව නොමග යවන, වෛරය පතුරවන හා ජනතාව කුපිත කරවන සුළු අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කොට තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පනවා ඇති බැවින් හා රටපුරා හදිසි නීතිය ද ක්‍රියාත්මක වන බැවින් සාමකාමීව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම, ඔබේ ප්‍රදේශ වල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටේ අනෙකුත් ප්‍රදේශවල තත්වය සාමකාමී බව කියන්නට කැමතියි. බොරු ප්‍රචාර වලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල මෙන්ම කොල්ල කෑම් ආදී නීති විරෝධී ක්‍රියාවන්වල නිරත වන පුද්ගලයින්ට හා කණ්ඩායම්වලට එරහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය සෑම පියවරක්ම ගනු ලබන බව කියා සිටීමට කැමතියි.

මේ නිසා මා අවසන් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඇතුළු සියලුම ජන කොටස් වලින් ඉල්ලා සිටින්නේ මේ උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරීම සඳහා ඔබගේ උපරිම සහාය ලබා දෙන ලෙසයි.

රනිල් වික්‍රමසිංහ
– අග්‍රාමාත්‍ය

99 views

8 Comments to “අඹතැන්නේ බෝම්බයක් පිපිරිලා.. කටුගස්තොට ගිනිතැබීම්..- අගමැති රනිල් ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක..”

  1. කොහේ ඉන්න හමුදාව ගැනද කතාකරන්නේ ලොකු උන්නැහැ. දැන්ද තොපිට හමුදාව ගැන මතක් උනේ. හිටපු සියළුම දක්ෂ හමුදා නිලධාරීන් ටික තොපේ මාස්ටර්ලාගේ අණට කීකරුවෙලා හිරේ දාලා ඉවරයි නේද. බැරිවෙලාවත් කොල්ලකන්ට ආපු තම්බියෙකුටවත් වෙඩි තිබ්බොත් ඉන්න අනිකුත් නිලධාරිනුත් ඕක ඉවරකලාට පස්සේ යුධ අපරාධ කළා කියලා හිරේ දමාවි. දැන් තොපිට වෙන්නේ සරත් පොන්සේකා කියන කලවැද්ද , මංගල කියන ගෝතයා , කිරිඇල්ල කියනපරය සහ චන්ද්‍රිකා කියන වේසාවත් එකට එකතු කර බයිනෙත්තුවක් දීලා රට ආරක්ෂා කරන්ටත් කැරලි නවතන්ටත් යවන්නයි. ලගදීම තොපිට මිනිස්සු ගහනකොට තොපි රකින්ට තොපේ බල්ලා තියා බලලවත් එන්නේ නෑ .

  2. Karu Jayasuriya says:

    නියම අවස්ථාවක් ලබා ගත්තා ඔක්කොම අමතක කරලා වීරයෝ වගේ පෙනීසිටීමට. දැන් තාවකාලිකව සති කීපයකට ඉහත මාතෘකා ඔක්කොම අමතකe. නියම කපටි.

  3. PISSU PUSHA says:

    It may be him to established Camp similar to BATALANADA for killing

  4. වධකයා says:

    බටලන්ද ගැන හොද අත්දැකීමක් ඇති නේ

  5. sri lankan says:

    මෙම ගිනිගත් දේපළවලට වන්දි ගෙවනකොට රජයේ මුදල් වැය නොකර ඔඹ තුමාතුමන්ලාගේ පෞද්ගලික ධනයෙන් හෝ අඩුතරමින් රජයෙත් නොවන ඔබ තුමාතුමන්ලාගෙත් නොවන මාසිකව බැදුම්කර බෑණාට ලැබෙන රු කෝටි 45 හේ ලාබාංශයෙන් හෝ මේවාට උපදෙස් ලබාදුන් NGO කාරයන්ගේ ගිණුම් වල ඇති මුදල්වලින් සිදුකරන ලෙස ඉල්ලා සිටින්නෙමු. මොකද ඔබතුමාගේ දේශපාලන ප්රශ්ණ වලට ජනතාව වන්දි ගෙවියයුතු නොවන නිසා

Main News