අයවැයට පක්‍ෂ වෙන්න අප එක්කෙනෙකුට කෝටි දෙක බැගින් අල්ලස් දුන්නා..- TNA මන්ත‍්‍රී හෙලි කරයි..

January 23, 2018 at 3:50 pm | lanka C news
අයවැයට පක්‍ෂ වෙන්න අප එක්කෙනෙකුට කෝටි දෙක බැගින් අල්ලස් දුන්නා..- TNA මන්ත‍්‍රී හෙලි කරයි..

මෙවර අය-වැය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පහළොස් දෙනකු ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි දෙක බැගින් ලබා ගත්තේ යැයි එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා චෝදනා කරයි.

එය තමන්ට ඔප්පු කළ හැකි බවද හෙතෙම අභියෝග කරයි. මේ සම්බන්ධයෙන් ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයාගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය.

‘දෙමළ ජාතික සන්ධානය මෙවර අය-වැයට විරුද්ධව ඡන්දය ලබාදීමටයි පළමුව තීරණය කර සිටියේ. ඒ තවමත් අපගේ ජනතාවගේ ඉල්ලීම් ඉටු නොවීම හා යුද්ධයක් රටේ නොමැති පසුබිමක ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් කිරීමත් යන කාරණා හේතුකරගෙනයි. නමුත් හදිසියේම දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්‍රමුඛ පිරිස අය-වැයට සහාය ලබාදීමට තීරණය කළා.

මේ පිළිබඳව සොයා බැලීමේදී තමයි මෙම සිදුවීම මට හෙළි වුණේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රතිපාදන ලෙස හිමි වනුයේ කෝටියක මුදලක් පමණයි. නමුත් මා හැර දෙමළ ජාතික සන්ධානයේ ඉතිරි මන්ත්‍රිවරු පහළොස් දෙනාට තවත් කෝටිය බැගින් හිමිව තිබෙනවා. ඒ කොහොමද?

එම මුදල වියදම් කිරීමට සැලසුම් කර නැහැ. ඒ අනුව මට පෙනී යනුයේ එය දේශපාලන අල්ලසක් ලෙසයි. මම අය-වැයට විරුද්ධව කතා කළ නිසා මට මේ මුදල ලබාදී නැහැ. මම හිතන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු මේ කළ ක්‍රියාව වැරැදි කියලයි’

– Mawbima

11 views

8 Comments to “අයවැයට පක්‍ෂ වෙන්න අප එක්කෙනෙකුට කෝටි දෙක බැගින් අල්ලස් දුන්නා..- TNA මන්ත‍්‍රී හෙලි කරයි..”

  1. Pal says:

    Rathu Ali pataunta labunu Gana ganath Kiyapan Anurayo…

    Munta gam walata ringanna denna epa…

  2. Real says:

    JVP also enjoyed.
    They waited till late in the night until the money is given to them to vote in favor of the budget..

  3. daham says:

    meka saha suddenma raajya mudal ava bhaavitha kireemak. fcid eka vahaama me gana hoyanna one.

  4. kamalasirikuruwita says:

    මහා බැංකුවෙන් මංකොල්ල කාපු ඒවා වද්ද? මේවා කවද හරි එළිවෙනවා කියල මේ මීහරක් හිතන්නේ නැද්ද ? නැත්තං හිතන්න මොලයක් නැද්ද ? නැත්තං හැමදාම බලයේ ඉන්නද කල්පනාව ? දෙයියෝ තමයි දන්නේ .

  5. Niru says:

    Yahapalana in action !!

  6. Open mind says:

    වහා පරීක්ෂණ පැවැත් විය යුතුය. අල්ලස් දීම හා ගැනීම දෙක ම වරද වේ

  7. john the baptice says:

    රවී ගේ අයවැය සිරිසේන බොහොම හොදට පිලිගත්තා ඔහුටත් ලැබෙන්නත් ඇති නේද?

  8. ඕකද මහ කජ්ජ 2014 දී පිටරට ඉන්නා මෞස්ලිම් දෙමළ ජනතාවට ගුවන් ටිකට්දී ලංකාවට ගෙන්වා චංඳය දමා ගත්තේ රාජිත දතා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ඇවිත් හැමෝටම සුහදව සාකච්චා කොර ගියේ මහිඳට සහ රටටම කටුව ගහන්න​????????????

Main News