අයවැයට පෙර ලැබෙන සහන පැකේජය මෙන්න..

January 10, 2019 at 1:20 pm | lanka C news
අයවැයට පෙර ලැබෙන සහන පැකේජය මෙන්න..

දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධන කිහිපයක් නිසා ඇතිව තිබෙන බදු සහන පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම මගින් ප්‍රකාශ කළේය.

01 රාජ්‍ය සුරැකුම්පත් මත අයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කෙරේ.

02 මසකට රුපියල් 50000 නොයික්මවන කර්තෘභාග සඳහා අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත්කරන අතර එහි උපරිමය වසරකට ලක්ෂ පහක් බවට පත්කර තිබේ.

03 කුලී ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද 10% සිට 5%ක් දක්වා අඩුකර තිබේ.

04 අවුරුදු 18ට අඩු ළමයින්ගේ ඉතුරුම් හා ස්ථාවර තැන්පත් ගිණුම් මත අය කළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කෙරේ.

05 2019/04/01 දා සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් අය කරන ආදායම් බදු සීමාව 14%ක් දක්වා උපරිමයකට පමණි.

06 ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් මත රඳවා ගැනීමේ බදු අය කිරිමේ සීමාව රුපියල් 150000 සිට රුපියල් 300000ක් දක්වා වැඩිකෙරේ.

07 ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අනුමත වාණිජ බැංකු තුළ පවත්වාගෙන යන NRFC හා RFC ගණුම් මත අය කළ රදවා ගැනීමෙ බද්ද 2018/11/15 දායින් පසුව ඉවත් කෙරේ.

08 විදේශ ඉපයීම් ලංකාවට එවීමේදී අයකළ ආදායම් බද්ද 2018/11/15 සිට ඉවත් කෙරේ.

– ada.lk

65,182 Viewers

12 Comments to “අයවැයට පෙර ලැබෙන සහන පැකේජය මෙන්න..”

  1. අප්පුහාමිගේ මුණුපුරා says:

    යකෝ, මසකට රුපියල් 50000 නොයික්මවන කර්තෘභාග සඳහා අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කර අතර උපරිමය වසරකට ලක්ෂ පහක් බවට පත්කරෑ කියන්නේ (50,000/- X 12 + 600,000/-) කර්තෘභාගය තවත් ලක්ෂයකින් අඩු කරනලනේ …

    මු මේ නාඩගම් දාන්නේ විදේශීය රැකියා කරන උන් ට මොත්තේ දාල ඩොලර් ටික ලංකාවට ගෙන්න ගන්න…
    නැත්තන් $ එක නගිනවා 250/- වෙන්න මාස 6 ක් යයි

  2. බන්ඩා says:

    මහ පුදුමාකාර බදුනෙ මොංගල් මෙච්චර කල් ගහල තියෙන්නෙ. පිටරට හම්බ කරන මිනිස්සු ලංකාවට සල්ලි එවන එකත් පුදුමයක්.

  3. Apeksha says:

    Budget Rent A Car

  4. PSG says:

    These are the same Idiots who raised all the taxes. Raising the taxes and lowering it, is not a tax deduction. Only a election gimmick!!

  5. lokka says:

    appoint ravi as finance minister please

  6. SHANTHA says:

    Meka topiyak surangana katha. Budget eka win kara gannai me topiya nathuwa janathawa gana ithala neme. Mokada budget lost unoth kattiyatama akulagena yanna wenawane..pension nathuwa

  7. මෝස්තර ශිල්පියෙකුගේ මෝස්තර අයවැයක්.

  8. david milibanda says:

    Mongol following IMF advice……………..
    Okkoma selling daanne chande ganna ne.

    meda sare rawatenne nehe Mongol goiyo mahajanaya.

  9. Awamongalaya says:

    Badhu adukireem thulin ema krama weradi saha asadaarana bawa Amathiyama piliaragena thibenawa. Esenam asadaarana lesa ayakaragath ema badhu janathaawata aapasu labadiya / gewiya yuthui.

Main News