අයවැයට මුල්ම බෝම්බය බස් සංගම්වලින්.. 2500 අවම දඩ යෝජනාව ඉවත් කරන තුරු අඛණ්ඩ බස් වර්ජනයක්…

November 11, 2016 at 12:00 pm | lanka C news
අයවැයට මුල්ම බෝම්බය බස් සංගම්වලින්.. 2500 අවම දඩ යෝජනාව ඉවත් කරන තුරු අඛණ්ඩ බස් වර්ජනයක්…

2017 අයවැය මගිය් යෝජනා කර ඇති රථ වාහන වැරදිවලට අවම දඩය රුපියල් 2500 තෙක් වැඩි කිරීමට දැඩි විරෝධය දක්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි.

මුදල් ඇමති රවි කරුණානායක සමගා මේ සම්බන්ධයෙන් සාකච්චාවක් කරන බව පවසන සංගමයේ ගැමුණු විජේරත්න පවසන්නේ අදාල යෝජනාව ඉවත් කර නොගතහොත් එන සතියේ සිට රට පුරා අඛණ්ඩ බස් රථ වර්ජනයක් ආරම්භ කරන බවයි.

ලබන බදාදා දිනය අවසන් දිනය ලෙස ලබා දෙන බවත් එදිනට පෙර මෙම යෝජනාව ඉවත් කර ගත යුතු බවත් සංගමය අවධාරණය කරයි.

26 views

20 Comments to “අයවැයට මුල්ම බෝම්බය බස් සංගම්වලින්.. 2500 අවම දඩ යෝජනාව ඉවත් කරන තුරු අඛණ්ඩ බස් වර්ජනයක්…”

  1. Wele Maina says:

    pana digena passa hapaagena hoyapu wenasa hodada lamaine…?

  2. ලොගා says:

    බස්වලට නං 2500 අවම දඩේ උනාට කමක් නෑ කියලත් හිතෙනව. උන් එතකොටවත් ටිකක පරිස්සමින් යන්න බලයිනෙ. මොකද සමහර වෙලාවට බස් පාරේ දාන වැඩ කෑලි දැක්කම සාතන්ද බස් එක එලවන්නෙ කියල හිතෙනව

  3. Nareen says:

    Bus tika janasathu kala yuthui.

Main News