අඹිලිපිටිය විනිසුරුවරිය නිරෝධායනයට.. සැමියා වැලිසර නාවිකයෙක්..

April 26, 2020 at 5:30 pm | lanka C news
අඹිලිපිටිය විනිසුරුවරිය නිරෝධායනයට.. සැමියා වැලිසර නාවිකයෙක්..

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් වරියද ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බව අනාවරණය වේ. ඒ මහේස්ත්‍රාත් වරියගේ සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ නිළදාරියෙකු වන බැවිනි.

ඔහු පසුගිය 12 දා පැමිණ නැවත 20 දා සේවයට වාර්තා කර ඇත. මේ දක්වා ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැත.

මහේස්ත්‍රාත් වරිය සිය කැමැත්තෙන්ම තම නිළ නිවසේම ස්වයං නිරෝධායනය වෙමින් සීටී.

ඒ හා සේවය කල පොලීසියේ නව දෙනෙකුටද ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

‘ඇඹිලිපිටියට වැලිසර නාවික හමුදා නිළධාරීන් හත් දෙනෙක් පැමිණ තිබෙනවා. අපි දැනට හතර දෙනෙක් සාර්තකව නිරෝධායනය කරගෙන යනවා. ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ පුද්ගලයා පසුගිය 18 වැනිදා තමයි ඇඹිලිපිටියට පැමිණ තිබෙන්නේ. ඔහු අපි පී.සී.ආර් පරික්ෂණයට යොමු කලා. අපිට දැනගන්නට ලැබුනා ඔහුට මේ වන විට නොරෝනා තත්වයක් ආසාධනය වී නොමැති බව’ යයි ඇඹිලිපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.එම්.කේ. බණ්ඩාර මහතා කීය.

වැලිසර හමුදා කදවුරේ භටයින් ඇඹිලිපිටිය ප්‍රදේශයට පැමිණීමත් සමග ඇතිවූ තත්වය පැහැදිලි කරමින් ඒ මහතා මෙම අදහස් පල කර සිටින ලදී.

එසේ උවත් නැවත අපි දින 10 කින් ඔවුන්ව පී.සී.ආර් පරික්ෂනයකට යොමු කිරීමට නියමිතය. ඉතිරි තිදෙනෙකුගේ පී.සී.ආර් පරික්ෂණ සදහා රත්නපුර මහ රෝහලට 25 දා රාත්‍රී යොමු කර ඇත. එක් අයෙක් පනාමුර දඹරයාය ප්‍රදේශයේත් අනෙක් කෙනා තුංකම ප්‍රදේශයේත්  අනෙත් කෙනා ඇඹිලිපිටිය හිගුර ආර ප්‍රදේශයේත් මේ අය අපේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ පී.සී.ආර් පරික්ෂණ වලට යොමුවී ඇත.

මේ වන විට මෙම සියලුම නාවික හමුදා නිළධාරීන් පැමිනි නිවාස නිරෝධායනයට ලක් කර ඇත. ඒ හා ආශ්‍රිත අයද නිවෙස්ද නිරෝධායනයට ලක් කර තිබේ.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

434 views

14 Comments to “අඹිලිපිටිය විනිසුරුවරිය නිරෝධායනයට.. සැමියා වැලිසර නාවිකයෙක්..”

  1. Hutaaa What about Ranjan? Does he needs to go for the quarantine? Haa no because that was last year incidents no!!

    • Sujatha says:

      Check the news and comment. Check the name of the judge. She is a lady

      • දේදුණු says:

        “She is a lady” කියල කිව්වේ “He is a lady” කියලත් ඉන්නවද ?
        අපේ රන්ජන් අය්යා ඔය කොයි කොයි ladies ලගේත් ළිං ඉහල තියනව. නිකන් නෙමෙයි සල්ලි දීල ඉහගන්නේ.
        අපේ මන්ත්‍රී තුමාට මොනා හරි මෙතන කිව්වොත් බලාගෙනයි.

  2. Mad says:

    දිස්ත්‍රික්ක හරහා ගමන්කිරීම සපුරා තහනම්කර තිබුණානම් මෙය වෙන් නේ නැහැ නේ?

  3. saman says:

    අදහස් දක්වන්න බයයි අදිකරණයට සම්බන්ද නිසා.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      කොරෝනාවලට අධිකරණෙ සම්බන්ද නෑ බං.

  4. chicken Boy. says:

    Thats how the wise people support the government. good example. Respect you hon madam.

    • Sanipa says:

      I cannot understand your respect.
      1. The navy officer whose job is to protect has violated the trust by traveling out of the district .For that many districts. Did he have approval of the navy command or did he use the office identity, if he used the Office IC it is misuse.
      2 The magistrate who is the keeper of the law has abetted in breaking the law .What can you expect from a magistrate. Judicial Services should Take note.
      Both have put at risk the lives of many millions .

  5. උපාලි says:

    මහපොළොවමත සිදුවන සියලුම දේ නානලා සහ දමිළ ඩයස්පෝරාව නිසා සිදුවන බව සිතන මන්දබුද්දික ආකල්ප වලින් තොර උදාර ජනසමාජයක ජීවත් වීමට හෙට පරපුරට වාසානාව උදාවේවා. බුදු සරනයි. දෙවි පිහිටයි.

    • වෙබ් බුවා says:

      යකෝ අදාල නැති කමෙන්ට්ස් දාන උඹ රිෂාඩ් නඩුවෙන් බේරන්න නේද කොන්ත්‍රාත්තුවක් ගත්තෙ

      • උපාලි says:

        වෙබ් බුවා
        ඔබ ඉඉතාමත් බුද්දිමත් බව පෙනෙනවා. සියලුම දේ පටු දේශපාලන කෝණයකින් බලන ඔබේ අයිතියට මම ගරුකරනවා. ඔබවෙනි උදාර පුතෙකුගෙ දෙමාපියනට බුදු සරනය. ඔබට ජය.

    • උපාලි ඔබ මන්ද බුද්ධිකයෙක් නොවන බව තහවුරු වී ඇත.ඒ සමග මිලේඡ කොටි ත්‍රස්ථ වාදයට වක්‍රාකරව වත්මනේ සහය දක්වන දේශදෙුා්හිකු බවද සනාත කර ඇත. මේ හලෝ නොදන්න මගුල පාඩුවේ ඉන්නව ඕයි.මොනවද ඕයි වීරෝධාර හමුදාවකට වක්‍රාකාරව ජඩ පාට් දාන්නේ. මෝඩ ආතල් නොදී තියෙන දෙයක් කාල ඉන්නාව ඕයි. මානසික රෝග තිබුනට කමක්නැ ප්‍රදර්ශනය නොකර ආතල් ගන්නව ඔ්යි

  6. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  7. උපාලි ඔබ මන්ද බුද්ධිකයෙක් නොවන බව තහවුරු වී ඇත.ඒ සමග මිලේඡ කොටි ත්‍රස්ථ වාදයට වක්‍රාකරව වත්මනේ සහය දක්වන දේශදෙුා්හිකු බවද සනාත කර ඇත. මේ හලෝ නොදන්න මගුල පාඩුවේ ඉන්නව ඕයි.මොනවද ඕයි වීරෝධාර හමුදාවකට වක්‍රාකාරව ජඩ පාට් දාන්නේ. මෝඩ ආතල් නොදී තියෙන දෙයක් කාල ඉන්නාව ඕයි. මානසික රෝග තිබුනට කමක්නැ ප්‍රදර්ශනය නොකර ආතල් ගන්නව ඔ්යි

Main News